Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

550 Views
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Seeing the Beginning of Time (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Seeing the Beginning of Time (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10.0 1 1 vote
Jan. 31, 2017USA

Seeing the Beginning of Time (2017) | කාලයේ ඇරඹුම සියැසින් දකිමු…

 

කොහොමද මිත්‍රවරුනි, අද මං අරගෙන ආවා විශ්වය ගැන තවත් අපූරු වාර්තා වැඩසටහනක් සිංහල උපසිරැසි සමඟින්. ඒ තමයි Seeing the Beginning of Time (2017). IMDb දර්ශකයේ 7.2/10 ක අගයක් ලබාගත්  Seeing the Beginning of Time (2017) ගැඹුරු අභයාවකශය හා කාලය හරහා දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය ගමනකට නරඹන්නන් රැගෙන යන, විශ්ව ගවේෂණ ලෝලීන් සහ ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයින් යන දෙපාර්ශවයටම රසවිඳිය හැකි පරිදි දර්ශනීය ලෙස සංස්කරණය කරන ලද වාර්තා චිත්‍රපටයක්.  මිනිත්තු 50 ක ධාවන කාලයක් සහිත මේ විද්‍යාත්මක 4K වාර්තා චිත්‍රපටය, ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාතික සුපිරි පරිගණක යෙදුම් මධ්‍යස්ථානය (NCSA) සහ තෝමස් ලූකස් ප්‍රොඩක්ෂන්ස් විසින් සම-නිෂ්පාදනය කරන ලද අතර, ජාතික විද්‍යා පදනමේ සහාය ලබන CADENS (Centrality of Advanced Digitally Enabled Science) නම් ව්‍යාපෘතියක කොටසක් ලෙස සිදු කරන ලදී. පරිගණක විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමට උපකාර කිරීම සඳහා NCSA හි උසස් දෘශ්‍යකරණ රසායනාගාරයේ (AVL) අධ්‍යක්ෂ ඩොනා කොක්ස්, CADENS ව්‍යාපෘතියට නායකත්වය දෙනවා.
 
අපි මේ වාර්තා වැඩසටහන නිපදවන්නට මූලික වුණු විශ්ව නිරීක්ෂණ වැඩසටහන  මෙම වාර්තා චිත්‍රපටයේ NCSA පර්යේෂණ විද්‍යාඥ සහ තාරකා විද්‍යා පර්යේෂණ මහාචාර්ය ෆෙලිපේ මෙනන්ටෝ සහ ඔහුගේ සගයන් අපේ විශ්වයේ ප්‍රසාරණය ප්‍රස්ථාරගත කිරීම සඳහාම වෙන්වූ ජාත්‍යන්තර සහයෝගීතාවයක් වන ‘අඳුරු ශක්ති සමීක්ෂණයේ’ (Dark Energy Survey) යෙදී සිටිනවා. NCSA, ෆර්මිලැබ් සහ ජාතික දෘශ්‍ය තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය යන ආයතන අඳුරු ශක්ති සමීක්ෂණයේ ආරම්භක ආයතන වෙනවා. මෙනන්ටෝ සහ සගයන් විශ්වයේ පදාර්ථ ව්‍යාප්තිය අධ්‍යයනය කරන්නේ දුරස්ථ මන්දාකිණිවලින් ලැබෙන ආලෝකය භාවිතා කරමිනුයි. “අපි අභ්‍යවකාශයේ ගැඹුර දෙස බලන විට, අපි අත්‍යවශ්‍යයෙන්ම හැරී බලන්නේ කාලය දෙසයි. අඳුරු පදාර්ථ සහ අඳුරු ශක්තිය වැනි අද්භූත නොපෙනෙන බලවේගවල බලපෑම සොයා ගැනීමට අපි දුරස්ථ මන්දාකිණිවල ආලෝකය භාවිතා කරනවා, ඒවා මොනවාද යන්න පිළිබඳ හෝඩුවාවන් සෙවීමට,” ෆෙලිපේ මෙනන්ටෝ අදහස් දක්වනවා. NCSA ආයතනය DES ව්‍යාපෘතිය සඳහා දත්ත කළමනාකරණය මෙහෙයවන අතර, චිලී දුරේක්ෂයෙන් අධිවේගී ජාල හරහා විශාල නිරීක්ෂණ ප්‍රමාණයක් ලබා ගැනේ. එම දත්ත නිෂ්පාදන සමාලෝචනය කිරීමට, සැකසීමට සහ නිකුත් කිරීමට බ්ලූ වෝටර්ස් සුපිරි පරිගණකය සහ ඉලිනොයිස් විශ්ව දිව්යාල පරිගණක පොකුරු වැඩසටහන භාවිතා කරනවා. දැනට චිලී හි ඉදිවෙමින් පවතින LSST දුරේක්ෂය, පූර්ණ චන්ද්‍රයාගේ ප්‍රමාණය මෙන් 40 ගුණයක් පමණ විශාල දර්ශන ක්ෂේත්‍රයක් සමඟින් සෑම සති දෙකකට වරක් මුළු රාත්‍රී අහසම වේගයෙන් සමීක්ෂණය සිදු කරනවා. මෙම මහා පරිමාණ කොස්මික් සමීක්ෂණ ලොව පුරා බෙදා ගත හැකි අතර තාරකා විද්‍යාවේ විප්ලවීය වෙනසක් කිරීමට මුල් වී තිබෙනවා.

Subtiltes By

ප්‍රබුද්ධ කේසර විතානගේ

(Baiscopelk)

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Director

Cast

Similar titles

Homestead (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Snow White and the Huntsman (2012)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hansel & Gretel: Witch Hunters (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
August Rush (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fahrenheit 9/11 (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Real Steel (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Flatliners (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The New World (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Top Gun (1986) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rush Hour (1998) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published