මේකට ඉන්දියන් රුපියල් මිලියන 42ක් වියදම් කරල තියෙනව, හොද බොක්ස් ඔෆිස් ආදායමකුත් තියෙනව මේ වෙනකොට. මේකට IMDb එකේ මේ වෙනකොට 7.6 ක අගයක් ලැබිල තියෙනව. Drama/Action ගනයට අයත් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Ajay Bhupathi විසින්. ප්‍රධාන චරිත වලට පන පොවන්නෙ Kartikeya සහ Payal Rajput විසින්.
සාමාන්‍ය තෙලුඟු ෆිල්ම් සංස්කෘතියෙන් මිදිල වෙනස්ම විදිහකට මේ ෆිල්ම් එක කරල තියෙනව. හරි අපි ෆිල්ම් එකේ කතාව දෙසට හැරෙමු.
ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ශිවා. ශිවාගෙ දෙමව්පියො නෑ. එයාව හදාගෙන තියෙන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙ හිතවතෙක්, ගමේ අය ඩැඩී කියල තමයි එයාට කතා කරන්නෙ. ඩැඩි සහ ශිවා ජීවත් වෙන්නෙ සිනමාහලක් කරල. කතාව පටන් ගන්නෙ ශිවා එක පුද්ගලයෙකුට ගහන්න පන්නන සිද්දියක් එක්ක. මේ ගුටිකන පුද්ගලය විශ්වනාදන් කියන කෙනාගෙ ගෝලයෙක්. විශ්වනාදන් අර ගුටිකාපු කෙනාව බලන්න රෝහලට එනව. එයාට ගහපු හේතුවට ශිවාව පොලිසියට ගෙනියනව. එතනට ඩැඩී එනව. ඇවිල්ල ශිවාව එලියට ගන්නව. ඩැඩී ශිවාට කියනව ප්‍රශ්න දාගන්නෙ නැතිව ගමෙන් පිට වෙන්න කියල. ඒත් ශිවා ඒක ප්‍රතික්ෂේප කරනව. ප්‍රතික්ෂේප කරන්න හේතුවෙන කාරනාව ශිවා හිතන්න ගන්නව. අවුරුදු තුනකට කලින් කතාවක් තමයි ඊට පස්සෙ පටන් ගන්නෙ. ශිවා එක ගෑනුලමයෙකුට ආදරය කරනව. එයාගෙ නම ඉන්දු. මේ සම්බන්දෙ ඉන්දුගෙ ගෙදර අය දැන ගන්නව. ඉන්දුට ඉන්දුගෙ ගදරින් විවාහයක් කරල දෙනව. අතරමැදදි තව සිද්දි ගොඩකුත් ඒ අස්සෙ සිද්ද වෙනව. මම වැඩිය විස්තර කරන්න යන්නෙ නැහැ. ඉන්දුව විවාහ කරල දුන්නට පස්සෙ ශිවා මොනව කරයිද ඉස්සරහට මොනවද වෙන්නෙ කියල බලලම දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 850 MB | Telugu | |
WEB-DL 720p | 1.7 GB | Telugu | |
WEB-DL 1080p | 3.4 GB | Telugu |
Quality | Size | Language | |
---|---|---|---|
WEB-DL 480p | 850 MB | Telugu | |
WEB-DL 720p | 1.7 GB | Telugu | |
WEB-DL 1080p | 3.4 GB | Telugu |