John Carpenter අධ්යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.6/10 ක අගයක් වගේම Rotten Tomatoes අගය 30%ක් හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. Horror/Sci-fi ඝනයට තමයි අයිතිවෙන මේ චිත්‍රපටය මුලින්ම තිරඟත කරල තියෙන්නේ 1995 වර්ෂයේ අප්‍රේල් 28 වන දින. මේ චිත්‍රපටය සඳහා Christopher Reeve(1980 වර්ෂයේ සුපර්මෑන් චිත්‍රපට මාලාවේ සුපර්මෑන් ලෙස රංගනයෙන් දායක වූයේ මොහුයි) , Linda Kozlowski, Kirstie Alley, Michael Paré , Mark Hamill යන ප්‍රසිද්ධ දක්ෂ නලු නිලි කැලක් රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටයට මූලික වෙන්නේ 1957 දී John Wyndham විසින් රචිත The Midwich Cuckoos නම් විද්‍යා ප්‍රබන්ධ ,Horror නවකතාවයි. ඒ වගේම 1960 වර්ෂයේත් මේ පොත අනුසාරයෙන් Village Of The Damned නමින්ම චිත්‍රපටයක් නිර්මාණය වුණා.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ චිත්‍රපටයේ සියලුම සිදුවීම් සිදු වෙන්නේ මිඩ්විච් කියන හුදකලා ගම තුළයි. මිඩ්විච් කියන්නේ ඉතාමත් සාමකාමී ගමක්.නගරයේ මිනිස්සු ඉතාමත් හොඳින් ජීවත් වුණේ. එක දවසක මේ නගරයේ මිනිස්සු,සත්තු හැමදෙනාම අත්භූන විදිහට උදේ 10.00 එකපාරටම නින්දට වැටෙනවා. හැබැයි මේ නගරය තුළ විතරයි .නගර සීමාවෙන් පිටත ඉන්න අයට කිසිම බලපෑමක් නෑ. ඒත් මේකට හේතුව හොයාගන්න බැරි වෙනවා.විශ වායුවක්, න්‍යශ්ටික හේතුවක් නිසා ඇතිවුණා කියල උපකල්පනය කළත් ඒවට කිසිම සාක්ෂියක් හොයා ගන්න බැරිවෙනවා. ඒත් පැය කීපයකින් හැමෝම නින්දෙන් ඇහැරෙනවා. ඒත් ටික දවසක් ගෙවිලා යනකොට ගමේ කාන්තාවන් බොහෝ දෙනෙක් ගැබ් අරගෙන කියල දැනගන්න ලැබෙනවා. නමුත් පුදුමයට කාරණය වෙන්නේ මේ සියලු ගැබ් ගැනීම් එදා අත්භූන සිදුවීම සිදු උන දවසේ ඉදල සිදු වුණා කියල පෙනෙන්නට තිබීමයි . ඉතින් ඇත්තටම මේකට හේතුව මොකක්ද ? ඒක දැනගන්න ඕන නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා. ඔයා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න ඕන චිත්‍රපටයක්.කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් අවසානය තෙක් කුතුහලය රැදිල තියන චිත්‍රපටයක් තමයි මේක. නොසිතූ අවසානයක් චිත්‍රපටයේ තියෙනවා.
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 400 MB | English | |
BluRay HD 720p | 800 MB | English | |
BluRay FHD 1080p | 1.5 GB | English |
Quality | Size | Language | |
---|---|---|---|
BluRay SD 480p | 400 MB | English | |
BluRay HD 720p | 800 MB | English | |
BluRay FHD 1080p | 1.5 GB | English |