Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

2049 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
5.9 8 8 votes
May. 14, 2019United States95 Min.

Life Like (2019) | ජීවත් වන යන්ත්‍රය… (18+)

ඉතිං මේ ෆිල්ම් එක ගැන කිව්වොත් මේක IMDb අගය 5.4 ක් වගේ අගයක් ලබාගන්න සමත්වුනු Sci-fi /Drama කියන වර්ග වලට අයත් ෆිල්ම් එකක්. ඒ වුනාට ෆිල්ම් එක මැදදි ඔයාලට හිතෙයි මේක Romance වලට දැම්මනම් තමයි වඩාත් හොඳ කියලා. ඉතිං පැය 1 යි මිනිත්තු 35 පමණ ධාවන කාලයක් තියන මේ ෆිල්ම් එක ඒ මුළු කාලය පුරාවටම වෙනස් වෙනස් අමුතු සිද්ධීන් පෙළක් පෙළ ගස්වලා නිර්මාණය කරලා තියෙන විදිය, ෆිල්ම් එක බලන ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. තව විශේෂ දෙයක් කියන්න තියනවා ඒ තමයි මේ ෆිල්ම් එක R Rated ෆිල්ම් එකක්. ඉතින් එහෙම කිවුව ගමන් දන්නෝ දනිති. නොදන්නන්ට අන්තිමට කියලා දෙන්නම්. Josh Janowicz කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ නළු නිළි පිරිස ගැන කිවුවොත් ප්‍රධාන කාන්තා චරිතය එහෙම නැත්තම් සොෆීට රංගනයෙන් දායක වෙනවා Addison Timlin කියන නිළිය. ඒ වගේම Steven Strait හෙන්රි ලෙසත්, Drew Van Acker ජේම්ස් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

ඉතිං මේකෙ කතාව ගැන කිවුවොත් සොෆී සහ ජේම්ස් කියන්නේ දුප්පත් වුනත් පොඩි ගෙදරක සතුටින් ඉන්න යුවලක්. ඉතිං එහෙම ඉන්න අතරේදී ජෙම්ස්ගේ තාත්තා මිය යනවා. කොහොමහරි තාත්තගේ ඇවෑමෙන් ජේම්ස්ට සුවිසල් මන්දිරයක් සමඟ තාත්තගේ සමාගමේ හිමිකාරීත්වයත් ලැබෙනවා. ඉතිං ජේම්ස්ට කෙසේවෙතත් සොෆීට නම් මේ ජීවිතේ එච්චර අල්ලන්නේ නෑ. ඉතිං පණ්ඩිතකමට හරි අනුකම්පා හිතිලා හරි සොෆී ඒ ගෙදර සේවකයන්ව අවුරුදු දෙකක පඩිත් දීලම රස්සාවෙන් අස් කරලා දාලා ගෙදර බර තනියම කරට ගන්නවා. වැඩේ හිතපු තරම් ලේසි නැති හින්දා මේ දෙන්නගෙම එකඟතාවය ඇතිව ජේම්ස් ජීවමාන රොබෝ කෙනෙක් මිලදී ගන්නවා. ජීවමාන කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයි.. සොෆී ගෑණු රොබෝ කෙනෙක් ගන්න එක පවා ප්‍රතික්ෂේප කරනවා ඒ රොබෝ එයාට වඩා ලස්සනට පේන නිසා. ඒකෙන්ම තේරෙනවනේ කොහොම ඇතිද කියලා. කොහොමහරි මේ දෙන්නා පිරිමි රොබෝ කෙනෙක් ගෙදර ගේනවා. ඒ තමයි හෙන්රි. ගෙනාපු දවස් වලම හොඳට හිටියත් ටික කාලයක් යද්දී මෙයාගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා.. අපේ බාසාවෙන්ම කිවුවොත් ට්‍රැක් පනිනවා. ඉතින් ඔහොම ගිහින් අලි කෙලියක් වෙලා අන්තිමට මේ රොබෝ ගැන හිතපුවත් නැති දෙයක් හෙළි වෙනවා. ඉතිං ඒ එළිවෙන්නේ මොකක්ද, වෙන්නෙ මොනාද කියලා බලන්න නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

දැන් මම R Rated කතාවට බහින්නම්, R කිවුවේ Restricted, ඒ කිවුවේ සීමා කර ඇත. එහෙම කරලා තියෙන්නේ ඒ චිත්‍රපටියේ තියෙන අන්තර්ගතය හෝ වාග්මාලාව පොඩි ළමයින්ට නුසුදුසු නිසා. එතකොට R එකේ සීමාව මොකක්ද? R Rated කියලා තියෙන ෆිල්ම් බලන්න කියලා තියෙන්නේ 17 න් පහළ අයට දෙමවුපියෙක් හෝ වැඩිහියෙක් එක්ක. එතකොට අපේ ෆිල්ම් එකත් R Rated එකක්නේ. ඒකත් දෙමවුපියෙක් එක්ක හරි වැඩිහිටියෙක් එක්ක හරි බලන්න පුළුවන්ද? අනේ මන්දා ඒකනම්. ගෙදර ඇර වෙන කෑමබීම, නවාතැන් එහෙම ලැබෙන තැනක් තියනවා නම් බැලුවට කමක් නෑ.😂 මං වගේ ගෙදරින්ම යැපෙන කෙනෙක් නම්, දිගටම ගෙදර ඉන්න ඕන නම්, මම කියන්නේ බලන්න එපා කියලා. කොහොමත් ලංකාවට R Rated කියන එකේ තේරුම එච්චර ගැළපෙන්නේ නෑ. ඒ හින්දා මේක දහඅටට වැඩි අය විතරක්ම බලන්න කියලා මම කියනවා.

Subtiltes By

ගීත් මිහිර සත්සර

(Baiscopelk)

IMDb Rating 5.4 3,512 votes
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Life Like (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

BluRay

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

The Sixth Sense (1999) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Awake (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Killer Body Count (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Villainess (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cabin Fever (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Black (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saint Maud (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Time Freak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pokemon Detective Pikachu (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 4: All the Time in the World (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Burning Sea (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Killer’s Game (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

🔞 Adults only Movie 🔞

මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.

Closing in 10 seconds