Please Wait, Page Is Loading...
දැනට IMDb එකට අනූව අංක එකේ කතාව මොකක් කියලද හිතන් ඉන්නේ? Games of Thrones නැත්තන් Breaking Bad? එක්කෝ Planet Earth II හරි Band of Brothers? එහෙමනම් හිතන් ඉන්නේ පොඩ්ඩක් මෙතනට ගිහින් බලන්න ටොප් රේටඩ් ටීවී ශෝ එක මොකද්ද කියල. බැලුවද? පුදුමද? ඔව් වැඩි හැල හොල්මනක් නැතුව HBO ආයතනයෙන් මීට සති තුනකට කලින් නිකුත් කල අලුත්ම මිනි සීරිස් එකක් ඒ කියන්නේ කොටස් 5 කින් යුත් කතා මාලාවක් තමයි මේ විප්ලවය කරලා තියෙන්නේ. පුදුමයි නේ? සීසන් පිට සීසන් ආව කතා ඔක්කොම යට කරගෙන මේ කොහෙවත් නැති එපිසෝඩ් පහක් ලොකු පෙරලියක් කලේ කොහොමද? එත් තාම කොටස් තුනක් විතරයි විකාශය උනේ. ඒක වෙන්න හේතු ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව අනික් කිසිම කතාවක් වගේ නෙමේ මේ කතාව 1986 අප්‍රේල් මාසයේ යුක්රේනයේ සිද්ධ උන සත්‍ය වගේම ඉතාමත් බිහිසුණු සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීම් නම් ඕන තරම් ඔය යන්නේ හැබැයි මේ කතාවේ ඔයාල දකින රූපරාමු සහ කතාව යම් යම් සිද්දි එකිනෙක අමුණලා තියෙන ආකාරය නිසා ඕනෑම කෙනෙක්ට දැනෙන්න ගන්නවා දෙයියනේ මෙහෙම දෙයක් උනාද කියල. මම දැන්ම කියන්නම් සමහර සිදුවීම් වලදී ඇඟේ හිරිගඩු පිපුනේ නැත්තන් වහාම ගිහින් ලාදුරු චෙක් කරගන්න. දැන් කියන්නම් මොකද්ද මේ අරුම පුදුම සිදුවීම කියල.
නිකන් වගේ අහල හෝ දැකලා තියෙනවද Chernobyl කියන නම? ඔව් මේ නම ලෝක ප්‍රසිද්ධ වෙන්න ලොකු හේතුවක් තියෙනවා. 1986 අප්‍රේල් මාසයේ 25-26 දින දෙක තුල යුක්රේනයේ ප්‍රිප්යට් කියන පළාතේ ලොකු පිපිරීමක් සිද්ධ උනා. ඒ වෙනකොහෙවත් නෙමේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුල. මේ කාලය තුල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හරහා තමයි මේ රටවල් සියල්ල පාලනය උනේ. ඔව් සමාජ වාදය. කතාව බලනකොට ඔයාලට ගොඩක් සහෝදරයෝ මුණ ගැහෙයි. රුසියාව ප්‍රමුඛ රටවල් වල සන්ධානයක් උන සෝවියට් සමූහාණ්ඩුව යටතේ ක්‍රියාත්මක උන තවත් රහස් නය්ෂ්ටික බලාගාරයක් තමයි චර්නොබිල් කියන්නේ. මේ බලාගාරය තුල බල ශක්තිය නිපදවීමට යොදාගෙන තිබුනේ යුරේනියම් (235 U සමස්ථානිකය) කියන මූලද්‍රව්‍යයි. න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරිත්වය ගැන සවිස්තරාත්මකව මෙතන විස්තර කරන්න ගිහින් ඔලුව පිස්සු වට්ටන්නේ නැතුව මම කියන්නම් මේ බලාගාර නිපදවන්නේ ඇයි සහ ඒ හරහා ඇති අවදානම ගැන වගේම එහි සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය ගැන යම් මට්ටමකට. මේ බලාගාර නිර්මාණය කරන්නේ ඇත්තටම විදුලිය නිපදවාගන්න සහ තාපය නිපදවාගන්න. නිපදවා ගන්න යොදාගන්න ක්‍රමය නම් ටිකක් සංකීර්ණයි.
