Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 5 votes
Oct. 15, 1999Germany139 Min.
Fight Club (1999) | මා නොවන මම

Fight Club (1999) එහෙමත් නැතිනම් සටන් සමාජය කියන්නේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක ඩේවිඩ් ෆින්චර් විසින් අධ්‍යක්ෂණය කළ ඇමරිකානු චිත්‍රපටයක්. මේ සිනමා කෘතියට පාදක වන්නේ Chuck Palahniuk විසින් රචනා කළ,1996දි නිකුත් වුණු Fight Club ග්‍රන්ථයයි. IMDb දර්ශකයේ 8.8/10ක ඉහළ අගයක් ගනිමින් එදා මෙදාතුර වැඩිම IMDb අගයක් ලබාගත් ලැයිස්තුවේ 11 වන ස්ථානය දිනාගැනීමට Fight Club සිනමාපටය සමත් වුණා. ඊට අමතරව ඔස්කා සම්මානයකට නිර්දේශ වී තවත් සම්මාන 12ක් දිනාගන්නට මේ සිනමාපටය සමත් වුණා. 90 දශකයේ වඩාත් ආන්දෝලනයකට සහ කතාබහකට ලක් වුණු Fight Club, මුලදී අපේක්ෂිත බොක්ස් ඔෆිස් වාර්තා අතරට නොගියත් ගෘහස්ථ වීඩියෝ පිටපත නිකුත් වීමත් සමඟ ප්‍රබල වාණිජ සාර්ථකත්වයක් ලැබුවා.

2009දි චිත්‍රපටයේ නිකුත් වීමේ දසවන සංවත්සරයේදී මේ චිත්‍රපටයේ Remastered පිටපතක් නිකුත් වුණා. මේ යොදා ඇති උපසිරැසිය ඒ නව පිටපත හා ගැළපෙනවා. මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි බයිස්කෝප් අඩවියේ ලබාදී නොතිබුණු නිසා මීට උපසිරැසියක් කරන මෙන් රවිඳු හේෂාන් සහෝදරයා කළ ඉල්ලීමක් අනුවයි, මා බෙහෙවින් ප්‍රිය කළ මේ චිත්‍රපටයට උපසිරැසි නිර්මාණය කළේ. එහෙම කැමැත්තෙන් භාර ගත්තත් ඇත්තෙන්ම පේළි 2000කට වැඩි, එමෙන්ම තරමක සංකීර්ණ අදහස් සහිත වැකි අන්තර්ගත වුණු මේ උපසිරැසිය කිරීමට හිතුවට වඩා කාලයක් ගත වුණා.ඒවා ගැන වැඩි විස්තර වලට නොයා අපි කතාව දෙසට හැරෙමු.

මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් වෙන්නේ නිර්නාමික කථිකයෙකුගේ දෘෂ්ටි කෝණයෙන්. ඒ නිර්ණාමික චරිතයට පණ පොවන්නේ එඩ්වඩ් නෝටන් විසින්. වෘත්තියෙන් මෝටර් රථ නිෂ්පාදන ආයතනයක සේවයේ නියුතු ඔහු Recall Coordinator එහෙම නැතිනම් ‘යළි කැඳවීමේ සම්බන්ධීකාරක’යෙක් ලෙසයි රැකියාව කරන්නේ.( ඒ කියන්නේ තමන් සේවය සපයන වාහන නිෂ්පාදන ආයතනයට අයත් වාහන වලින් වන අනතුරු වලදී අනතුරට හේතු වන දෝෂය එම වාහන මාදිලියටම පොදු එකක් දැයි සොයා බලා, එම වාහන මාදිලියට අයත් වාහන යළි නිෂ්පාදන සමාගමට හෝ එහි නියෝජිත ආයතනයකට ගෙන්වා එම දෝෂය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇතිදැයි සොයා බැලීමේ කාර්යයි ඔහුගේ රැකියාව. මෙතැනදී අදාළ පුද්ගලයා යළි කැඳවීමේ අවශ්‍යතාවය සොයා ගන්නේ, සියලුම වාහන එසේ කැඳවා පිළිසකර කිරීම කොතෙක් දුරට ආයතනයේ මූල්‍යමය තත්වයට සහ ව්‍යාපාරයට කෙසේ බලපාන්නේද යන්න සලකා බැලීමෙන් අනතුරුවයි. චිත්‍රපටය නැරඹීමේදී මේක වැදගත් වෙයි කියා සිතුණු නිසයි මේක සඳහන් කළේ.)

අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහු නින්ද නොයෑමේ රෝගය හෙවත් ඉන්සොම්නියා රෝගයට ගොදුරු වෙනවා. වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමට ඔහු ගියත් වෛද්‍යවරයා ලබාදෙන බෙහෙත් වලින් ඔහු සෑහීමකට පත් වන්නේ නැහැ. ඔහු වෛද්‍යවරයා සමඟ වාද කරද්දී තමන් විඳින මානසික පීඩනය සහ වේදනාව ගැන කියද්දී වෛද්‍යවරයා ඔහුට කියනවා වේදනාව කියන දේ ගැන අදහසක් ගන්න ඕනෙ නම්, වෘෂණ කෝෂ පිළිකා සහිත රෝගීන්ට උපදේශන දෙන ස්ථානයකට ගිහින් බලන ලෙසයි. මේ අවවාදය ලැබුණාම කථිකයා කරන්නේ එවැනි විවිධ ආබාධ සහිත පුද්ගලයන්ට මානසික උපදේශන සපයන ආයතනයකට යාමට හුරු වීමයි. අන්වර්ථ නාමයකින් ඒ ස්ථාන වලට යන ඔහු තමන්ටද එවැනි සුව කිරීම අපහසු රෝගයක් වැළඳී ඇති බවට ව්‍යාජ ලෙස ඒත්තු ගන්වනවා. ඒ රෝගීන් සමඟ දුක සැප බෙදාගැනීමෙන් ඔහුට තමන්ගේ නින්ද නොයෑමේ රෝගයට සහනයක් ලැබෙනවා.

