(Veera (2011) Sinhala Sub , Veera (2011) Sinhala Subtitle , Veera (2011) Sinhala Subtitles )
මේක 2011 වර්ෂයේ තිරගත උණ එකක්. IMDB අගය 3.6 ලබාගෙන තියෙනවා. IMDB අගය අඩු උණත් ගොඩක් හොඳ චිත්‍රපටයක් කියලයි මට නම් හිතෙන්නෙ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Ramesh Varma. ප්‍රධාන චරිතය රඟදක්වන්නෙ Ravi teja. බයිස්කෝප් අඩවියේ පළවුණ Balupu (2013), Daruvu (2012), Sarocharu (2012) චිත්‍රපට නරඹල තියෙනව නම් නළුව ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Kajal Aggarawal, Tappsee pannu ප්‍රධාන නිළියන් විදියට චිත්‍රපටයට දායක වෙනවා. මේක ආදරය මෙන්ම ක්‍රියාදාම වළින් පිරුණ චිත්‍රපටයක්.
කතාව ගැන කියනව නම් ශ්‍යාමසුන්දර් කියන්නෙ අවංක, නිර්භීත පොලිස් නිලධාරියෙක්. මේ නිසා නගරයේ අපරාධ කරන හැම කෙනෙක්ම එයා එක්ක තරහෙන් ඉන්නෙ. අපරාධකාරයො ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයටත් බලපෑම් කරනවා. කරදර ඉවසගන්න බැරිම තැන එයා පොලීසියෙන් ඉවත්වෙන්න හදනකොට පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයව ආරක්ෂා කරන්න දේවා නමින් ආරක්ෂක නිලධාරියෙක් පත්කර එවනවා. දේවා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එයා අපරාධකාරයොන්ට ශ්‍යාමසුන්දර්ගෙ පවුලෙ අයට අතවත් තියන්න දෙන්නෙ නෑ. දේවගෙ පෙම්වතිය වෙන්නෙ අකී. නමුත් දවසක් ශ්‍යාමසුන්දර් වගේම අපරාධකාරයොත් දැනගන්නවා දේවා නමින් පවුලෙ අයව ආරක්ෂා කරන්නෙ පොලිස් දෙපාර්තමේන්තුව පත්කරපු නිලධාරියා නෙමෙයි කියලා. ඒ වගේම මේ දේවා කියන නිලධාරියා කාලෙකට කලින් මියගිය කෙනෙක්.
එතකොට කවුද මේ මියගිය නිලධාරියා නමින් ශ්‍යාමසුන්දර්ගෙ ගෙදර ඉන්න දේවා කියන කෙනා. ඔහු ඇවිත් ඉන්නෙ මොකටද? මේ හැමදේම ඔයාල චිත්‍රපටය නරඹලම දැනගන්න. ජය වේවා!
Quality | Size | Language | |
---|---|---|---|
BluRay HD 720p | 2 GB | Telugu | |
BluRay HD 720p | 2 GB | Telugu | |
BluRay HD 720p | 2 GB | Telugu |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 1.2 GB | Telugu | |
BluRay SD 480p | 1.2 GB | Telugu | |
BluRay SD 480p | 1.2 GB | Telugu |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 1.2 GB | Telugu |