Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2612 Views
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 10
9.1 20 20 votes
Sep. 28, 2023India152 Min.

Iraivan (2023) | වියරු ඝාතකයා සහ නිර්භය පොලිස් නිලධාරියා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

පොලිස් නිලධාරියෙකුට හදිසියේම හෘදයාබාධයක් හටගැනීම නිසා රෝහල් ගත කරන අතර ඔහුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි පොලිස් කොමසාරිස්වරයා හට මේ අවුරුදු තිස්දෙකක සේවාකාලයක් ඇති පළපුරුදු පොලිස් නිලධාරියා පහත ආකාරයට කම්පන සහගත ප්‍රකාශයක් සිදුකරයි.

පපුවේ අමාරුවක් හැදෙන්න තරමට ඔයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද?

සර් මම ඔයාට දෙන්න බ්‍රහ්මා ගැන අලුත් වාර්තාවක් හද හදා හිටියේ සර්.
ඒක හදද්දි මම සෑහෙන ආතතියකින් හිටියේ, සතියක් විතර හරියකට නිදාගත්තෙත් නෑ.
මගේ මේ අවුරුදු 32 සේවා කාලයටම මේ වගේ මිනිමැරුවෙක්ව මං දැකලා නෑ සර්.
සෑහෙන බය හිතෙනවා සර්.
මට තවත් මේක කරන්න බෑ සර්, මටත් තරුණ දුවලා ඉන්නවා සර්.
හිරෙන් පැනලා ආවාට පස්සේ ඌ තවත් දරුණු විදියට මිනිමරනවා සර්.
මේ ලඟදි රාජි කියලා කෙල්ලෙක්වත්, මගේ යාළුවෙකුගේ දුවෙක්!
දරුණු විදියට වද දීලා මරලා දාලා මිනිය හම්බුනා.
කලින් කරපු මිනිමැරුම් වලදි මිනිමරුවා මිනිමැරුම කරලා එහෙම්ම අතඇරලා දානවා.
ඒත් දැන් ඌ මරපු කෙල්ලන්ගේ පවුල් වල අයවත් ඉලක්ක කරනවා.
රාජි මැරිලා දවස් දෙකක්වත් වුනේ නෑ.
කෙල්ල අන්තිමට ඇඳගෙන හිටපු ලේ පැල්ලම් තියෙන ඇඳුමයි. පෙන් ඩ්‍රයිව් එකකුයි පාර්සල් කරලා යවලා.
පෙන් ඩ්‍රයිව් එක ඇතුලේ කෙල්ලට වද දිදි මරණ හැටි වීඩීයොවක් තිබිලා සර්.
සර් අපි පොලිස්කාරයෝ සර්, සිවිල් මිනිස්සුන්ට වඩා අපට දරාගැනීම වැඩිපුර තියෙනවා.
මගෙ මේ සේවා කාලයට මම කොච්චර අපරාධ දැකලා තියෙනවද සර්?
එහෙම ඉන්න මටම මේක දරාගන්න බැරිවුනා සර්.
එතකොට ඒ කෙල්ලව වදාපු අම්මට කොහොම දැනෙනවා ඇතිද?
ඒ අම්මා ගිණි තියා‍ගෙන මැරුනේ සර්.

මේ වසරේ සැප්තැම්බර් මස සිට තිරගත කරන ලද IRAIVAN සිනමාපටයේ ඇති ජවනිකාවක් ඉහතින් උපුටා දක්වා ඇත. ත්‍රාස රසය නොඅඩුව සපයන psychological thriller වර්ගීකරණයට අයත් මෙම සිනමාපටයේ Jayam Ravi සමඟින් Nayanthara යන නළු නිලි දෙපල විසින් ප්‍රධාන චරිතයන් හොබවන අතර මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වූ ‍මෙම චිත්‍රපටය තිරගත වුණා.

psychological thriller වර්ගීකරණයේ සිනමා රසිකයින්ට මෙම චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව යම් අදහසක් ගැනීම උදෙසා ඉහත දෙබස් ඛණ්ඩය උපුටා දැක්වු අතර Action, Thriller දමිළ සිනමාපට රසිකයින්ටද මෙය නිර්දේශ කිරීමට හැකිය. එමෙන්ම මෙම සිනමාපටය තුල අතිසංවේදි දර්ශන තිබෙනා නිසා කුඩා දරුවන් සමඟින් නැරඹිමේදි සැලකිලිමත් වන ලෙස චිත්‍රපටයේ නිෂ්පාදක මඩුල්ල පවා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Subtiltes By

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

(Baiscopelk)

IMDb Rating 5.1 1,030 votes
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iraivan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBDL

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Rekhachithram (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bird Box Barcelona (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uru (2017) with Sinhala Subtitles | මනසේ ඇති වූ කල්පිතයකට සීමා නොවූ, අති බිහිසුණු ඝාතකයෙකුගේ උන්මාදය…! [සිංහල උපසිරැසි සමඟ]
Dobaaraa (2022) Sinhala Subtitles
Cadaver (2022) Sinhala Subtitles | “සිව් වසරක් සැඟවී තිබූ අභිරහසක සුලමුල” | සිංහල උපසිරැසි සමඟ
Salt (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Achcham Madam Naanam Payirppu (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Irumugan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IPC 376 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published