පරමාණු ගැන අහල තියෙනවනේ. ඒවගෙත් තවත් කුඩා අංශු තියෙනවනේ. ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන කියල. ඉතින් මේව යොදාගෙන ඒ අතර ගැටීමක් සිදු කරලා ඉන් පිටවන ශක්තිය පරිවර්තනය කරගන්න තමයි න්‍යෂ්ටික බලාගාර නිර්මාණය කරන්නේ. මෙවැනි බලාගාරයක් හරහා සාමාන්‍යයෙන් මෙගාවොට් 3200 වගේ තාපයක් සහ මෙගාවොට් 1000ක පමණ විදුලියක් නිපදවාගන්න පුළුවන්. මම මේ කියන්නේ මේ සිදුවීමට අදාළ න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන්. චර්නොබිල් බලාගාරය තුල සෝවියට් සමූහාණ්ඩුවට ආවේනික වූ න්‍යෂ්ටික ප්‍රතික්‍රියකාරක වර්ගයක් තමයි භාවිතා උනේ. ඒවා නමින් RBMK (Reaktor Bolshoy Moshchnosti Kanalnyy) වූ අතර මේ කෙටිනාමය දීර්ග රුසියානු නමක කෙටි කිරීමක්. මේ ප්‍රතික්‍රියාකාරක වලත් විවිධ ප්‍රභේද පැමිණි අතර චර්නොබිල් බලාගාරය තුල යොදා ගැනුනේ RBMK – 1000 නමැති ප්‍රභේදයයි. RBMK ප්‍රතික්‍රියාකාරක වලත් 1000, 1500, 2400 වැනි සංස්කරණ පසුකාලීනව නිර්මාණය උනා. කෙසේ වෙතත් මේ ව්‍යසනයට මුල් උනේ RBMK – 1000 නමැති Reactor හෙවත් ප්‍රතික්‍රියාකාරකයයි. ඉතින් මේවගේ ප්‍රධාන ශක්ති නිෂ්පාදන මූලද්‍රවය වෙන්නේ යුරේනියම් විශාල තාපයක් පිටවීම නිසා මෙහි සිසිලනය සිදුවන්නේ ජාල ප්‍රවාහයක් හරහා. පහත දැක්වෙන්නේ එවැනි ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය සහ කොටස් වල දල සටහන් දෙකක්. මොකද මේ වචන කතාව තුල අහන්න ලැබෙනකොට ඒ මොකද්ද අර මොකද්ද කියල බලාගන්න මේ හරහා පුළුවන් වෙයි.
RBMK ප්‍රතික්‍රියාකාරකයක කොටස්
ඒ වගේම දැනට මෙවැනි ප්‍රතික්‍රියකාරක එනම් RBMK – 1000 දක්නට ලැබෙන්නේ රුසියාවේ ස්ථාන තුනක පමණයි. ඉන් එකක් Kursk-1,2,3,4 නමින් Kursk නගරයේත්, Sosnovy Bor නගරයේ Leningrad-1,2,3,4 නමින් ප්‍රතික්‍රියාකාරක 4ක් තිබෙන අතර ඉන් එකක් 2018 වසරේදී වසා දමනු ලැබුවා. ඒ වගේම Smolensk පළාත තුල තවත් Smolensk-1,2,3 නමින් ප්‍රතික්‍රියාකාරක තුනකුත් අදවන විටත් ක්‍රියාත්මක වෙනවා.
RBMK ප්‍රතික්‍රියාකාරකයක ක්‍රියාකාරිත්වය
ඉතින් මෙහෙම හරිම ආරක්ෂාකාරීව නිර්මාණය උනත් 1986 අප්‍රේල් මාසයේදී සිද්ධ උන සිදුවීම න්‍යෂ්ටික බලාගාර වලට අපල කාලයක් උදා කෙරුවා. ඒ පිපිරීමත් සමඟ සෝවියට් සමූහාණ්ඩුව තුල තිබු බොහෝ න්‍යෂ්ටික බලාගාර වසා දමන්න ඔවුන් පියවර ගනු ලැබුවා. මේ කතාවේ එක්තරා අවස්ථාවක ඔයාලට දකින්න ලැබේවි න්‍යෂ්ටික බලාගාරයක විකිරණ කාන්දුවක් උනාම ඒවා කොයි තරම් ප්‍රබලද සහ කොයි කාලයක් පවතිනවද කියල මෙහි ඉන්න මහාචාර්යවරයෙක් පැහැදිලි කරනවා. මම ඒ වචන වලින්ම මේකේ බැරෑරුම් කම ඔයාලට දැනෙන්න කියල දෙන්නම්. එයා කියන්නේ මේ විදිහට….
