Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

53 Views
  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.3 3 3 votes
Feb. 27, 2025Germany102 Min.

In the Lost Lands (2025) | “ග්‍රේ ඇලිස්”

 

ඔන්න අදත් තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මේ පැත්තට ආවේ..ඉතින් අද සිංහල උපසිරැසි අරගෙන එන්නේ පෙරේදා දවසේ OTT වෙත මුදාහැරුණු In the Lost Lands (2025) කියන Action, Adventure සහ Fantasy කියන ශාරණයන්ට අයිති අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයට.. මේක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Resident Evil, Death Race වගේ ඉතා ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Paul W. S. Anderson විසින්.. ඒ වගේම තිර පිටපත ලියලා තියෙන්නේ Game of Thrones රචනා කරපු R.R Martin විසින්.. ඉතින් R.R Martin මේ කතාව ලයින්නෙත් In the Lost Lands කියන නමින්ම තියන තමන්ගේ කෙටි කතා පොත පදනම් කරගෙන.. Ratings පැත්ත ගැන බැලුවොත් IMDb දර්ශකයේ 4.7/10 වගේ අගයක් තමයි දැනට මේ චිත්‍රපටයට හිමි වෙලා තියෙන්නේ..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් ප්‍රධාන චරි ද්විත්වය නිරූපනය කරන්නේ Milla Jovovich සමඟින් අපි කවුරුත් දන්න Wrestling තරුව Dave Bautista.. ඊට අමතරව Amara Okereke, Simon Lööf, Arly Jover, Deirdre Mullins, Fraser James වගේ නලු නිළියන් පිරිසක් සෙසු චරිත සඳහා රංගන දායකත්ව ලබා දීලා තියනවා..

කතාව පැත්තට හැරුණොත් මේ කතාව දිව යන්නේ මායකාරියෙක් වුණු ග්‍රේ ඇලිස් සහ දඩයක්කාරයෙක් වුණු බෝයිස් වටා.. ඉතින් මේ ග්‍රේ ඇලිස් කියන මායාකාරිය මුදලට ඕනම කෙනෙක්ට තම තමන්ගේ අශාවන් ඉෂ්ට කරලා දෙන කෙනෙක්.. දවසක් නගරයේ රැජිණ ග්‍රේ ඇලිස්ව මුණ ගැහෙන්න ඇවිත් තමන්ට මෘගයෙක්ගේ බලය ඕන කියලා කියනවා..ඒ කියන්නේ මනුස්ස වේශයෙන් ඉඳලා අවශ්‍ය වුණාම මෘග⁣යෙක්ගේ වෙස් ගන්න පුලුවන් බලය තමයි මෙයා ඉල්ලන්නේ..ඉතින් ග්‍රේ ඇලිස් කියන්නේ තමන් ළඟට එන කිසිම කෙනෙක්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙවෙයි..ඉතින් මෙයා පුර පසළොස්වක දවස වෙද්දි රැජිනගේ ආශාව ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා..ඉතින් මේ වැඩේ හැඩය මාරුකරන්නෙක්ගේ එහෙමත් නැත්තන් ෂේප්ෂිෆ්ටර් කෙනෙක්ව තමන්ගේ ගුහාවෙදිම මරලා එයාගේ බලය ගන්න ඕන කරනවා. ඉතින් දැන් ග්‍රේ ඇලිස් මේ වගේ හැඩය මාරුකරන්නෙක්ව හොයන්න ලොස්ට් ලෑන්ඩ්ස් වලට පිටත් වෙනවා..ඒ අතරෙදි තමයි එයා මේ වැඩේට බොයිස් කියන දඩයක්කාරයගේ උදව් අරගන්නේ..ඉතින්,

ග්‍රේ ඇලිස්ට හැඩය මාරුකරන්නව මරලා බලය ගන්න පුලුවන් වෙයිද?

ග්‍රේ ඇලිස් රැජිණගේ ආශාව ඉෂ්ට කරයිද?

කියන දේවල් සේරම දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..

අවසාන වශයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය බලාපොරොත්තු වුණ තරම් ප්‍රේක්ෂකයෝ වැළඳගෙනනම් නෑ කියලා අපිට රේටින්ග්ස් දිහා බැලුවම තේරෙනවනේ..මමත් මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න ප්‍රධානම හේතුව වුණේ Dave Bautista..කොහොම වුණත් මේ ටයිප් එකේ Fantasy ෆිල්ම් වලට ආස කෙනෙක්නම් ඔයාට මේ ෆිල්ම් එක කිසිම කම්මැලිකමක් නැතුව එන්ජෝයි කරන්න පුලුවන් වෙයි.. ඒ නිසා රේටින්ග්ස් ගැනම කල්පනා නොකර බලලම තීරණේ කරන්න කියලා මතක් කරනවා..

Subtiltes By

අංජුල උමේෂ්

(Cinerulk )

IMDb Rating 4.7 2,540 votes
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
In the Lost Lands (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wicked Little Letters (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Shotgun Wedding (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Narayaneente Moonnaanmakkal (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Patema Inverted (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 3: Game Over (2003)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sathamindri Mutham Tha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part II (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lone Ranger (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adios Amigo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published