මේ කතාව දිග හැරෙන ලොව ප්‍රධාන වශයෙන් මිනිස් කොට්ටාශ හතරක් වෙසෙනවා. මේ මිනිස් වර්ගන් හතරට ලොව මූලික පදාර්ථයන් වෙන පොළොව, වාතය, ජලය සහ ගින්දර Bend කරන්න පුලුවන්. මෙයාලගෙ සටන් සිද්ධ වෙන්නෙ මේ පදාර්ථ bend කිරීමෙන්. ලොව සාමය පවත්වාගන්නේ, ලොවටම එකෙක් වන, නැවත නැවත ඉපදෙන, Avatar නමින් හදුන්වන, පදාර්ථ හතරම bend කරන්න පුළුවන් පුද්ගලයෙක්. හදිස්සියේම Avatar Roku මිය යනවා. අළුත් Avatar ඈති වන්නට පෙර අග්නි දේශය (Fire Nation) ලොවම යටපත් කර ගැනීමේ මෙහෙයුම අරඹනවා. කතාව කියන්නෙ ජල දේශයේ (Water Nation) හි Katara විසින්. එතනින් එහාට කතාව ඔයාලම බලන්න.
මම කීව වගේ මේ කතාවේ කාටූන් මාලව සෑහෙන්න ප්‍රසිද්ධ වුනා. ඒ මේ කතාවේ තිබ්බ සුපිරි බව නිසාමයි. කාටූන් මාලවට season තුනක් තිබුනා. කතාව දිගයි, සියුම් තැන් එමටයි. චිත්‍රපටියට ගොඩ නැගුවේ පළමු සීසන් එක පදනම් කරගෙන. හිතන්න කොච්ච්ර අමාරු වෙයිද ඔය කතාව පැය 1.5 ක් ඇතුලට ගන්න. අන්න එතන තමයි අලය තියෙන්නෙ. මටනම් කතාව අපරාදෙ වගේ, ඒ මම කාටූන් මාලාවේ තදබල ප්‍රේක්ශකයෙක් නිසා වෙන්න ඇති. ඔයාලත් බලන්නකෝ,
Not working