“RBMK-1000 ප්‍රතික්‍රියාකාරක තුල ඉන්ධනය විදිහට භාවිතා කරන්නේ යුරේනියම් 235 කියන සමස්ථානිකය. සෑම යුරේනියම් 235 කියන පරමාණුවක්ම උණ්ඩයකට සමානයි සහ ඒවා ගමන් කරන්නේ ආලෝකයේ වේගයටත් වඩා වේගයකින්. එවැනි වේගයකින් ගමන් ගන්න පරමාණුවක් ඊට බාධා වන ඕනෑම දෙයක් හරහා ගමන් කරනවා. දැව, ලෝහ, කොන්ක්‍රීට් සහ මිනිස් හෝ සත්ව සිරුරු හරහා ගමන් කරනවා. යුරේනියම් 235 කියන මුලද්‍රවය ග්‍රෑම් 1 තුල මේවගේ පරමාණු බිලියන ට්‍රිලියන ගණනකටත් වඩා තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක තියෙන උණ්ඩ ගණන. දැන් මේ චර්නොබිල් බලාගාරය ඇතුලේ යුරේනියම් 235 මූලද්‍රව්‍ය ග්‍රෑම් මිලියන තුන්සීයක් විතර තියෙනවා. දැන් ඒ හැම එකකම ගින්දරෙන් දැවෙනවා. සුළඟ මගින් මේ දැවෙන විකිරනශීලි අංශු මුළු මහාද්වීපය පුරාම රැගෙන යනවා. වර්ෂාව මගින් ඒවා ආපහු පොළවට රැගෙන එනවා. අපි මේ කතා කරන්නේ මිලියන, ට්‍රිලියන, බිලියන තුනක විතර උණ්ඩ ප්‍රමාණයක් ගැන. ඒ උණ්ඩ අපි හුස්ම ගන්න වාතයේ, අපි බොන ජලයේ, අපි කන කෑම වල අන්තර්ගත වෙනවා. මේ උණ්ඩ බොහොමයක් එහි කාර්ය අඩුම වශයෙන් අවුරුදු 100ක් වත් කරනවා. සමහර ඒවා වසර 50,000ක් වත් යනකන් නතර වෙන්නේ නැහැ.”
බලාගාරය හරහා ලැබුන බලශක්තිය වගේම ඉන් තියෙන අවදානම නම් අතිමහත්. ඔය උඩ කියන ඡේදය සහිත කොටස ඔබට දකින්න ලැබෙන්නේ දෙවන කොටසේදී. ඒ අවස්ථාවේදී ඔයාලටත් දැනෙයි ඔයාලත් විකිරණවලට හසු උනාවගේ දැනීමක්. මේ අනතුර අවසානයේ අපි අද දකින තත්වයට වඩා එදා පිපිරුමෙන් පස්සේ ගත උන සෑම දිනයක්ම එය නතර කිරීමට උත්සහ දරන සෑම කෙනෙක්ටම අලුත් අලුත් අභියෝග ගෙනත් දී තිබෙනවා. ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නට ඒ වෙනුවෙන් කැප උන සෑම දෙනෙක්ටම සිද්ධ උනේ අර උඩ කියපු උණ්ඩ වලට ගොදුරු වෙන්න. පරම්පරා ගණනාවක යහපත සෝවියට් සමූහාණ්ඩුවේ කීර්තිය වෙනුවෙන් ජිවිත දහස් ගානක් ලක්ෂ ගානක් බිල්ලට දෙන්න උනා.
පුපුරා යාමට ප්‍රථම චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය
ඉහත ඡායාරූපය අනූව මේ ස්ථානය තුල තවත් මෙවැනිම RBMK ප්‍රතික්‍රියාකාරක 3 ඒ වනවිටත් තිබු අතර ගින්න නිසා පසුව සිද්ධ වෙන්න ගිය පිපිරීම් සිදුවුවා නම් විකිරණ වලින් සිද්ධ වෙන හානිය හතර ගුණයකටත් වඩා වැඩි වීමට ඉඩකඩ තිබුනා.
