Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Karmakhya (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Abhinaya Krishna
Year:2026
Subtitle By: ධනංජලී බන්ඩාර (CineSubz.lk)
Cast
Go Full Cast Pageසුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලට අරගෙන ඇවිලා තියෙන්නේ 2026 අලුතිම රිලීස් වුන Karmakhya කියන සුපිරි තෙලිගු movie එක.මේක Supernatural Mystery සහ Crime Thriller ගනයට අයත් වෙන movie එකක්. අපි යමු කතාවට.
පැරනි මිත්‍යා මත එක්ක ගොඩනැගුනු කතාවක් තමයි මේක.බිල්ලක් දුන්නම මැරුන අයට පණ දෙන්න පුලුවන් කියන දේ යන්ත්‍ර මන්ත්‍ර වලින් හොද කරන්න බැරි ලෙඩ හොද කරන්න පුලුවන් මේවගේ ගොඩක් දේවල් මේ කතාවෙදි දකින්න පුලුවන්.
මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ හොදම යාලුවෝ විදියට ඉන්න ගෑනු ළමයි දෙන්නෙක්.මේ දෙන්න එකිනෙකාට උදව් කරගෙන සහයෝයෙන් ඉන්නවා. ප්‍රවිලිකා කියලා කියන්නේ රක්ෂණ සමාගමක වැඩ කරන කෙනෙක්. දවසක් එයාගේ මහත්තයාගේ නංගිගේ එන්ගේජ්මන්ට් එකට යන්න නිවාඩු ගන්න බෑ කියලා එයාගේ මහත්තයා එක්ක කෝල් එකකින් රංඩු වෙන ගමන් ඉන්නේ. මේ වෙලාවේ එයාගේ යාලුවා රක්ශන ලියකියවිලි ගෙවල් වලින් අරන් එන්න බාරගන්නවා. මේ නිසා ප්‍රවිලිකාට එන්ගේජ්මන්ට් එකට යන්න පුලුවන් වෙනවා.
ප්‍රවිලිකා ගේ යාලුවට මෙතනදි තොරතුරු ගන්න යන්න වෙන්නෙ ටිකක් ඈතක තියන ගෙදරකට. මේ ගෙදර ඉන්නේ අම්මයි,තාත්තයි,මානසික ආබාධිත පිරිමි ළමයෙකුයි. එයාලගේ එකම දුව මැරිලා.ඒ ගැන එයාලා ගොඩාක් දුක් වෙමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ගෑනු ළමයා එයාගේ වැඩේ ඉවර කරලා එන්න යද්දී එයාට කෑමට ඉන්න කියලා කියනවා. මේ ගෑනු ළයත් මුලින් අකමැති වුනත් එයාලා කියන නිසා කන්න යනවා.කෑම කාලා එන්න හදද්දී ඒ තාත්තා මේ ළමයට තව ටික වෙලාවක් ඉන්න කියනවා. මේ දේවල් දකිද්දී මේ ගෑනු ළමයට සැක හිතෙනවා. මෙයා බෑ කියනවත් එක්ක මේ ගෙදර අම්ම දරුනු විදිහට මෙයාට කතා කරනවා ඒ එක්කම ගෑනු ළමයා කලන්තෙ දාලා වැටෙනවා.
මෙතනින් එහාට තමයි කතාවේ හොදම ටික වෙන්නේ.
ප්‍රවිලිකා ගේ යාලුවාට ඇයි ඒ ගෙදර අය එහෙම නවතින්න කිවුවේ?
සමහරවිට එයාව බිල්ලක් විදිහට පාවිච්චියට ගනීද?
එහෙම වුනොත් ප්‍රවිලිකා එයාගේ යාලුවා බේරගනී ද? නැත්තම්…
මොකද්ද වෙන්නේ කියන එක කතාව බලලම තමයි හොයා ගන්න පුලුවන්.ඒ වගේම මේ කතාවේ තියන විශේශ කාරනාවක් තමයි මේ ප්‍රවිලිකා ගේ යාලුවාගේ නම කතාව ඉවර වෙනකන්ම අපිට දැනගන්න වෙන්නේ නෑ.ඒ තරමටම ඊලඟ මොහොතෙ මොකක් වෙයිද කියන කුතුහලයෙන් බලන්න පුලුවන් movie එකක්.
මම ඔයාලා හැමෝටම මේ movie එක බලන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.