එහෙත් හදිසියේම ඒ වැඩසටහන් වලට හුදෙක් විනෝදය පිණිස සහභාගී වන මාර්ලා සිංගර් ඔහුට හමුවෙනවා. ඇයගේ පැමිණීම තමන්ගේ මානසික සහනයට තර්ජනයක් ලෙස දකින ඔහු ඇය සමඟ එකඟතාවයකට පැමිණෙනවා උපකාරක වැඩසටහන් වලට එකිනෙකා හමු නොවන ලෙස බෙදාගෙන යාමට. කෙසේ වෙතත් රාජකාරි ගමනකදී නිර්නාමික කථිකයාට හමුවන ටයිලර් ඩර්ඩ්න් ඔහුගේ සමීප මිතුරෙක් බවට පත් වෙනවා. තමන්ගේ නවාතැනේ කාමරය ගිණි ගැනීමෙන් පසු ඔහුට ටයිලර් ගේ නවාතැනට යාමට සිදුවෙනවා. ඔවුන් දෙදෙනා රහසිගතව සටන් සමාජයක් (Fight Club) සෑදීමට පියවර ගන්නේ ගතානුගතික ජීවිතයෙන් ගැලවීමට ඒ දෙදෙනාටම ඇතිවන පෙළඹවීමක් මතයි. කෙසේ වෙතත් මේ සටන් සමාජය නිසා කථකයාගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට නොසිතූ ආකාරයේ බලපෑම් රැසක් එල්ල වෙනවා. ඔහුගේත් ටයිලර්ගේත් කතාව මැදට හිටිහැටියේම මාර්ලා සිංගර් ද පැමිණෙනවා. මුල සිට අගටම කුතුහලයෙන් නැරඹිය හැකි ලෙස ගොඩනඟා ඇති මේ චිත්‍රපටය අවසානයේදී අනපේක්ෂිත ලෙස කතාවේ පෙරළියකට හෙවත් Plot Twist එකකට ගමන් කරන අන්දම ඔබට දකින්නට ලැබේවි. ඒ ගැන වැඩි විස්තර කියන්න අපේක්ෂා කරන්නේ නැහැ. කිව්වොත් වැඩක් නෑනේ!

මේ චිත්‍රපටයේ නිර්නාමික කථකයා ලෙස රංගනයෙන් දායක වන්නේ Edward Nortan. ඒ වගේම මාර්ලා සිංගර් ලෙස Helena Bonham Carter ද, ටයිලර් ඩර්ඩ්න් ලෙස Brad Pit ද රංගනයෙන් දායක වෙනවා. අන්තර්ජාලයේ සඳහන් වන අන්දමට චිත්‍රපටයේ ටයිලර්ගේ චරිතය වෙනුවෙන් බ්‍රැඩ් පිට ස්වේච්ඡාවෙන්ම දන්ත වෛද්‍යවරයා වෙත ගොස් තම ඉදිරි දත් වලින් කීපයක් කපා ඉවත් කරගෙන තිබෙනවා. ඒ සටන් සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස වඩා තාත්විකව චරිතය නිරුපණය කිරීමටයි. චිත්‍රපටය රූගත කිරීමෙන් අනතුරුව ඔහු සිය දත් යළි පිළිසකර කරගත් බවත් සඳහන් වෙනවා.කතාව ඇත්ත නම්, යකාගේ කැපවීමක් තමයි ඒකත්!

එහෙමනම් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. මෙහි උපසිරැසි යොදා ඇත්තේ Fight.Club.1999.REPACK.720p.BluRay.x264.AAC-[YTS.MX] පිටපතටයි. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙන කරුණක් තමයි මේ චිත්‍රපටය 18+ එකක්. ඒ නිසා වයස අවුරුදු 18 වැඩි ළමයි විතරක් බලන්න. අනික් අය හොරෙන් බලන්න එපා. 18 පනිනකල් ඉඳල පැන්න ගමන් බලන්න.

Subtiltes By

ප්‍රබුද්ධ කේසර විතානගේ
(Baiscopelk)
IMDb Rating 8.8 2,232,708 votes
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fight Club (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Edward Norton isThe Narrator
The Narrator
Brad Pitt isTyler Durden
Tyler Durden
Meat Loaf isRobert
Robert "Bob" Paulson
Jared Leto isAngel Face
Angel Face
Zach Grenier isRichard Chesler
Richard Chesler
Holt McCallany isThe Mechanic
The Mechanic

Similar titles

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 2 (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Badrinath (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Black Crab (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Departed (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bigfoot Family (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Solo (1996) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: The Last Stand (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Army of the Dead (2021) Sinhala Subtitles
The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds