Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Ayyappanum Koshiyum (2020) | වියරුව

ආයුබෝවේවා! අද අරගෙන ආවේ Action-Thriller කාණ්ඩයට අයිති මලයාලම් චිත්‍රපටයක්. 2020 පෙබරවාරි 07 වෙනිදා නිකුත් කෙරුණු මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sachy විසින්. ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක වෙන්නේ කවුරුත් දන්නා හඳුනන Prithviraj Sukumaran සමගින් Biju Menon. විචාරකයන්ගෙන්ද හොඳ ප්‍රතිචාර දිනාගත් මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.9 ක අගයක් ලබා ගැනීමට සමත්කම් දක්වා තිබෙනවා.

කතාව ගැන බැලුවොත්, මේ කතාව ගෙතෙන්නේ කෝෂ සහ අයියප්පන් නායර් කියන පොලිස් නිළධාරියා වටා. කෝෂි කියන්නේ හිටපු හමුදා නිළධාරියෙක්. එයාගේ ඩ්‍රයිවරුත් එක්ක දවසක් මත්පැන් භාවිතය තහනම් වනාන්තරයක් හරහා වෙනත් නගරයකට යන්න පිටත් වෙනවා. හොඳටම වෙරි වෙලා ඉන්න කෝෂි යන මේ වාහනය පොලිසියෙන් නවත්තනවා. බීමත්කම නිසා සහ එතනදි සිදුවන සිදු වීමක් නිසා කෝෂිව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා.එතනදි තමයි උප පොලිස් පරික්ෂක නායර්ව මුණගැහෙන්නේ.

කෝෂි කියන්නේ බොහොම බලපුලුවන්කාරකම් තියෙන උදවිය අඳුරන චරිතයක්. ඒ නිසා මුලදි පොලිසියේදි එයාගේ අහංකාරකම තමයි පෙන්වන්නේ. හැබැයි පස්සේ කොච්චර අයැදීම් කරත් කෝෂිට දවස් 10ක් හිරේ ඉන්න වෙන විදිහට නායර් වැඩේ සිද්ද කරනවා. හැබැයි ඔය අතරේ පොලිසියේ සිදුවන දෙයක් කෝෂි ෆෝන් එකේ රෙකෝඩ් කරගන්නවා. හිරේ ගිහින් ආවට පස්සේ මේ රෙකෝඩ් කරගත්තු වීඩියෝ එක මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා කෞෂි නායර්ගෙන් පළිය ගන්නවා. එතනින් තමයි මේ දෙන්නගේ වියරුව පටන් ගන්නේ. තවත් වෙනස්ම පැත්තක් ගැනත් කතාවේ දකින්න ලැබෙනවා. ඒවා ඉතින් චිත්‍රපටය රසවිඳලම බලාගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

 

Comments

August 15, 2026

සුපිරි.. කී පාරක් බැලුවද මතක නෑ.. ආපු කාලේ ඉඳන් සෙට් වෙන හැම සැරේම බලනවා.