Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන් CS Player එකෙන් බලන්න පුලුවන්.
Cast
Go Full Cast PageVettai (2012) | සහෝදර සෙනෙහස!
චිත්‍රපටයේ කතාවට යන්‍න කලින් පසුබිම ගැන කතා කලොත්, මෙහි ප්‍ර්‍ධාන නළු නිළියන් දෙදෙනා බැගින් රග පානවා. මන්‍ද මේකේ අයියා මලෝ චරිත දෙකයි, අක්‍කා නංගි චරිත දෙකයි තියෙන නිසා. අයියාගේ චරිතය “මාධවන්”ද, මල්‍ලිගේ චරිතය “ආර්‍යයා”ද රග දක්‍වයි. එමෙන්‍ම අක්‍කාගේ චරිතය “සමීරා රෙඩ්‍ඩි”ද, නංගිගේ චරිතය “අමලා පෝල්”ද රග දක්‍වනවා. සංගීත අධ්‍යක්‍ෂණය “යුවන් ෂන්‍කර් රාජා” අතින් සිදුවෙලා තියෙනවා. අධ්‍යක්‍ෂණය කරලා තියෙන්‍නේ “N. ලිංගුසාමී” විසිනි.
දැන් කතාව ගලාගෙන යන්‍නේ කොහොමද කියලා බලමු නේ. තිරු හා ගුරු කියන්‍නේ අයියයි මල්‍ලියි. තිරු කියන්‍නේ ගොඩාක් බියගුලු චරිතයක්. නමුත් ගුරු කියන්‍නේ එහෙම නෑ. අයියාට කවුරුහරි ගැහුවා කියන්‍නේ මල්‍ලි ගිහින් එගොල්‍ලන්‍ට පෙරලා ගහලා එනවා. මෙහෙම ඔවුන් ගේ ජීවිතය ගෙවෙද්‍දී, හදිසියේ ඔවුන් ගේ පියා මිය යනවා. පසුව ඔවුන් ගේ පවුලට මේ පොලිස් රැකියාව ලැබෙනවා. මල්‍ලි අයියාට බල කරනවා මේ නිළ ඇදුම පැලදගෙන රාජකාරියට යන්‍න කියලා. මන්‍ද ඔවුන් ගේ පියා, සීයා කියන්‍නෙත් පොලිස් කාරයින් නිසා. අයියා පොලිස් රාජකාරියට ගිය පලවෙනි දවසේම ඒ ගමේ ඉන්‍න ලොකු මැරයින් දෙදෙනෙකුගෙන් එකෙක් වන, මාරි කියන කෙනා පැහැරගෙන ගිහින් තියෙන පොඩි ලමයෙක්‍ව බේරන් එන්‍න කියලා පැවරෙනවා. නමුත් අයියා කියන්‍නේ බියගුලු කෙනෙක්. දැන් මෙයාට රාජකාරිය දාලා යන්‍න හිතයි. නමුත් මල්‍ලි ඇවිත් අයියාට කියනවා, ඔයා ඒ අයට කියන්‍න, මම තනියම ගිහින් බේරන් එන්‍නම් කියලා, හා එතන ඉදන් තනියම එන්‍න කියලා. මේ අත්‍රේ මල්‍ලී අයියාගේ නිල ඇදුම ඇදන් ගිහින් මැරයින්‍ට හොදටම ගහලා ලමයාව බේරගෙන අයියාට දෙනවා. අයියා ඒ ලමයාව අරගෙන පොලීසියට යනවා. පොලිසියේ කට්‍ටිය හිතන්‍නේ තිරු කියන්‍නේ කිසි බියක් නැති ලොකු හයියක් කාර කෙනෙක් කියලා. ඉතින් දිගටම අයියාට, මල්‍ලිගේ උදව් ගෙන රාජකාරිය කරන් යන්‍න පුලුවන් වෙයිද? මොනාද ඒ එන බාදා? මේ සත්‍ය කවුරුහරි දැනගනීද? ඒ එක්‍කම මේ දෙන්‍නාටම ගැලපෙන ලෙස අක්‍කා කෙනෙකුයි එයාගේ නංගියි බිරින්‍දෑවරුන් ලෙස ලැබෙනවා. ඒ කොහොමද සිද්‍ද වෙන්‍නේ? ආදර කතාව කොහොමද ගලාගෙන යන්‍නේ? මේ සෑම එකට පිලිතුරු චිත්‍රපටය තුල තිබෙනවා.


