Parole කියන්නේ මීට පෙර Kadhal Kasakuthaiya (2016)චිත්රපටය කළ Dwarakh Raj විසින් රචනා කර අධ්යක්ෂණය කරන ලද 2022 නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා අපරාධ ත්රාසජනක චිත්රපටයක්. මේ චිත්රපටයේ Linga , RS Karthik , Kalpika Ganesh සහ Monisha Murali ප්රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කෝවලන් සහ කරිකාලන් කියන්නේ සහෝදරයන්. ඒත් මේ දෙන්නට දෙන්නා විරසකයි. කරිකාලන් ඔහු කළ අපරාධවලට සිරගතව සිටියද , ඔහුගේ සිරගත කාලය තුළදී ඔවුන්ගේ මව මිය යනවා. මවගේ අන්තිම කැමැත්ත වුන කරිකාලන් අතින් අවසන් කටයුතු කිරීමට වුවමනා නිසා,ඔහුව නිදහස් කර ගැනීමට,කෝවලන් කරිකාලන් වෙනුවෙන් පැරෝලයක් උසාවියට ඉදිරිපත් කරනවා..
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
කරිකාලන් සිරගෙයින් අවසන් කටයුතු සඳහා පැරෝලයෙන් පිටතට පැමිණියාද?🤔🤔
බෙදුණු සහෝදරයන් එකට එකතු වූවාද? 🤔🤔
කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…😚😚