නම I Hate Luv Storys අමුතු ආදර කතාවක් කිව්වොත් මම හරි. මේක 2010 තිරගත වුනු චිත්රපටියක්, උපසිරැසි නොමැතිව සයිට් එකේ කලින් දීලා තිබුණා. මේක අධ්යක්ෂණය කළේ Punit Malhotra, මෙය ඔහුගේ ප්රථම අධ්යක්ෂණයයි. නිෂ්පාදනය කවුරුත් හඳුනන Karan Johar. රංගනයෙන් Imran Khan සහ Anil Kapoorගේ දියණිය වන Sonam Kapoor දායක වෙනවා, Samir Soni, Sammir Dattani, Kavin Dave සෙසු චරිත විදහා දක්වනවා.
කතාව දෙසට හැරුණොත්… ජේ කියන්නේ කෙළිලොල් තරුණයෙක්, ඒ කිව්වේ ආදරය විශ්වාස නොකරන, ආදරණීය චිත්රපටි නොබලන තරුණයෙක්, සිම්රන් කියන්නේ ආදරණීය චිත්රපටි බලන ආදරය පණ මෙන් විශ්වාස කරන තරුණියක්. ඇයට රාජ් නමින් ආදරවන්තයෙක් ඉන්නවා, ඔවුන් දෙදෙනා ආදරයෙන් කල් ගෙවනවා. මේ දෙදෙනාම එක් චිත්රපටියක වැඩ කරනවා, ඒ කිව්වේ සිම්රන් සහ ජේ, සිම්රන් කලා අධ්යක්ෂිකාව, ජේ ඇයගේ සහයකයා, සිම්රන්ට ඉතින් ජේව පෙන්නන්න බෑ, හැම තිස්සෙම බනිනවා, එක විකාරයයි. ඉතින් කෙමෙන් කෙමෙන් සිම්රන්ට වැටහෙනවා ජේ කියන්නේ හොඳ පුද්ගලයෙක් කියලා, ඊට පස්සේ සිම්රන් ජේට ආදරය කරන්න පටන් ගන්නවා. ජේ කියන්නේ ආදරය විශ්වාස නොකරන්නෙක්. ඔහු සිම්රන්ගේ ආදරය පිළිගනීවිද?? එතකොට සිම්රන්-රාජ් ආදර අන්දරයට කුමක් වේවිද?? ඉතිරිය ඔබට බාරයි…
තව දෙයක් මේකේ සින්දු ටික ඉතාමත් ලස්සනයි
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 750 MB | Hindi | |
BluRay 720p | 1.5 GB | Hindi | |
BluRay 1080p | 3 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay 480p | 750 MB | Hindi | |
BluRay 720p | 1.5 GB | Hindi | |
BluRay 1080p | 3 GB | Hindi |