Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

අයිස් ක්‍රීම් මාමා සහ ළමෝ..

මේ ෆිල්ම් එකේ කතාව ගෙතිලා තියෙන්නේ Bayleen Bay කියන නගරය වටා. දවසක් මේ නගරෙට කිසිම කතාවක් බහක් නැති අද්භූත මනුස්සයෙක් අයිස්ක්‍රීම් ට්‍රක් එකක් අරගෙන එනවා. නගරේ ඉන්න ළමයි මේ අයිස්ක්‍රීම් කන්න ගොඩක් පුරුදු වෙනවා.
හැබැයි ජැරඩ් (Jared) කියන ළමයාට කිරි ආශ්‍රිත කෑම කන්න අමාරු (lactose-intolerant) නිසා එයා මේ අයිස්ක්‍රීම් කන්නේ නැහැ. ටික වෙලාවකින් ජැරඩ් දකිනවා මේ අයිස්ක්‍රීම් කාපු ළමයි අමුතුම සිහියකින් වගේ ට්‍රක් එකේ තියෙන කාටූන් දිහා බලාගෙන ඉන්නවා.
එදා රෑ මේ අයිස්ක්‍රීම් කාපු ළමයි ඔක්කොම අමුතුම විදිහකට හැසිරෙන්න අරන්, දරුණු විදිහට එයාලගේම දෙමව්පියන්ව මරලා දානවා. පහුවදා මේ භයානක ට්‍රක් එක ඉස්කෝලෙටත් එනවා. අයිස්ක්‍රීම් නොකාපු ළමයින්ටත් බලෙන් මේවා කවන්න පටන් ගන්නවා.
ඉතින් මේ අයිස්ක්‍රීම් නොකාපු ජැරඩ්ටයි එයාගේ යාලුවො කිහිපදෙනාටයි මේ භයානක ළමයිනුයි, අයිස්ක්‍රීම් කාරයාගෙයි ග්‍රහණයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ අද්භූත අයිස්ක්‍රීම් කාරයාගේ ඇත්තම අරමුණ මොකක්ද කියන එක තමයි ෆිල්ම් එකේ ඉතුරු ටිකේ තියෙන්නේ. කුතුහලයෙන් බලන්න පුළුවන් ස්ටෝරි එකක් මේකේ තියෙනවා.

Comments