Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nanpakal Nerathu Mayakkam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8 2 votes
Jan. 19, 2023India107 Min.
Nanpakal Nerathu Mayakkam (2022) | දවල් හීන/ ජේම්ස්ද? සුන්දරම්ද?.

Lijo Jose Pellissery (L J P) මලයාලි සිනමාවේ සිටින දක්ෂතම පෙරළිකාර අධ්‍යක්ෂක වරයෙක්.. මලයාලි සිනමාවේ සම්ප්‍රදායන් ඉක්මවා ගොස් මලයාලි රහ තියාගෙන ඉතාමත් පෙරලිකාර චිත්‍රපට රාශියක් ඔහු බිහිකර තිබෙනවා. Amen, Ee. Ma. Yau, Angamaali Diaries, Jallikattu, Churuli වැනි චිත්‍රපට සිනමා රසිකයෙක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම නරඹා ඇති. ඔහුගේ ඉතා වේගවත්,කළබල කාරී සිනමා අනන්‍යතාවයෙන් බැහැර වෙලා L J P කරපු අමුතුම එක්ක් තමයි Nanpakal Nerathu Mayakkam.මෙහි විශේෂත්වය තමයි L J P සහ Mammooty සුසං‍යෝගය. 2022 දෙසැම්බර් නිකුත් කල IMDB 7.5 ක ඉහළ අගයක් ගත්ත මේ චිත්‍රපටිය මේ වන විට අති සාර්ථක ප්‍රතිචාර මැද තිරගත වෙනවා.

කේරළ ගමක කණ්ඩායමක් වේලක්කන්නි වන්දනාවක පැමිණ ආපසු යාමට වන ලක ලෑස්තියෙන් චිත්‍රපටය ආරම්භ වෙනවා.ජේම්ස් තමයි නඩේ ගුරා.කට්ටිය තමිල්නාඩුවෙ සිට කේරළය දක්වා දීර්ඝ ගමන ආරම්භ කරල අතර මග දවල්ට කාල එහෙම තමිල්නාඩු බඩ ඉරිඟු යායවල් මැදින් දැන් ආපසු ගමනේ.ඔක්කොම සුව බර නින්දක. ඇහැරලා ඉන්නෙ රියදුරා විතරයි.එකවරම ජේම්ස් බස් එක නවත්තලා බැහැල බඩ ඉරිඟු යායක් මැදින් නොපෙනී යනවා.කවුරුත් හිතුවෙ පම්ප් එකක් දාන්න ගියා කියල උනත් එන්න පරක්කුව නිසා කිහිප දෙනෙක් ඔහු සොයාගෙන කුඩා දෙමල ගමකට යනවා. ඒත් ජේම්ස් වෙනුවට ඔවුන්ට මුන ගැහෙන්නෙ ඔහුගෙ රුව හා සමාන සුන්දරම් නැමති දමිළ පුද්ගලයාව.ජේම්ස්ද ? සුන්දරම්ද? මලයාලි පිරිස හා කුඩා ගමේ දමිළ ගම්වාසීන් අතර සම්බන්ධය කෙබඳු වේද? ඉතිරි ටික බලන්න, බැලුවොත් අනිවාර්‍යයෙන්ම කොර වෙනවා.

එතරම් ලොකු බජට් එකක් ගිය එකක් නොවුනත් මේකෙ අධ්‍යක්ෂණය, කැමරා කරණය, මෙන්ම රඟපෑම් ද ඉතා ඉහළයි.විශේෂයෙන්ම මම්මූටිගෙ එකිනෙකට වෙනස් ද්විත්ව චරිත නිරූපණය. මේකෙ සංගීත අධ්‍යක්ෂනයක් නෑ. මුළු කාලය පුරාම පසුබිමින් ඇහෙන්නේ වටාපිටාවෙන් ඇහෙන විවිධ ගුවන් විදුලි හා රූපවාහිණි ගීත, නාට්‍ය හා අනෙක් වැඩ සටහන් වල හඬවල්.මූලික කතාවට අදාළ නැති උනත් යම් අවස්ථාවල ඒවා කතාවත් සමග මනා ලෙස ගලපා සං‍යෝජනය කරගෙන තිබෙනවා.විශේෂයෙන්ම උපසිරැසිය කරනකොට ඒ හඬවල් පරිවර්ථනය නොකර ඇදගෙන ගියත් ගැටළුවක් නොවෙන්න තිබුනා. ඒත් මම ඒවාටත් උපසිරැසි මට හැකි අයුරින් යෙදුවා, ප්‍රධාන උප සිරැසි වලින් වෙන් කිරීමට වෙනත් වර්ණයකින් ඒවා ඉදිරිපත් කර තිබෙනවා.

මෙම චිත්‍රපටිය කේරළ 2023 53 වන කේරළ සිනමා උළෙලේ 2022 හොඳම අධ්‍යක්ෂනය, හා නළුවා සම්මාන හිමි කර ගත්තා.ඔබ මලයාලි රසිකයෙක් නම් අනිවා බැලිය යුතු චිත්‍රපටයක් ලෙස මෙය නිර්දේශ කල හැකියි.

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 7.5 4,147 votes

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

Cast

Mammootty isJames /Sundaram
James /Sundaram
Ashokan isBabukutty
Babukutty
Ramya Pandian isPoonkuzhali
Poonkuzhali
Rajesh Sharma isDriver Kannan
Driver Kannan
Vipin Atley isNurse Benny
Nurse Benny
'Poo' Ram isSundaram's Father
Sundaram's Father
Namo Narayanan isSundaram's Brother
Sundaram's Brother

Similar titles

Magamuni (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Pie Presents: Beta House (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Adam Project (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fast & Furious (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Arrival (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Night Is Short, Walk On Girl (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ralph Breaks the Internet (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Monster Calls (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Adipurush (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taare Zameen Par (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Extraordinary Adventures of Adèle Blanc-Sec (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published