Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9 1 vote
Jun. 23, 2012Japan98 Min.
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) | රාජ්‍යත්වයට එදිරි වූ දෛවය (18+)

 

Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) චිත්‍රපටයෙන් පසුව එහි මීළඟ අදියර දිග හරින්නයි මේ සූදානම් වෙන්නෙ. Berserk (1997) කතා මාලාවේම කතාව රැගත්, නමුත් ඇතැම් සිදුවීම් වෙනස් කරමින් ඒ රසයම තවත් වැඩි කරමින් Remastered Version එකක් විදිහට අරන් එන මේ Movie Trilogy එක ප්‍රචණ්ඩකාරී බවින් වගේම ලිංගිකත්වය අතින් ඉදිරියෙන් ඉන්න බවක් පළමු චිත්‍රපටය නරඹපු කෙනෙක් නම් ඔබට වැටහෙන්නට ඇති. ඒ අනුව මේ දෙවෙනි චිත්‍රපටයත් ඒ රසයන්ම සමගින් අරන් එන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය සහිතව බව මම මුලින්ම මතක් කරනවා.

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි පළමු චිත්‍රපටය සේම මේ චිත්‍රපටයත් නිර්මාණය වෙන්නේ. 2012 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් වුනු Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටයේ Sequel චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey නම් මේ චිත්‍රපටය Studio 4°C අතින් නිර්මාණය වී පළමු චිත්‍රපටය සේම 2012 වසරේදීම ජුනි මාසයේදී නිකුත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ සහ පළමු චිත්‍රපටයේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.7 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.87 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ක් පුරා දිවෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.

මම මුලදී සඳහන් කළා වගේම 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ දෙවැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. ඒ වගේම කතාව Sexual පැත්තට පෙරට වඩා වැඩි නැඹුරුවක් කරල තිබෙනවා කියල කියන්න පුලුවන්.

කතාව අතින් ගත්තම තමාගේම සිහිනය සොයා ගන උකුස්සාගේ කල්ලියේ නායක ග්‍රිෆිත්ට අසාමාන්‍ය ශක්තියකින් යුතු දැවැන්ත කඩුවක් ලෙලදවන ගට්ස්ගේ හමුවීම එක්ක ඔවුන් දෙදෙනා යන ගමන අපිට පළවෙනි චිත්‍රපටයෙන් දකින්න ලැබුනා. ගට්ස් සමඟින් උකුස්සාගේ කල්ලිය ලබන යුධ ජයග්‍රහණ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී, ඒක මිඩ්ලන්ඩ් දේශයේ රජතුමාගේ ඇස ගැටෙනවා. ග්‍රිෆිත් ලබන නොනවතින ජයග්‍රහණ නිසාම උකුස්සාගේ කල්ලිය ජනප්‍රියත්වයට වගේම සැමගේම භීතියට පවා තුඩු දුන්නා. එක්තරා දිනයකදී තමයි ග්‍රිෆිත්ට මුහුණ දෙන්න ලැබෙන අසීරුතම සටන වෙනුවෙන් මිඩ්ලන්ඩ් රජුගෙන් නියෝගය ලැබෙන්නේ. ඒ තමයි ඩොල්ඩ්‍රි රාජ්‍යය සමඟ අවුරුදු සීයක් තිස්සේ පැවතුනායි කියල කියන යුද්ධය. මේ යුද්ධයට අවතීර්ණ වෙන තැනින් Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටය අවසාන වුනා. අවුරුදු සියයේ මේ යුද්ධය ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලිය ජය ගනීවිද? ග්‍රිෆිත්ගේ වගේම කල්ලියේ කොඳු නාරටිය බඳු ගට්ස්ගේ දෛවය කෙසේ ලියවී ඇත්ද? ග්‍රිෆිත්ගේ සිහිනය ග්‍රිෆිත්ට සැබෑ කරගැනීමට හැකි වේවිද?

ඔයා තාමත් Berserk (1997) කතා මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒ කතා මාලාව මුල සිටම නරඹලා මේ Movie Trilogy එකට එන එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සවිස්තරාත්මකව කතා මාලාවේ විතරයි දකින්න ලැබෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කලින් ඒ කතා මාලාව අනිවාරෙන්ම සම්පූර්ණයෙන්ම නරඹලා එන්න. ඊට පස්සෙ Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටය නරඹලා මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්. ඔබ දැනටමත් නරඹපු කෙනෙක් නම් දන්නවා මෙහි රසය ගැන වගේම දැනෙන විදිහ ගැන. ඒ වගේම චිත්‍රපටය කතා මාලාවම නොවන බවත් ඔබ දන්නවා. මේ දෙවෙනි චිත්‍රපටයෙන් ඒ ස්වාභාවය තවත් වෙනස් වෙලා දරුණු අතට හැරෙන බව විතරයි මට කියන්න පුලුවන්. මේ චිත්‍රපටයේ මම ආරම්භයේදී සඳහන් කළා වගේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් comment කරන්න අමතක කරන්න එපා. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ මීළඟ චිත්‍රපටය වගේම අවසාන චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc III-The Advent චිත්‍රපටයෙන් මීළඟට මුණ ගැසෙමු.

Subtiltes By

ලංකන් Weebs
(Baiscopelk)
IMDb Rating 7.7 12,176 votes

සිංහල උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උපසිරැසි පමණක් ලබා ගත නොහැක.

Downlaod කිරීමට පිටුවේ පහලට යන්න 👇👇👇

Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Hiroaki Iwanaga isGuts (voice)
Guts (voice)
Takahiro Sakurai isGriffith (voice)
Griffith (voice)
Toa Yukinari isCasca (voice)
Casca (voice)
Takahiro Fujiwara isPippin (voice)
Pippin (voice)
Yuki Kaji isJudeau (voice)
Judeau (voice)
Minako Kotobuki isRickert (voice)
Rickert (voice)
Rikiya Koyama isAdon Coborlwitz (voice)
Adon Coborlwitz (voice)
Yoshiaki Matsumoto isCorkus (voice)
Corkus (voice)
Kenta Miyake isNosferatu Zodd (voice)
Nosferatu Zodd (voice)
Kazuki Yao isGaston (voice)
Gaston (voice)

Similar titles

The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fan (2016) With Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tad – The Explorer and the Emerald Tablet (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knight and Day (2010) with Sinhala Subtitles
Infinite (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bangkok Dangerous (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saaho (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Redcon-1 (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deep Impact (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Behind Enemy Lines: Colombia (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Legend (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Predator 2 (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Adults only Movie

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 5 seconds