2020 වසරේ ජැකී චෑන් රංගනයෙන් දායක වෙන වැන්ගාර්ඩ් සිනමාපටය මුලින්ම තිරගත නියමිත වෙලා තිබ්බේ ජනවාරි මාසයේ. හැබැයි ලෝක කොරෝනා වසංගතය නිසා මේ චිත්‍රපටිය දින නියමයක් නොමැතිව කල් යාම නිසා සැප්තැම්බර් වගේ වෙනකම් බලා ඉන්න වෙනවා තිරගත කරන්න. එහෙම බලා ඉදලා තිරගත වෙච්ච වැන්ගාර්ඩ් චිත්‍රපටයට IMDB අගය 4.4ක් වැනි අගයක් තමා ලැබිලා තියෙන්නෙ. ඒ වගේම කොරෝනා වසංගතයට හසු වුන අනෙක් චිත්‍රපටි වගේම මේ සිනමාපටයත් අපේක්ෂිත ආදායම් වෙත ළගා වී නැහැ.
Stanley Tongගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන චිත්‍රපටයේ ජැකී චෑන් සමග miya muqi, Yang yang, Zhu zhenzing, Jackson lou, Brahim Achabbakhe, Eyad Hourani යන නළුනිලියන් රංගනයෙන් දායක වෙනවා.
වැන්ගාර්ඩ් කියන්නෙ ජාත්‍යන්තර ආරක්ෂක සමාගමක්. චීන අළුත් අවුරුදු උත්සවයක් අතරතුර වැන්ගාර්ඩ් සමාගමේ සේවය ලබා ගන්නා VIP යුවළක් ලන්ඩනයෙදි පැහැර ගැනීමකට ලක් වෙනවත් එක්කම ඔවුන්ව මුදාගැනීමේ කාර්යයට වැන්ගාර්ඩ් ආයතනය මැදිහත් වෙනවා. මේ යුවළ පැහැරගැනීමේ කාර්යය තවත් ජාත්‍යන්තර කුලී හමුදා සංවිධානයක් විසින් සිද්ධ කරන අතර ඔවුන්ට ඒ සදහා අණ ලබා දෙන්නෙ ත්‍රස්ත සංවිධානයක නායකයෙක්.
ඔහු විසින් දිගින් දිගටම කරන ප්රයත්නයන්වලදි වැන්ගාර්ඩ් ආයතනයේ ආරක්ෂකයෙකු සහ පෙර පැහැරගැනීමට ලක් වූ යුවළගෙ දියණිය මේ කල්ලිය විසින් අල්ලා ගැනීමත් සමගම ඔවුන් මුදාගැනීමේ කාර්යයට වැන්ගාර්ඩ් ආයතනයට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා වගේම, එයින් ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වීමට යන විනාශයක් ගැනත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා.
හොදයි, එහෙමනම් මොන වගේ විනාශයක් වෙයිද? ඒක වැන්ගාර්ඩ් වළක්වා ගන්නෙ කොහොමද යන දේවල් ඔයාලා බලලම දැනගන්න. ඉතින් රේටින් පොඩ්ඩක් අඩු වුනත් වෙනදා වගේම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ක්‍රියාදාම පිරුණු සිනමාපටයක් තමයි ජැකී චෑන් මෙවරත් ගෙනල්ලා තියෙන්නෙ
Quality | Size | Language | |
---|---|---|---|
BluRay FHD 1080p | 2.2 GB | Other | |
BluRay FHD 1080p | 2.2 GB | Other | |
BluRay FHD 1080p | 2.2 GB | Other |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay HD 720p | 1.2 GB | Other | |
BluRay HD 720p | 1.2 GB | Other | |
BluRay HD 720p | 1.2 GB | Other |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 600 MB | Other | |
BluRay SD 480p | 600 MB | Other | |
BluRay SD 480p | 600 MB | Other |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 600 MB | Other | |
BluRay HD 720p | 1.2 GB | Other | |
BluRay FHD 1080p | 2.2 GB | Other |