ඔන්න අද ගෙනැල්ලා තියෙන්නෙ මේ ලඟදි නිකුත් උන අළුත් මලයාලම් ෆිල්ම් එකක්. මේකෙ නම Kotthu..(ඒ කොත්තුව නෙමේ මේකෙ තේරුම ‘වර්ජන’ කියන එක.) ඉතින් මේ ෆිල්ම් එක,ඉන්දියානු මලයාලම් දේශපාලන ත්රාසජනක චිත්රපට ගණයටයි වැටෙන්නෙ. සිබි මලයිල් විසින් සහ හේමන්ත් කුමාර් විසින් රචනා කරපු මේක,
නිෂ්පාදනය කරේ රංජිත් සහ පී.එම් සසිදරන් විසින්.චිත්රපටයේ ජනප්රිය නළු රොෂාන් මැතිව් , සයිෆ් අලි , නිඛිලා විමල් , රංජිත් සහ ශ්රීලක්ෂ්මි වගේ නළුවො රංගනයෙන් දායක වෙනවා. Box office පැත්තෙන් එච්චර සාර්ථක නැති උනත් කාතවෙ ගලායාම ගන්න කොට හොඳ කතාවක් තියෙන සුපිරි ෆිල්ම් එකක් මේක.
අපි මේකේ සාරාංෂයක් බලමු..♥
හරි මේ කතාව මුලින් කිව්වා වගේම political Thriller වලට තමා වැටෙන්නෙ ඉතින් දේෂපාලන මරා ගැනීම්, පළිගැනීම් ආශ්රයෙන් ගලාගෙන යන මේකතාවෙ මූලික
චරිත වෙන්නෙ ශානු , සුමේෂ් , අජී වගේ යාළුවො සෙට් එකක්. මෙයාලා කොමියුනිස්ට් පක්ෂෙක සාමාජිකයො. මෙයාලගෙ නායකයා සමා සදෙත්තන් කියන්නෙ.ඉතින් අවුරුදු ගාණකට කලින් අනිත් පක්ෂෙ කට්ටියක් මෙයාලගෙ පක්ෂෙ සාමාජිකයෙක්ව මරපු එකට මෙයාලා ආපහු පළිගන්න යන්නෙ..ශානු ඇතුළු යාළුවො ටිකට උපදෙස් ලැබෙනවා අනිත් පක්ෂෙ කනගරාජ් කියන මනුස්සයව මරන්න.ඒත් මෙයාගෙ යාළුවා සුමේෂ් ඒකට කැමති නැති නිසා අතක් පයක් කඩන්න කට්ටිය කතා වෙනවා.ඒත් ශානු ඒ මනුස්සයව මරනවා. ඒත් ඒකට හිරේට යන්න සුමේෂ් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා..ඉතින් දැන් වැරදිකාරයා උනේ සුමේෂ්.ඉතින් ඇත්තම වැරදිකාරයා හෙළි වෙයිද? ඉතුරු ටික අපි බලමු කතාවෙන්ම..