
Please Wait, Page Is Loading...
The Trunk (Korean: 트렁크) කියන්නෙ Kim Ryeo-ryeong ගේ ඒ නමින්ම තියෙන නවකතාව පාදක කරගත්ත 2024 දකුණු කොරියානු අභිරහස් මෙලෝඩ්‍රාමා ගණයට අහිති රූපවාහිනී කතා මාලාවක්. Park Eun-young රචනා කරපු, Kim Kyu-tae විසින් අධ්‍යක්ෂණය කරපු මේ කතාවට රංගනයෙන් දායක වෙන්නෙ Seo Hyun-jin වගේම Gong Yoo යුවල. මේ කතා මාලාව ගෙතෙන්නෙ වසරක ගිවිසුමක් යටතේ විවාහයකට ඇතුල් වෙන යුවලක් වගේම ට්‍රන්ක් එකක් වටා. ඒක 2024 නොවැම්බර් 29 වෙනිදා Netflix මගින් විකාශනය කලා.
අභිරහස් වගේම මනෝවිද්‍යාත්මක කුමන්ත්‍රණ පිරුණු සිතුවිලි ඇති කරන මේ නාට්‍යයෙන් කියවෙන්නෙ තාවකාලික විවාහයන් ප්‍රවේශමෙන් කළමනාකරණය කරන ව්‍යාපාරයක් වටා ගෙතුන කතාවක්.
NM නමින් පවත්වගෙන යන මේ අපූරු ව්‍යාපාරය කරන ආයතනයේ හොඳම සේවිකාවක් වගේම ප්‍රහේලිකාවක් වගේ වුන Noh In-ji, ගිවිසුම්ගත තාවකාලික විවාහයකට අකැමත්තෙන් ඇතුල් වෙන කල්පනාකාරී වගේම චිත්තවේගීය වශයෙන් දුරස්ථ සංගීත නිෂ්පාදකයෙක් වෙන Han Jeong-won එක්ක තාවකාලික විවාහයකට ඇතුල් වෙනවා.
Han Jeong-won වෙනුවෙන් මේ විවාහය සූදානම් කරන්නෙ ඔහුගෙ කලින් බිරිඳ වුන Lee Seo-yeon. Han Jeong-won ව දික්කසාද කරන Lee Seo-yeon ඔහුට දඬුවමක් විදිහට කියලා තමනුත් තාවකාලික විවාහයකට ඇතුලත් වෙන ගමන් තමන්ගෙ මහත්තයා වුන Han Jeong-won වත් බලෙන්ම තාවකාලික විවාහයකට බඳවනවා.
ලොකු මානසික ආතතියකින් තමන්ගෙ ළමා කාලයේ වුන දේවල් වල තාමත් හිර වෙලා ඉන්න Han Jeong-won ඇත්තටම බැලුවොත් අතීතයට වඩා Lee Seo-yeon ගෙ මානසික හිර කාරයෙක් කියල ඔයාලට කතාව බලද්දිම පෙනෙයි.
Han Jeong-won ට දඬුවමක් විදිහට කියල හිතලා Lee Seo-yeon කරල දෙන මේ විවාහය ඇත්තටම කාට දඬුවමක් වෙයිද…
වැඩිය කියන්න ගියොත් ඉතිං කතාව ඔක්කොම කියල තියෙයි. කොටස් අටයිනෙ…බලලම දැනගමු නේද… මේක බලාගෙන යද්දි ටිකක් මොලේට සමනල් ගැටේ වැටෙන තැනුත් තියෙනවා..කොහොම වුනත් ලස්සන කතාවක් කියල නම් කියන්න පුලුවන්..