Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Anything for Jackson (2020) | ජැක්සන් වෙනුවෙන්.

“මම දන්නේ නෑ
අනිත් අවතාර මොනවද කියල”.
“මම දන්නේ නෑ
ඇයි උන් මෙහෙ ඉන්නෙ කියල”.
“අපි හැමදේම වැරදියට කරල
තිබ්බොත් මොනව වෙයිද”?
“ටික දවසකින් ජැක්සන් ආයෙ
අපි ලඟට එයි”.
“ඊට පස්සෙ මං මේ මුළු ගේම ගිනිතියනව
ඉන්න අවතාර ඔක්කොමත් එක්කම”.

අපි ආදරේ කරන කෙනෙක් මැරුණම අපිට කොයි තරම් දුකක් වේදනාවක්ද? ඒත් ඒ මැරුණ කෙනෙක් ආයෙ අපි ලඟට ගන්න තියනව නම් අපි ඕනම දෙයක් කරනව නේද? ඒ වගේ දේකට මුහුණ දුන්න ජෝඩුවක් තමා වොල්ෂ් ජෝඩුව. තමන්ගෙ පණ වගේ ආදරේ කරපු තමන්ගෙ එකම මුණුපුරා මැරුණට පස්සෙ ඒ මුණුපුරා ආයෙ මේ ලෝකෙට ගේන්න ඕනෑම දෙයක් කරන්න දෙපාරක් හිතන්නෙ නැති දෙන්නෙක් තමා ඒ දෙන්න. දෙන්න එකතු වෙලා ක්‍රමයක් හොයාගන්නව වැඩේ කරන්න. ඒත්.. එතනින් එහාට කියල වැඩක් නෑනෙ. මුණුපුරා ආයෙ එනවද? මොනවද මෙයාලට ඒක කරද්දි මුහුණ වෙන්න වෙන දේවල්? මේ ඔක්කොම ෆිල්ම් එක බලලම දැනගමු නේද?

Comments