හතරවෙනි සිනමාපටයෙදි ඔයාලා දැක්කනේ වෝල්ඩර්මෝට්ගේ නැවත පැමිණීම. ඒ වගේම හුඟක් දෙනෙක් ආදරය කරපු හපල්ෆෆ් නිවාසයේ සෙඩ්රික් වෝල්ඩර්මෝට් අතින් මියයනවා. ඉතින් මේ කරුණු සියල්ලම නිසා හැරි මානසිකව සෑහෙන ලොකු අවුලක ඉන්නේ. පස්වෙනි සිනමාපටය ආරම්භ වෙන්නෙම ඔහුට සහ ඔහුගේ ඥාති සොහොයුරා ඩඩ්ලිට ඩිමෙන්ටර්ස්ලාගේ පහරදීමක් එක්ක. ඉතින් ඒ අවස්ථාවේ හැරි ආරක්ෂිත මන්ත්‍රය සිදු කරනවා. ඒක මායා නීති උල්ලංඝනය කිරීමක් කියලා දන්නවනේ, මගල්ස්ලා ඒම නැත්තම් සාමන්‍ය මිනිස්සු ඉස්සරහා මායාවන් කරන්න තහනම් නේ. ඉතින් ඒ නිසා කුමක් වෙයිද කියලා කතාව බලාගෙනම දැනගන්නකො. ඒ වගේම තමා කලින් වතාවේ වෝල්ඩර්මෝට් ඉන්නකොට සිරීයස් බ්ලැක්, ඩම්බල්ඩොර් ආදි අය විසින් පවත්වගෙන ගිය ෆීනික්ස් සංවිධානය නැවත ඩම්බල්ඩෝර් එක් රැස් කරනවා. ඒ අතරේ තමයි මායා අමාත්‍යංශය විසින් හොග්වර්ට්ස් වලට ඇඟිලි ගහන්න ඩොලොරස් අම්බ්රිජ්ව එහාට එවන්නේ. ඒ කාන්තාවගේ පැමිණීම එක්ක සිද්ද වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් ඔය අතරේ හැරි ප්රමුඛ අපේ කට්ටිය අම්බ්‍රිජ්ට හොරෙන් රහස් කණ්ඩායමක් නිර්මාණය කරනවා ඩම්බල්ඩෝර්ගේ හමුදාව කියලා. ඔය එකි මෙකි නොකී හැම කාරණයක් අවසානේ වෝල්ඩර්මෝට් සමඟ සටනක් පවා මේ කතාවෙන් බලාගන්න පුළුවන්. ඒනම් ඔය ඇති විස්තර. ඔන්න එහෙනම් අවස්ථාව උපසිරසිය අරගෙන කතාව බලන්න එක හුස්මට. කවදාවත් එපා නොවෙන සිනමා මාලාවක පස් වෙන දිග හැරුම.
ඉතින් තවත් වැඩි දෙයක් ඕන නෑ. අපේ පුංචි කාලේ වර්ණවත් කරපු මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන අයව පොඩ්ඩක් මතක් කරන්නම්.
Michael Gambon ඇල්බස් ඩම්බල්ඩෝර් විදිහට
Robbie Coltrane හැග්රිඩ් විදිහට
Ralph Fiennes වෝල්ඩර්මෝට් විදිහට
Natalia Tena නිම්ෆෝඩාර් ටොන්ක් විදිහට
Gary Oldman සිරීයස් බ්ලැක්
David Thewlis රීමස් ලූපින් විදිහට
Imelda Staunton ඩොලෝරස් අම්බ්‍රිජ් විදිහට
Alan Rickman සෙවරස් ස්නේප් විදිහට
Daniel Radcliffe හැරි පෝටර් විදිහට
Rupert Grint රොන් වීස්ලි විදිහට
Emma Watson හර්මයිනි ග්‍රේන්ජර් විදිහට අපි හමුවට එනවා. ඔය ටික දෙනයි තව සෑහෙන්න ප්‍රමානයක් නළුවෝ ඉන්නවා මතක් කරන්නම ඕන. ඒත් ලිපිය දික් වෙන නිසා මෙතනින් නවතින්නම්.අ
මීට අමතරව IDMb දර්ශකයේ 491,000+ අධික මනාප සංඛ්‍යාවකින් 7.5ක තරම් ලොකු අගයක් ලබාගෙන තියෙනවා මේ සිනමා පටය. ඒ වගේම Fantasy / Family / Adventure කියන catagories වලට මේ සිනමා පටය අයත් වෙනවා.