Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2292 Views
  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.0 1 1 vote
Dec. 23, 2016India149 Min.

Kaththi Sandai (2016) | කළු සල්ලි සුදු කිරීමේ සටන

දවසක් මහ රාත්‍රියේ ඩී.සී තමිල් චෙල්වන් කියන පොලිස් නිළධාරී තුමන් විසින් කෝටි 50 ක මුදලක් පැහැරගෙන යමින් තිබුණු කන්ටේනරයක් අත්ඩඅංගුවට ගන්නවා. ඒ සල්ලි කාගේද කියලා විමර්ශනය කරමින් ඉද්දි තමයි කොහේදෝ ඉඳන් විශාල් ඇවිත් ඩී.සීගේ නංගි තමන්නාට ආදරේ කරන්න පටන් ගන්නේ. ඒ පළාතේ නමගිය මැරයෙක් වෙන දේවා (සූරි) ගේ උදවුවෙන් කොහොම හරි විශාල් තමන්නාව දාගන්නවා. අවසානේ ඩී.සී තමිල් චෙල්වන්ගෙත් හිත දිනාගෙන විශාල් තමන්නාගේ ගෙදරටම රිංග ගන්නවා. දවසක් කවුරුත් නොහිතපු විදියට ඩී.සීව පිරිසක් විසින් පැහැරගෙන ගිහින් මුදල් ඉල්ලනවා. ඒ වෙලාවේ අදාළ මුදල ඇරගෙන ඩීසීව බේරගන්න යන්නේ විශාල්. එතෙන්ට ගිහින් මැරයින්ට හොඳටම ගහලා මස්සිනාවයි සල්ලියි දෙකම බේරගෙන ආපහු ගෙදරට එනවා. ඊට පස්සේ සිදුවන්නේ අපි කවුරුත් නොහිතපු දෙයක්..ඩීසීව පැහැරගැනීමේ ඉඳලා බේරගැනීම දක්වා සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ විශාල්. එතකොට තමන්නාට ආදරය කළේ බොරුවටද? වෙන්න පුළුවන්. එයා ඇයි එහෙම කළේ ? මොකද, එදා අත්අඩංගුවට ගත්තු කන්ටේනරයේ තිබුණේ කෝටි 50 ක් නෙවෙයි. කෝටි 300 ක් ! එහෙනම් ඉතිරි කෝටි 250 ට මොකද වුණේ? ඒ තමයි විශාල් ඩී.සීගෙන් අහපු ප්‍ර‍ශ්ණේ. එහෙම කියද්දි අපිටත් ප්‍ර‍ශ්ණයක් එනවානේ “තමුසේ කවුද? අපේ සල්ලි වලින් තමුසෙට ඇති උවමනාව මොකද්ද? “ කියලා..එහෙනම් ඔය ප්‍ර‍ශ්ණ සේරටම උත්තරේ හොයාගන්න පුළුවන් ෆිලුම බැලුවොත්.

හොඳ කතාවක් වුණාට චිත්‍ර‍පටිය නම් හොඳට කරලා තිබුණේ නැහැ කියලා කියන්න කැමතියි. චිත්‍ර‍පටිය ඕනැවට වඩා විහිළුවට බර කරන්න ගිහින් සවුත්තු කරගෙන. මේ කතාවේ පළවෙනි බාගය නම් ටිකක් විතර රසවිඳින්න පුළුවන් වුණා සූරිගේ කොමඩි නිසා. නමුත් අනිත් බාගේ නම් අවංකවම එපා කෙරෙවුවා අර වඩිවේලු කියන හාදයා. වඩිවේලු නැතුව වෙනත් කෙනෙක් දැම්මා නම් ෆිලුම තවත් හොඳ වෙන්න තිබුණා. තමන්නාටත් මේ චරිතේ අවශ්‍යමද කියලා මට හිතුණා. කොහොම වුණත් අවසානේ වෙද්දි නම් චිත්‍ර‍පටියේ යම් කිසි හොඳ ගලා යෑමක් දකින්න පුළුවන්. දේශපාලකයින්ගේ වැරදි වැඩ නිසා මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණකම් ගැන තමයි කතා කරලා තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Subtiltes By

ඉන්ද්‍රජිත් උදය කුමාර

(Baiscopelk)

IMDb Rating 3.2 305 votes
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaththi Sandai (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

HDTVRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Suraj
Director

Cast

Similar titles

Thadam (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Passengers (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Out-Laws (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dishoom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Secret Society of Second Born Royals (2020) Sinhala Subtitles
My Name Is Loh Kiwan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jack Reacher (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Newz (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published