Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [No Ads ]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7 1 vote
Oct. 07, 2024United States116 Min.

The Menendez Brothers (2024) | මෙනෙන්ඩස් සහෝදරයෝ: ඝාතකයන්ද? වින්දිතයන්ද?

 

මේ වතාවේ මං සිංහල උපසිරැසි අරගෙන ආවේ ජනප්‍රිය වාර්තා චිත්‍රපටයකටයි. ඒ තමයි මං විසින්ම සිංහල උපසිරැසි ගැන්වූ Monsters: The Lyle and Erik Menendez Story ටෙලිනාට්‍යයට පසුබිම් වන බිහිසුණු වගේම ඛේදජනක කතාන්දරය ගැන නිර්මාණය කෙරුණු වාර්තා වැඩසටහනක් වන The Menendez Brothers (2024). මේ වාර්තා චිත්‍රපටය 2024 සැප්තැම්බර් මස අවසානයේදී Netflix සමාගම විසින් නිවේදනය කෙරුණේ, Netflix විසින් ද නිෂ්පාදනය කරන ලද Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාව ප්‍රදර්ශනය කිරීමෙන් දින කිහිපයකට පසුව යි. 2024 ඔක්තෝම්බර් 07 වැනිදා  Netflix ඔස්සේ මුල්වරට නිකුත් කෙරුණු මේ වැඩසටහන IMDb දර්ශකයේ 7/10ක ඉහළ අගයක් ලබාගන්නට සමත්ව තිබෙනවා. නිකුත් කිරිමත් සමඟ පළමු සතියේම නැරඹුම් වාර මිලියන 22.7ක් ලබාගන්නට මේ වැඩසටහන සමත් වෙලා තිබෙනවා. Lejandro Hartmann විසින් අධ්‍යක්ෂණය කෙරුණු The Menendez Brothers (2024) වැඩසටහන, කැම්ප්ෆයර් ස්ටූඩියෝ වෙනුවෙන් රොස් එම්. ඩයිනර්ස්ටයින් සහ රෙබෙකා එවන්ස් විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. 

පැය එකකුත් මිනිත්තු පනස් හතක් පුරා ගවේෂණය කරන්නේ, බෙවර්ලි හිල්ස් මන්දිරයේ සිය දෙමව්පියන් ඝාතනය කළ සුප්‍රකට එරික් සහ ලයිල් මෙනෙන්ඩස් සහෝදරයන්ගේ කතාන්දරයයි.  තිස් වසරකට අධික කාලයක් මුළුල්ලේ ලෝකයේම දැඩි ආන්දෝලනයට ලක් වුණු ඝාතන සිදුවීමට අදාළ සියලුම දෙනා නැවත සාකච්ඡාවට ලක් කරන්නේ මිනීමැරුම් වලට තුඩුදුන් හේතුන් ගැන ආවර්ජනයක යෙදෙමින්. වසර තිහකට පමණ පසු පළමු වතාවට, සහෝදරයන්ම හරියටම සිදුවූයේ කුමක්ද සහ ඔවුන් එය කළේ ඇයිද යන්න ගැන කතා කරනවා, ඔවුන් තවමත් සිරගත කර ඇති බන්ධනාගාරයේ සිට ශ්‍රව්‍ය සම්මුඛ සාකච්ඡා මඟිනුයි. සහෝදරයන්ට අමතරව, පවුලේ අය, නීතිඥයින්, ජූරි සභිකයින්, වාර්තාකරණ මාධ්‍යවේදීන් සහ ප්‍රධාන නඩු පවරන්නා වන පැමෙලා බොසානිච් මේ වාර්තා වැඩසටහනට සාකච්චා මඟින් දායකත්වය ලබා දී තිබෙනවා.

 Monsters: The Lyle and Erik Menendez Story කතා මාලාවේ ඉදිරිපත් කෙරෙන කතාන්දරයේ සත්‍ය කතාවට වඩා වෙනස් සිදුවීම් කිහිපයක් තිබුණා. විශේෂයෙන්ම එහි මෙනෙන්ඩස් සහෝදරයන්ව නිරූපණය වුණේ සමලිංගික වයාභිචාරී සබඳතාවයක් තිබුණු දෙන්නෙක් විධියටයි. එහෙත් සත්‍ය වශයෙන්ම වාර්තා වන කරුණු අනුව ඔවුන් අතර එවැනි ලිංගික සම්බන්ධයක් තිබුණේ නැහැ. සත්‍ය චරිත පසුබිම් කරගනිමින් බිහිවන සිනමා හෝ ටෙලිනාට්‍ය නිර්මාණ වලින් ඒ සත්‍ය චරිත වලට යම් අසාධාරණයක් විය හැකියි, හුදෙක් නිර්මාණ කරුවන්ගේ ප්‍රබන්ධයන් ඇසුරින් සත්‍යයට වෙනස් අර්ථකතන ඉදිරිපත් කරද්දී. නිර්මාණ කරුවන්ට අවශ්‍ය විධියට එවැනි අර්ථකතන දෙනවා නම් වඩාත් සාධාරණ වෙන්නේ පුද්ගල නාම වෙනස් කර යොදා ගැනීමයි. එවිට නිර්මාණකරුවාටත් නිදහසක් ලැබෙනවා අවශ්‍ය පරිදි චරිත සහා සිදුවීම් නිර්මාණය කරගන්නට. කෙසේ වෙතත්, මේ වාර්තා වැඩසටහනෙන් විශ්ලේෂණය කරනවා ඇත්තෙන්ම මේ මිනීමැරුම් වලට හේතු වුණු කරුණු ගැන. ඒ වගේම පැවැත්වුණු නඩු විභාග දෙකේදී විත්තිකරුවන්ට සාධාරණ විනිශ්චයක් ලැබුණාද යන වග ගැනත්. ඇත්තටම ලයිල් සහ එරික් කුඩා කාලයේදී දෙමව්පියන් අතින් අතවරයට ලක් වුණාද? ඒ සඳහා ඇති සාක්ෂි මොනවාද? නොඑසේ නම් ඔවුන් දෙමව්පියන්ව මැරුවේ හුදෙක්ම ඔවුන්ගේ ධනස්කන්ධය සහ රක්ෂණ වන්දි ලබාගන්නද? මෙනෙන්ඩස් යුවළ ඝාතනය නොකෙරුවා නම් ඔවුන්ගේ ධනය පුතුන්ට නොලැබීමට ඉඩක් තිබුණාද? එහෙනම් එරික් සිය පෞද්ගලික මනෝ උපදේශකයා හමුවේ පාපොච්චාරණය කළේ ඇයි? අද වන විට ලයිල් සහ එරික් සිටින්නේ කොහෙද? ඔවුන්ට කවදා හෝ නිදහසක් ලැබේද? මේ වාර්තා වැඩසටහන බලලම මේ දේවල් දැනගන්න එහෙනම්.

Subtiltes By

ප්‍රබුද්ධ කේසර විතානගේ

(Baiscopelk)

IMDb Rating 7 8,602 votes
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Menendez Brothers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Movie Quality

WEBRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Cast

Lyle Menendez isSelf (archive footage)
Self (archive footage)
Erik Menendez isSelf (archive footage)
Self (archive footage)
Leslie Abramson isSelf (archive footage)
Self (archive footage)
O. J. Simpson isSelf (archive footage)
Self (archive footage)

Similar titles

Mother (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transporter 2 (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hulk (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Random Acts of Violence (2019) Sinhala Subtitles
The Friendship Game (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Monster of Mexico (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Copshop (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love in the Big City (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goodnight Mommy (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published