2011 වසරේ දෙසැම්බර් 02 වැනිදා තිරගතවීම ආරම්භ වුණ The Dirty Picture චිත්‍රපටය ගැන හුඟක් දෙනා දැනටමත් දන්නව ඇතිනේ. IMDb Raings වල 6.8/10 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටය දැනටමත් සම්මාන 23 ක් දිනාගෙන නිර්දේශයන් 12 කට හිමිකම් කියනවා. පසුගිය දවසක පැවැත්වුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙ දි 2011 වසරේ හොඳම නිළිය (විද්‍යා බාලන්) ඇතුළු තවත් සම්මාන දෙකකුත් ඒ අතර තියෙනවා. Milan Luthria ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය විද්‍යා බාලන්, නස්රුදීන් ෂා, තුෂාර් සහ එම්රාන් හෂ්මි යන නළු නිළියන්ගේ විශිෂ්ට රංගනයන්ගෙන් උපරිමයෙන් හැඩවෙලයි තියෙන්නේ.
නිළියකගේ ජීවිතයේ ඇරඹුම, එහි නැග්ම සහ බැස්ම යන කාරණාවන් ත්‍රිත්වය තමයි මේ චිත්‍රපටයේ එන කතාවට වස්තු විෂය වෙලා තියෙන්නේ. එහිදී ඇය සිනමා ක්ෂේත්රයට පැමිණෙන අයුරු, ඇය මුහුණ දෙන අභියෝග, සිනමාව තුළ ඇයගේ අනන්‍යතාව ආදී කාරණාවන් රැසක් මෙන්ම ඇයගේ පරිහාණිය ද මේ තුළ මොනවට ඉදිරිපත් වෙනවා.
කොහොමවුණාත් මං මේක බලන්න කියල නිර්දේශ කරන්නේ 18 ඉහළ කට්ටියට විතරයි. මෙහි එන සමහර දර්ශන බාලවයස්කරුවන්ට නුසුදුසුවීම ඊට හේතුවයි. චිත්‍රපටය බලද්දි සිනමා ලොව නිළියක සම්බන්ධයෙන් වූ සදාතනික සත්‍යයක් මේ කතාව හරහා මතු කෙරෙනව ද කියලත් වෙලාවක මට හිතුණා. තවත් විදිහකට කිව්වොත් මේකෙ සෙක්ස්වලට වඩා එහා ගිය දෙයක් තියෙන බව තමයි මට දැනුණේ. එහෙනම් ඔයාලත් බලන්නකෝ ඔයාලටත් ඒ දේ දැනෙයි ද කියල…….
Quality | Size | Language | |
---|---|---|---|
DVDRip HD 720p | 1 GB | Hindi | |
DVDRip HD 720p | 1 GB | Hindi | |
DVDRip HD 720p | 1 GB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
DVDRip SD 480p | 500 MB | Hindi | |
DVDRip SD 480p | 500 MB | Hindi | |
DVDRip SD 480p | 500 MB | Hindi |
Quality | Size | Language | |
---|---|---|---|
DVDRip SD 480p | 500 MB | Hindi | |
DVDRip HD 720p | 1 GB | Hindi |
මෙම චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දෙබස් හා දර්ශන ඇතුලත් විය හැක.