පිපිරීමෙන් පසු එම ස්ථානයේ ස්වරූපය
මෙවන් ව්‍යසනයකින් සිද්ධ වෙන ක්ෂණික මරණ ප්‍රමාණය ඉතාමත් අවම උනාට කාලය ගත වන්න වන්න ඊට නිරාවරණය උන පිරිස තමන් නිරාවරණය වූ ප්‍රමාණය අනූව විවිධ දුක් විඳලා මිය යනවා. සමහරු පිළිකා වලට ගොදුරු උනා. අංග විකල දරුවන ඉපදෙන්න ගත්තා. ඉපදෙන්න ඉන්න දරුවන් විකෘති වී ඇතැයි සිතා දරු ගැබ් විනාශ කරගනු ලැබුවා. මීට වසර 33 කට කලින් සිද්ධ උනත් අදටත් එහි වන්දි ගෙවන පිරිස් ජිවත් වෙනවා. අදටත් මේ පොළවෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 50,000ක් යනකන් මේ පොලවේ කිසිම දෙයක් වගා කරන්නවත් එහි වාසය කරන්නවත් සුදුසු මට්ටමක් ස්වභාවිකව උදා වෙන්නේ නැහැ. පහත තියෙන්නේ 1996 වසරේදී සිදු කල ගවේෂණයකදී චර්නොබිල් අවට තිබුන විකිරණ මට්ටම් වල සිතියමක්.
මෙවන් විපතක් වෙන්න වගේම උනාට පසු එයින් වෙන හානිය වලක්වාලීම සම්බන්ධයෙන් එහි සිටි පාලකයන් කෙලින්ම වගකිව යුතු වෙනවා. නමුත් නඩු විභාගයකට පසු ඔවුන්ට ලැබුන දඬුවම උනේ කම්කරු කඳවුරක වසර 10 ක සිරදඬුවමක් පමණයි. Viktor P. Bryukhanov- බලාගාර කළමනාකරු, Nikolai M. Fomin – ප්‍රධාන ඉංජිනේරුවරයා Anatoly S. Dyatlov – සහකාර ප්‍රධාන ඉංජිනේරු මොවුන්ට තමයි ඒ දඬුවම ලැබුනේ. මේ චරිත වල තිබෙන ම් උද්දච්චකම, අහංකාරකම සහ විෂයේ ඇති නූගත්කම මැනවින් මෙහි මුල් කොටස් තුලින් දැකගන්න ලැබේවි. මම මේ පිපිරීමට අදාළ හේතුව මේ ලිපිය හරහා නොකියන්නේ එය මේ කතාවේ රසවින්දනයට සහ කුතුහලයට බාධාවක් වන නිසා. අවසානය තෙක් බලාගෙන යනකොට ඊට හේතු අපිට දැනගන්න ලැබේවි.
වර්තමානයේ චර්නොබිල් ගැන අපිට යම් තරමක සුබ ආරංචියක් ලැබුනා ඒ තමයි මිනිස් වාසයට හෝ වගාවට නුසුදුසු මේ භූමිය සූර්ය පැනල් ව්‍යාපෘතියක් සඳහා තෝරාගෙන ඇති බව. එමගින් දැනටමත් මෙගාවොට් එකක විදුලියක් 2016 ආරම්භ වූ මේ ව්‍යාපෘතිය හරහා ලබාගන්නවා. ඒ වගේම ජර්මානු යුක්රේන හවුල් සමාගමක් හරහා ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය ඉදිරියේදී තවත් සමාගම් සමගින් එක්වී පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තමයි දැනට ඔයාල වෙනුවෙන් ලබාදෙන විස්තරය. එහෙනම් දෙවන කොටස සමඟින් මුණ ගැසෙන තෙක් ගිහින් එන්නම් IMDB දර්ශකයේ පෙරමුණ ගත් නවතම රූපවාහිනී කතා මාලාව මෙසේ ඔබට ලබා දෙමින්. ජය!!!
Season 01 (Complete)✅
Episode 01- 05 ✅
උපසිරැසි ස්ථිරවම එක්කර ඇත
Supiriyak hode
hoda mini series ekak
patta mini series ekak