Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Creed (2015) | මම අත්වැරදීමක් නෙවෙයි

ඇපලෝ ක්‍රීඩ්ගේ අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙක් තමයි ඇඩෝනිස් ක්‍රීඩ්. ඇඩෝනිස් උපදිනකොට තාත්තා මියගිහින්. අම්මාත් මිය ගියාට පස්සේ අනාථ නිවාසවලට භාර වෙන ඇඩෝනිස්ගේ අලුත් අම්මා වෙන්නේ ඇපලෝගේ නීත්‍යානුකූල බිරිඳ මේරි ඈන්. තාත්තාගේම පුතා නිසා ඇඩෝනිස්ගේ හිතත් බොක්සිං ක්‍රීඩාවටම ඇදිලා යනවා. ඒත් ඇඩෝනිස් කැමති වෙන්නේ නෑ තාත්තාගේ නම පාවිච්චි කරන්න. ඒ නිසා ඔහු ලෝකයාට ඇඩෝනිස් ජොන්සන්. බොක්සින්වලින් ලෝක ශූරයෙක් වෙන්න හිතාගෙන පුහුණු කරුවෙක් හොයාගෙන යන ඇඩෝනිස්ට කිසිකෙනෙක් උදව් කරන්නේ නෑ. අන්තිමට ඇඩෝනිස්ට මුණ ගැහෙන පුහුණුකරුවා තමයි තාත්තාගේ හොඳම යාලුවෙක් වෙලා හිටපු තාත්තාවත් පරාජය කරපු ෆිලඩෙල්ෆියාවේ පුරාවෘත්තයක් විදියට සලකන රොකී බල්බෝවා. ඉතිරිය ඔයාලට. කාලෙකින් බලපු හොඳම ෆිල්ම් එකක්.

Creed (2015)

Creed II (2018)

Creed III (2023)

Comments