Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න
PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක.
මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න
මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player 02 හෝ Player 03 Click කරන්න
- Watch trailer
- Player 01 [With Ads]
Peter Rabbit 2: The Runaway (2021) | පීටර් ඇත්තටම නරකයිද?
️
මේ කතාවෙ පළමු කොටස තාමත් බැලුවෙ නැත්නම් ඒක මුලින් බලලා ඉන්න. Peter Rabbit (2018) එතකොට ලොකු අදහසක් ගන්න පුළුවන් මේ කතාවෙ ඉන්න චරිත ගැන. හරි දැන් අපි කතාවෙ මුල් කොටස ටිකක් මතක් කර ගමු. මේකෙ ඉන්නෙ ලන්ඩන් වලින් ටිකක් පිටිසර පළාතක ජීවත් වෙන තරුණ කාන්තාවක් සහ එයාගෙ ගෙදර ගාවම ජීවත් වෙන හාවො පවුලක් සහ අනිකුත් සත්තු පිරිසක්. මෙයාලාගෙ දඟකාරකම් වලින් වැඩියෙන්ම මෙයාලා ප්‍රසිද්ධ, අල්ලපු ගෙදර ඉන්න මැක්ග්‍රෙගර් සීයාගෙ ගෙවතු වගාවෙන් එළවළු පළතුරු හොරකම් කරන එක. ඉතින් මේ හැමෝගෙම වාසනාවට මැක්ග්‍රෙගර් සීයා මැරිලා ගියාට එයාගෙ මුණුබුරෙක් එනවා ගෙදර අයිතිය ලැබුණට පස්සෙ. එතන ඉඳන් තමයි ඉතින් මේ තෝමස් කියන පුතයි හාවො ටිකයි හොඳටම රණ්ඩු වෙන්න ගන්නෙ. ඒ අස්සෙ ඉතින් බී කියන මේ තරුණ කාන්තාව හාවොන්ගෙ චිත්‍ර ඇඳින අතරේ තෝමස් එක්ක ආදරයෙන් බැඳෙනවා. ලොකු ලොකු සිද්ධි ගොඩක් ඇති වෙනවා මතක ඇති කතාව බලපු අයට. ඒත් ඉතින් කතන්දර පොත් වල වගේ අවසානයේ සියල්ලෝම සතුටින් ජීවත් උනා කියන එකෙන් තමයි මේ කතාවත් ඉවර වෙන්නෙ. ඔන්න ඔහොම ඉවර උන පළවෙනි කතාවෙන් අවුරුදු 3 කට පස්සෙ තමයි දෙවැනි කතාව එළිදක්වන්නේ. ඇත්තටම මේක මීට කලින් නිකුත් වෙන්න තිබුණට කොරෝනා වසංගතය එක්ක කල් ගිහින් ඔන්න අපි ආසාවෙන් බලන් හිටපු දෙවැනි කොටස නිකුත් උනා. කැමරා කොපි පිටපත නිකුත් වෙලා සතියකටත් වැඩි උනාට හොඳ පිටපතක් නිකුත් වෙලා තවම දවස් 3,4ක් ඇති. බියට්‍රික්ස් පොටර් විසින් රචිත, බ්‍රිතාන්‍ය ළමා කතාන්දරයක් වන පීටර් නම් හාවාගේ ජීවිතය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් රසවත් කතාවක්. 1902 වර්ෂයේ රචිත මෙම කතාන්දරයේ දෙවැනි කොටසේ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා මං කියන්න යන්නෙ නෑ. ඒකට ඔයාලට ඒ කුතුහලය ඉතිරි කරන්නම්. හැබැයි ඉතින් කලින් වගේම බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් තැන් වගේම ඇහැට කඳුලක් උනන සංවේදී අවස්ථාද නැතුවාම නෙවෙයි. පවුලක දරුවන් හා දෙමව්පියන් අතර බැඳීම, සහෝදර සහෝදරින් අතර බැඳීම, අනෙකා වෙනුවෙන් තමන්ගෙ දිවි පරදුවට තියන්න උනත් කැපවෙන හැටි පොඩි පොඩි සිදුවීම් හරහා මනාව පැහැදිලි කරන්න අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම සමත් වෙලා තියෙනවා. විවාහ මංගල්ලයකින් තමා කතාව ආරම්භ වෙන්නෙ. දන්නවනේ ඉතින් කවුද මනමාල ජෝඩුව කියලා. මේ දෙවැනි කතාංගය IMDb ශ්‍රේණිගත කිරීම් වල 6.2 ක් සහ Rotten Tomatoes වල 67% ක් ලෙස මනාප ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 2021 ජුනි මස 11 වෙනි දින ඇමෙරිකාවේදී තිරගත කිරීම ඇරඹුන මෙයද Will Gluck විසින්ම අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ වන විට ලොව පුරා තිර ගත කිරීමෙන් ඩොලර් මිලියන 127 ක ආදායමක් මේ වන විට තමා සතු කරගෙන තියෙනවා. දවස් ගානක් උපසිරැසිය පරක්කු වෙලා දෙන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.
Subtiltes By
ෂෙරින් සමාධි ද සිල්වා
(Baiscopelk)
(7.4)
IMDb Rating
6.2 4,617 votes
Direct Download කිරමට පතින් ඔබ වශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇👇
Telegram Download කිරීමට පහතින් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇👇👇
සිංහල උපිරැසි චි්රපටයට ස්ථිරවම (Hardcode) කර ඇත. උසිරැසි පමණක ලබා ගත නොහැක.
Direct Download හා Telegram Download කිරීමට මෙ Button Click කරන්න
ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන
Cast
Mrs. Tiggy-Winkle (voice)