ගෙනාවේ සුපිරිම විද්‍යා ප්‍රබන්ධයක්. එච් ජි වේල්ස් විසින් රචිත The First Men in the Moon කියන විද්‍යා ප්‍රබන්ධය ආශ්රයෙන් 1964 දී නිර්මාණය වෙච්ච චිත්‍රපටය. ඔයාල දන්නවා නිල් ආම්ස්ට්‍රොන්ග් හඳ මතට ගොඩ බැස්සේ 1969 ජුලි 20. ඊට අවුරුදු 68 කට කලින් 1901 දී ලියපු කතාවකට අනුව මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1964 නොවැම්බර් 20. ඉතින් හඳ ගැන කිසිම දෙයක් නොදන්නවා අවධියක නිර්මාණය වෙච්ච චිත්‍රපටයක් උනත් අදටත් ලෝක ප්‍රසිද්ද චිත්‍රපටයක් මේක. IMDb අගය 6.7 ක් අරන් තියන චිත්‍රපටය ඔන්න දැන් ඔයාලට සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.
කතාව ගැන කියනවා නම් 1964 දී එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ ඒජන්සියෙන් හඳට යන ගගන ගාමින් හඳට පා තබන්නේ එයාල තමා ඒ වික්‍රමය කරන ලද පලවෙනි පිරිස කියල හිතාගෙන. ඒත් එයාලට ගොඩ බැස්සම දකින්න ලැබෙනවා එංගලන්ත කොඩියක් එක්ක ලිපි ටිකක් ඊට අවුරුදු 65 කට කලින් විස්තර ඇතුලත්. ඒ ගැන හොයනකොට දැනගන්න ලැබෙනවා අර්නෝල්ඩ් බෙද්ෆෝල්ඩ් කියන කෙනෙක් ඇතුළු පිරිසක් ඊට කලින් හඳට පා තබලා කියල. ඒ වගේම හඳේ බිහිසුණු කෘමි සත්තු ජාතියක් ඉන්නවා කියල. ඉතින් මොනවද වෙන්නේ කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. Adventure, Sci-Fi වර්ගයේ චිත්‍රපට කැමති අය මෙන්ම කලාත්මක චිත්‍රපට කැමති අයට මේ චිත්‍රපටය අසාවෙන් බලන්න පුළුවන්.