හරි කතාව ගැන පොඩ්ඩක් බලමු ,අජේ කුමාර් කියන පොලිස් නිලධාරියෙක් . එයාගෙ තාත්තා හිටපු MLA (මන්ත්‍රි) කෙනෙක්. අනතුරකින් අජේගේ තාත්තා කෝමා එකකට වැටෙනවා පස්සේ අවුරුදු ගානකින් අවදි වෙනවා. ඒත් එයාගෙ සෞඛ්‍ය තත්වය තවම හොඳ නෑ. ඉතින් එයාගෙ සුවය වෙනුවෙන්, අජේ තමන්ගෙ තාත්තගේ හීනය ඉෂ්ට කරන්න MLA කෙනෙක් විදියට රඟපානවා. ඒ අතරෙම එයාගෙ තාත්තට හිරිහැර කරපු අයත් හොයනවා. මේ චිත්‍රපටය හදලා තියෙන්නේ 2003 දී ආපු ජර්මන් චිත්‍රපටයක් අනුවයි.
මේක වැඩ පටන් අරගෙන තියෙන්නෙ 2010 ජුනි 28 වෙනිදා Hyderabad වල. ෂූටින් පටන් ගත්තෙ 2010 ඔක්තෝබර් 22 වෙනිදා Turkey වල. ඒක ඉවර වුණේ 2011 සැප්තැම්බර් මැද. වැඩි හරියක් ෂූට් කළේ Hyderabad වල. ඒ වගේම Mumbai,Gujarat,Istanbul,Dubai සහ Switzerland වත් ෂූට් කරලා තියෙනවා.
සංගීතය – S.Thaman. සංස්කරණය – M.R.Varma කැමරාකරණය – K.V.Guhan
මේ සිනමා පටය තිරගත කළේ 2011 සැප්තැම්බර් 23 වෙනිදා. ලෝකෙ පුරා සිනමා ශාලා 1800 ක තිරගත කළා. හොඳ ප්‍රතිචාර ලැබි තිබෙනවා. box-office වර්තා රැසක් තබා තියෙනවා. Los Angeles Times සගරාවේ සදහන් කර තිබුනේ “ඔයා කවදාවත් අහලා නැති ලොකුම හිට් එක” කියලා.
ඉන්දියානු රුපියල් කෝටි 58.9 වැය කර නිෂ්පාදනය පිරිවැයක් යුත් මෙහි. මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 101ක් විතර වුණා. ඒ අවුරුද්දෙ වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්‍රපටය වුණේ මේ සිනමාපටයයි. ඒ වගේම ඒ වෙනකම් දෙවෙනියට වැඩිම ආදායම් ලබපු තෙලුගු චිත්‍රපටය ද වෙනවා.
සම්මාන වශයෙන්. Nandi සම්මාන 7ක්, Filmfare සම්මාන 6ක්, SIIMA සම්මාන 8 ක් සහ CineMAA සම්මාන 8ක් දිනා ගෙන තියෙනවා.
බෙංගාලි භාෂාවට නැවත නිර්මාණය වුනා Challenge 2 (2012) කියලා. කන්නඩ භාෂාවටත් නැවත නිර්මාණය වුනා Power (2014) කියලා. ඊට අමතරව හින්දි, දෙමළ, මලයාලම්, ඔඩියා සහ කන්නඩ භාෂාවලටත් හඬකවලා තියනවා. Mahesh Babu ගේ (Pokiri 2006) සිනමා පටයත් බලන්න බලලා නැති නම් බලන්න කියලා ඔන්න එහෙනම් ආරාධනා කරනවා.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 1 GB | Telugu | |
BluRay 720p | 1.7 GB | Telugu | |
BluRay 1080p | 3.4 GB | Telugu |