Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

ඉන්දියාවේ පළමු කුලී ඝාතක කාන්තාව!

aby Do Die Do 2026 ඉන්දියාවේ පළමු කුලී ඝාතක කාන්තාව!
සුබදවසක් වේවා! මේ අවුරුද්දේ තිරගත වුණු ක්‍රියාදාම, අපරාධ සහ අභිරහස් කැටිකරගත්තු බේබි ඩූ ඩයි ඩූ 2026 කියන සුපිරි හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නැචිකෙට් සමන්ත් විසින්. මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් සුපිරි රංගනයක් ඉදිරිපත් කරන්නේ හූමා කුරේෂි. ඇයත් එක්ක සිකන්දර් ඛේර් සහ චන්කි පාන්ඩේ වගේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මීට දායක වෙනවා. සුපුරුදු බොලිවුඩ් රාමුවෙන් මිදිලා හදපු, කුතුහලයෙන් පිරුණු නියෝ-නොයර් ශෛලියේ සලරුවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
කතාව පැත්තට හැරුණොත්, මෙහි ප්‍රධාන චරිතය වෙන “බේබි” කියන්නේ කතා කරන්න වගේම ඇහෙන්නෙත් නැති, ඒත් මුම්බායි නගරයම හොල්ලගෙන ඉන්න අති දරුණු කුලී ඝාතකයෙක්. තමන්ගේ නිවුන් සහෝදරියව මරලා දාපු නරුමයන්ව හොයාගෙන පළිගන්න එක තමයි ඇගේ එකම අරමුණ වෙන්නේ. මුම්බායි නුවර වැසි ඇද හැලෙන රාත්‍රීන් වල රතු පාට කුඩයක් අතින් අරන් තමන්ගේ ඉලක්ක කරා යන ඇයට, තමන්ගේ මියගිය සහෝදරියගේ කටහඬ විතරක් අද්භූත විදිහට ඇහෙනවා. කොහොමහරි දවසක බේබිගේ සගයො කරන්න යන එක ඝාතන සැලසුමක් සම්පූර්ණයෙන්ම වැරදිලා යනවා. එතනින් එහාට ඇගේ පළිගැනීමේ මෙහෙයුමට මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
එහෙනම් දැන්ම cinesubz.lk වෙබ් අඩවියට ගිහින් සිංහල උපසිරැසි එක්කම තියෙන වීඩියෝව ඩවුන්ලෝඩ් කරන් මේ සුපිරි සිනමාපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!

Comments