යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන 5ක් වෙනත් සම්මාන 52 ක් සමඟ නිර්දේශවීම් 53 ක් ලැබී තිබෙන අතර IMDB රේටින් වල 8.5ක් ලබා ලොව හොඳම ෆිල්ම් අතර 56 වන ස්ථානයේ පවතිනවා..
මම දන්නවා දැන් ඔක්කොමල්ලා හිතනවා ඇති මේ බලපු මගුලට මොකට උපසිරැසි දැම්මද කියලා,ටිකක් පරණත් එක්කනෙ..? ඒත් ස්ටීවන් ස්පිල්බර්ග් විසින් අධ්යක්ෂනය කළ නිසත් මෙහි රූපරාමු වල ඇති සිත් සසල කරවන දර්ශන නිසාත් මට මේක අතාරින්න ලෝබ හිතුනා. මේ ෆිල්ම් එකේ එන දර්ශන අතුරෙන් මගේ සිත බොහොම සසල කරන දර්ශන අතරට ඇතුලත් වන දර්ශන කීපයක් මම සදහන් කරන්නම්.
යුද්ධයේ එක් උච්චතම අවස්ථාවක එක් භටයෙක් ගේ හෙල්මටයට වෙඩි වැදුන බව ඔහුට තේරී ඔහු එය ගලවා බලනවා ඔහු කොතරම් වාසනාවන්තද කියා. නමුත් ඊලඟ උණ්ඩය ඔහුගේ හිස පසාරු කරගෙන ගමන් කරනවා මොකද ඔහු තම හෙල්මටය නැතිව සිටින නිසා.
තවත් තැනක ප්රධාන චරිතය රඟපාන ටොම් හෑන්ක්ස් විසින් තම යහලු වෙඩි වැදී සිහිසුන්ව සිටින සෙබලෙක්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන යමින් වෙරළ දිගේ ඇදගෙන යමින් සිටින විට ඔහු ලඟම මෝටාරයක් පුපුරනවා. තව ටික දුරක් ඇදගෙන ගොස් හැරී බලන විට ඔහු ඇදගෙන ගොස් තිබෙන්නේ මෝටාරයෙන් පසු ඉතිරි වූ කදේ උඩ කොටසයි. මෙවන්මතව අවස්ථාවක තම ගුවන් විදුලි පණිවුඩකරුට පණිවුඩයක් ලබා දී ඊලඟට තවත් වරක් ඔහුට කතා කරම විට ඔහුගේ මූහුණ පසාරු කරගෙන උණ්ඩයක් ගොසින්.
මේ මුල්ම කොටසේ දර්ශන කීපයක් පමණයි. මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි කතාව වන්නේ රයන් නම් පවුලක සහෝදරයන් 4ක් II ලෝක යුද්ධයට ගොස් තිබෙන අතර ඉන් තිදෙනෙක් මිය යනවා. හමුදා නායකයන් තීරණය කරනු ලබනවා අනික් සහෝදරයාව මරණයෙන් බේරා ආපසු මව් රටට ගෙන ඒමට. නමුත් ඔහු මේ වන විට පැරෂුට් මගින් යුද්ධය පවතින ප්රංශයට බස්සවා ඇති අතර ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට අසීරු වී තිබෙන නිසා කුඩා හමුදා කණ්ඩායමක් යවනවා ඔහුව නැවත ගෙන ඒමට….
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 950 MB | English | |
BluRay HD 720p | 1.9 GB | English | |
BluRay FHD 1080p | 3.5 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 950 MB | English | |
BluRay HD 720p | 1.9 GB | English | |
BluRay FHD 1080p | 3.5 GB | English |