
අදත් මම අරගෙන එන්නෙ මේ 25 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් උන අලුත්ම බෝම්බයත් අරගෙන , වාර්ථා බිඳදමමින් තිරගත වන මෝහන්ලාල්ගෙ අලුත්ම ෆිල්ම් එක THUDARUM සමගින්
හුග කාලෙකට පස්සෙ මෝහන්ලාල් සහ ශෝබනා එකම ෆිල්ම් එකක ආයෙත් , චිත්‍රපටිය අධ්‍යක්ශණය කරන්නෙ තරුන් මූර්ති , මිනිහා මතක ඇතිනෙ SAUDI VELLAKKA , OPERATION JAVA ෆිල්ම් එහෙම බැලුවනම් , ඒවත් හුගක් සාර්ථක උන ෆිල්ම් , ඉතින් මෝහන්ලාල් වෙනුවෙන්ම මිනිහා හදපු සුපිරි ෆිල්ම් එකක් තමයි මේක , සුපිරි ෆෑන් බෝයි ෆිල්ම් එකක් හින්දා මිනිහා මෝහන්ලාල්ට දෙන්න තියෙන සුපිරි ම වටිනාකම දීලා තියෙනවා , ඒ වගේම ෆිල්ම් එකේ මෝහන්ලාල් රගපෑ බොහෝ ෆිල්ම් වල දෙබස් ඇතුලත් වෙලත් තියෙනවා , මට මතක් වෙන දෙබස් අයිති ෆිල්ම් වල නම් මම ෆිල්ම් එකේ රසවින්දනය වැඩිවෙන්නත් එක්ක උපසිරැසියට එකතු කරා , මොකද ඒ දෙබස් තිබ්බ තැන් වල තමයි මලයාලි රසිකයො වැඩිපුරම හිනාවුනේ , මීට අමතරව වෙනත් ෆිල්ම් වල දෙබසුත් තිබ්බා , ඔරිජිනල් අප්ඩේට් එක වෙද්දි මීට වඩා ඒ දෙබස් ගැන උපසිරැසියට ඇතුලත් කරන්නම්
ඒ වගේම කියන්න ඕන මේ ෆිල්ම් එකේ ආදායම ගැන , මේ ලිපිය ලියන මොහොත , ඒ කියන්නෙ 30 වෙනිදා දවල් වෙද්දි චිත්රපටියෙ ආදායම දින 5 ක් ඇතුලත කෝටි 100 ක් පමණ , ඒ වගේම කේරලේ පමණක් කෝටි 75 ක් විතර , ඉස්සරහා දවස් දෙකට කලින්ම බුක් කරපු ටිකට් වල ආදායමම විතරක් තියෙනවා කෝටි 10 කට එහා , ඉතින් අනිවාර්යයෙන්ම කේරලේ ඇතුලත දැනට වැඩිම ආදායමක් උපයපු 2018 ෆිල්ම් ( කෝටි 89.5 ක් පමණ ) එක අභිබවා ගිහින් පෙරමුණ අරගෙන කේරලයේ පමණක් කෝටි 100 උපයපු මලයාලම් ෆිල්ම් එක වෙන්නත් , මලයාලම් ඉන්ඩස්ට්‍රි හිට් එක වෙන්නත් සාමාන්‍ය අවස්ථාවක් තියෙනවා මේ ෆිල්ම් එකට , දැනට EMPURAAN ෆිල්ම් එක කෝටි 300 ක් විතර හොයලා තියෙන හින්දා ඒක ටිකක් අමාරුයි , හැබැයි කිසිම ප්‍රචාරණයක් හෝ වැඩි සිනමා ශාලා දර්ශණ වාර නොමැතිව මේ තරම් දුර ආවනම් දැන් හරි මීට වඩා දර්ශණ වාර වැඩිකරානම් හොද ගානක් හොයාගන්න පුලුවන් , ඊයෙ වෙද්දි(29) ලක්ශ 17 කට අධික පිරිසක් ෆිල්ම් එක බලලා කියලා තමයි ආරංචිය
නලු නිලියො ගැන කියනවනම් මෝහන්ලාල් , ශෝබනා , බිනී පප්පු , ප්‍රකාශ් වර්මා , තෝමස් මැතිව් , ෆර්හාන් ෆාසිල් වැනි නලු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා , ෆිල්ම් එකේ ධාවන කාලය පැය 2 විනාඩි 45 ක් පමණ , මේ වෙද්දි IMDb අගය 9.5/10 , ඒ වගේම THRILLER , DRAMA කියන කාණ්ඩයට තමයි අයිති වෙන්නෙ
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් කේරලේ පත්තනම් තිට්ටා දිස්ත්‍රික්කයේ රාන්නි කියන ප්‍රදේශයේ ඉන්නවා බෙන්ස් කියලා කෙනෙක් ,නැත්නම් ශංමුගම් (මෝහන්ලාල්)මිනිහා කුලී රත රියදුරෙක් , තමන්ගෙ කලු ඇම්බැස්ඩර් කාරෙකට පණ වගේ ලව් , පට්ට පාඩුවෙ තමන්ගෙ පවුල එක්ක සතුටින් ජීවත් වෙනවා , දවසක් මිනිහා ගෙ වාහනේ ගරාජ් එකට දාලා ගමනක් ගිහින් එද්දි වාහනේ පොලිසියට අරන් ගිහින් , ගරාජ් එකේ කොල්ලා වාහනෙන් ගංජා ඇඳලා , පලවෙනි අර්ධය පට්ට පාඩුවෙ ආතල් එකේ ගෙවී යනවා , මිනිහා වාහනේ බේරගන්න හෙන ගේමක් දෙනවා , ඔන්න මෙතන ඉඳන් තමයි සෙල්ලම වෙනස් වෙන්නෙ …… මීට වඩා කියලා තේරුමක් නෑ , ඔයාලට බාරයි
Quality | Size | Language | |
---|---|---|---|
HD CAM 720p | 900 MB | Malayalam | |
HD CAM 720p | 1.9 GB | Malayalam | |
HD CAM 1080p | 3.8 GB | Malayalam |
මෙම ලබා දී ඇති පිටපත HD කැමරා පිටපතකි. මෙය ගුණාත්මක බැවින් ඉහල නමුත් ඔරිජනල් පිටපත නොවේ.මෙය හදිසිකාරයන් සඳහා පමණි.ඉදිරියේද ඔරිජිනල් වෙබ් පිටපත් නිකුත් වූ පසු නැවත යාවත්කාලින කරනු ලැබේ.
🚫රැදී සිටින්න අප සමගම 🚫