Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1471 Views
  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.0 1 1 vote
May. 24, 2023Poland94 Min.

Mother's Day (2023) | අම්මලා එක්ක පැටලෙන්න එපා

අම්මලා එක්ක පැටලෙන්න එපා
සබ්ස්.එල්කේ අපි නිතරම උත්සාහ ගන්නවා හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සිනමාවෙන් එහාට ගිහිල්ලා ලෝක සිනමාවේ විවිධ රටවල, විවිධ භාෂාවල ලස්සන නිර්මාණ ඔයාලා හමුවට අරන් එන්න. ඒ අනුව, පසුගිය මස, එනම් 2023 මැයි 24 දින නිකුත් වුනු නවතම පෝලන්ත සලරුවකට තමයි මේ පාර සිංහල උපසිරැසියක් අරගෙන ආවෙ. ඒ තමයි Mother’s Day. ඔරිජිනල් නම Dzien Matki. භාෂාවත් පෝලන්තමයි. තම දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කොච්චර දේවල් කරන්න පුලුවන්ද, කොච්චර දුර යන්න පුලුවන්ද? ඒ වගේ අම්ම කෙනෙකුගේ ශක්තිය ධෛර්යය පෙන්වන මාරාන්තික චාරිකාවක් තමයි කතාවට පාදක වෙලා තියෙන්නෙ. විනාඩි 94 ක් පුරා සටන්, ක්‍රියාදාම අඩුවක් නැති මෙය Action, Drama, Crime, Thriller වර්ගයේ ෆිලුමක්. ප්‍රධාන චරිතය වන නීනාගේ භූමිකාවට පණ පොවන්නේ Agnieszka Grochowska. ඊට අමතරව Szymon Wroblewski (වෝල්ට්), Adrian Delikta (මැක්ස්), Dariusz Chojnacki (ඉගෝර්) යන අය රංගනයෙන් දායක වෙනවා.
පසුගියදා නිකුත්වුනු හොලිවුඩ් චිත්‍රපටයක් වන, ජෙනිෆර් ලෝපස්ගේ The Mother ෆිල්ම් එකේ කතාවට බොහෝමත්ම සමානයි මේකෙ කතාවත්. දෙකේම කතා නායිකාව, එහෙම නැත්නම් අම්මා, හිටපු ප්‍රවීන බුද්ධි හා සන්නද්ධ අංශ සාමාජිකාවන්. දෙන්නගෙම ස්වාමි පුරුෂයන් නෑ. ලෝපස්ට ඉන්නෙ දුවක්. මේකෙ ඉන්නෙ පුතෙක්. ළමයි දෙන්න නව යොවුන් වයසෙ. එයාලගෙ හතුරන්ගෙන් දරුවන්ගෙ ජීවිත වලට තර්ජනයක් එල්ල වෙයි කියලා දරු සෙනෙහස හිතේම වලලලා දාලා, දෙන්නම දරුවන්ගෙන් ඈත් වෙලා රහසිගත ජීවිතයක් ගෙවන්නෙ. දරුවන්ව වෙන පවුලක් හදාගන්නවා. ළමයි දෙන්නම එයාලගෙ ඇත්ත අම්මව අදුරන්නෙ නෑ. නමුත් කොහොමහරි රහස එලිවෙලා අම්මලාගෙ පැරණි සතුරන් විසින් දරුවන් පැහැරගන්නවා. එතකොට අම්මලා දෙන්නට තමන් හැංගිලා හිටපු ගුහා වලින් එලියට එන්න සිද්ධ වෙනවා. ලෝපස්ට නම් උදව්වට හරි කෙනෙක් ඉන්නවා. මේකෙ අම්මා වන “නීනා නොවාක්” හෙවත් “කිකිමෝරා”ට නම් ගේමට බහින්න වෙන්නෙ තනියම. හැබැයි ඊට පස්සෙ නොනවතින ක්‍රියාදාම රැල්ලක් බලාගන්න පුලුවන්. “මදර්” ෆිල්ම් එකට වඩා “මදර්ස් ඩේ” ඇක්ෂන් පැත්තෙන් ඉදිරියෙන් ඉන්න බවයි මගෙ නම් හැඟීම. ඔයාලත් බලලම තීරණය ඒක තීරණය කරන්නකෝ.
“Don’t mess with mother”

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 5.3 1,938 votes
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mother’s Day (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Scent of a Woman (1992) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Waltair Veerayya (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Premalo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission Mangal (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tangled Ever After (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Farang (2023) | Mayhem!  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Face/Off (1997) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published