Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

1941 Views
  • Watch trailer
  • Player 01
  • Player 03
  • Player 04
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.5 17 17 votes
Jan. 26, 2023Iceland112 Min.

Operation Napoleon (2023) | අයිස් යට සැඟවුණු නාසි ගුවන් යානයේ අභිරහස

අද ඔයාලට අරන් ආවෙ Mystery, Thriller වර්ගයේ අයිස්ලන්ත නිර්මාණයක්. අභිරහස් ගණයේ චිත්‍රපට බලන අයට නම් සුපිරි නිර්මාණයක්. බොක්ස් ඔෆීස් වාර්තා පවා සමත්වෙලා තියෙන මේ චිත්‍රපටය තමයි Operation Napoleon. මුලින්ම තිරගත වුනේ 2023 පෙබරවාරි 03 දින අයිස්ලන්තයේදී. පසුගිය අගෝස්තු 11 තමයි එක්සත් ජනපදයේ නිකුත් වුනේ. Arnaldur Indriðason විසින් ලියන ලද Best-selling නවකතාවක් වන Operation Napoleonsskjolin ඇසුරෙන් නිපදවන ලද මෙහි ධාවන කාලය පැය 1 විනාඩි 52 යි. අයිස්ලන්ත සහ ඉංග්‍රීසි යන භාෂා දෙකම ඇතුලත් වෙනවා. රඟපෑමෙන් එකතු වන්නේ Vivian Ólafsdóttir (ක්‍රිස්ටීන්), Jack Fox (ස්ටීව් රෂ්), Iain Glen (විලියම් කාර්), Wotan Wilke Möhring (සයිමන්), Ólafur Darri Ólafsson (එයිනර්) සහ Atli Óskar Fjalarsson (එලියස්). අධ්‍යක්ෂනය Óskar Þór Axelsson ගෙන්.
ක්‍රිස්ටීන් ලෝයර් කෙනෙක්. තරුණියක්. එයාට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි. ඒ තමයි එලියස්. දවසක් එලියස් යාලුවොත් එක්ක යනවා විමර්ශන සංචාරයක් අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරයක් වන වට්නාජෝකුල් වලට. එහිදී එයාලට හම්බවෙනවා අයිස් වලට යටවුනු, කඩන් වැටුනු පැරණි ජර්මන් ගුවන් යානයක්. දෙවන ලෝක යුද්ධ සමයේ එකක්. ඒ එක්කම එතෙන්ට චොපර් එකකින් එන පිරිසක් මේ යාලුවන්ව මරනවා. එලියස් මුලින් පැනගත්තත් පස්සෙ ඔවුන්ගෙ අත් අඩංගුවට පත්වෙනවා. එලියස් විසින් යානයේ විස්තර, පෝන් එකෙන් ක්‍රිස්ටීන්ට යවන නිසා මේ මිනීමරුවන් ඇයවත් මරන්න ඇගේ ගෙදරට යනවා. එහිදී ක්‍රිස්ටීන් බේරිලා පැනගත්තත් ඇයගේ මිතුරෙක් එහිදී ඝාතනය වෙනවා. නමුත් ඒ ඝාතනයට පොලීසිය සැකකරන්නෙත් ක්‍රිස්ටීන්ව. මිනීමරුවන් ඇයට වරෙක තර්ජනය කරනවා, ප්ලේන් එක ගැන පොලීසියට කිව්වොත් එලියස්ව මරනවා කියල. එච්චරටම වසන් කරන්න හදන්නේ, මේ යානය මොකක්ද? මොනවද ඒකෙ තියෙන්නෙ? කවුද ඒකෙ ගමන් කලේ? තමනුත් බේරිලා මල්ලිවත් බේරගන්න ක්‍රිස්ටීන්ට තියෙන්නෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි මේ යානයේ අභිරහස හොයාගන්න එක. වැඩි විස්තර නොකියා ඉන්නම්.
විශේෂයෙන්ම කියන්න ඕනෙ බය නැතුව ගෙදර අය එක්ක බලන්න පුලුවන්. අසභ්‍ය දර්ශන මොකුත් නෑ. රටේ භූමි ප්‍රමාණයෙන් 10% ක ප්‍රමාණයක් වසාගෙන සිටින, අයිස්ලන්තයේ විශාලතම ග්ලැසියරය සහ යුරෝපයේ දෙවන විශාලතම ග්ලැසියරය වන සුන්දර වට්නාජෝකුල් (Vatnajökull) වල පුංචි රවුමක් යන්නට ආරාධනා කරමින් නවතින්නම්.
ජය වේවා.

Subtiltes By

Rasika Samanjith

(Subzlk)

IMDb Rating 6.2 392 votes
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Similar titles

Werewolf by Night (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Demon City (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Air Force One Down (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Deadpool (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Leave the World Behind (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
F9: The Fast Saga (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Wave (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ ඔන්ලයින්
Red Water (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HIT: The First Case (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Good Night Oppy (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Haunting at Saint Joseph’s (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Little Thing Called Love (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Charitha September 2, 2023 Reply

    Part two apu gaman one…🙏♥️🔥☝️

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published