Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Thalavan (2024) | ලොක්කා

 

ආයුබෝවන් සැප්තැම්බර් 9 වන දින OTT නිකුත් උන නවතම මලයාලම් Crime Thriller film එක ඔන්න අදම ඔබ වෙත ගෙන එනවා.බොක්ස් ඔෆිස් කෝටි 25ක ආදායමක් ලැබූ මේ චිත්‍රපටයත් මම හිතන්නෙ ඔබ බලාපොරොත්තු තබා තිබුන එකක් වෙන්න ඕනෙ. IMDB 7.4 ක අගයක් මෙයට ලබී තිබෙනවා. එහෙමම තමයි පටන් ගත්ත මොහොතෙ ඉඳන් කුතුහලය උපරිම රඳව ගත්ත ලස්සන සිනමා පටයක් මේක.

මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්. මේ අතර තමයි ලොක්කා අනපේක්ෂිත මිනී මැරුමකට කොටු වෙන්නෙ. එහි පරීක්ෂණය ඔහු හා අමනාපෙන් පසු වෙන දෙවෙනියාට භාර වෙනවා. වැඩේ කොහොම වෙයිද?

බිජු මෙනන් හා අසිෆ් අලි මේ ප්‍රධාන චරිත රඟපාන කොට මියා ජෝජ් දිලීෂ් පොතාන් ජෆාර් ඉඩුක්කි, සහ කොට්ටායම් නසීර් සෙසු ප්‍රදාන චරිත වල ඉන්න කැපී පෙනෙන නළුවන්. ජිස් ජෝය්ගේ අධ්‍යක්ශණයක්.

Comments