Please Wait, Page Is Loading...

Lazarus (2025) TV Series | S01 | EP01-07  | Incomplete

Lazarus (2025) TV Series | S01 | EP01-07 | Incomplete

Apr. 06, 2025
Your rating: 0
6.0 3 3 votes

ඉතින් මේක නියමයි කියල හිතන්න පුලුවන් කාරණා කිහිපයක්ම තියෙනවා.ඇත්තටම ප්‍රධාන වශයෙන් කාරණා තුනක් ක් මං සඳහන් කරන්නම්. එක තමයි කතාවේ නිර්මාපකයා වෙන්නෙ Cowboy Bebop, Samurai Champloo කියන ඇනිමෙ කතා මාලා නිර්මාණය කරපු Shinichiro Watanabe විසිනුයි. දෙක තමයි මේ කතාවේ ක්‍රියාදාම අධ්‍යක්ෂක විදිහට ඉන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වෙන John Wick හි අධ්‍යක්ෂක Chad Stahelski විසිනුයි. තුන් වෙනි එක තමයි Attack on Titan, Chainsaw Man, Hell’s Paradise වගේ ඇනිමෙ නිර්මාණය කරපු Mappa Studio එක මෙහි ඇනිමේෂන් නිෂ්පාදන කටයුතු සිද්ධ කරන එක. ඔන්න ඔය කියන කාරණා තුන නිසා තමයි මේක නියම කතාවක් වේවි කියල අපිට හිතන්න පුලුවන් කම ලැබෙන්නෙ.

Shinichiro Watanabe ගේ original කතාවකට අනුව නිර්මාණය වෙන Lazarus නම් මේ ඇනිමෙ කතා මාලාව Season 1 ට අදාළව මිනිත්තු 13 බැගින් වුනු කොටස් 13 කින් සමන්විත බව දැනුම් දී තිබෙනවා. Action, Sci Fi යන Genre වලට අයත් වෙන මේ කතාව මේ වෙද්දි පළමු කොටස අවසානයේදී MyAnimeList දර්ශකයේ 7.74 ක අගයක් වගේම Rotten Tomatoes හි 93% ක අගයක් ලබාගෙන තියෙනවා. කතාවේ Opening Theme එක විදිහට ‘Vortex’ ගීතය Kamasi Washington විසිනුත් Ending Theme එක විදිහට ‘Lazarus’ ගීතය The Boo Radleys විසිනුත් perform කරනවා. ඉතින් මේ ඔක්කොම එක්ක ඔබට වෙනස් අත්දැකීමක් ලබාගන්න පුලුවන් කම ලැබෙනවා. දැන් යමු කතාව පැත්තට….

“හප්නා” කියල කියන්නෙ ලෝකයේ මිනිස්සුන්ගෙ සියලු වේදනා නිවාලපු වේදනා නාශකයක් විදිහට හඳුන්වන ඖෂධයක්. මේක නිපදවන්නෙ ආචාර්ය ස්කිනර් කියල කෙනෙක්. එහි ප්‍රතිඵල නිසා මේ හප්නා වේදනා නාශකය ‘ලෝකය බේරාගත් ඖෂධය’ කියලත් හැඳින්නුවා. ඒ නිසා වෙළඳපලෙත් සෑහෙන්න ලොකු ඉල්ලුමක් මේ හප්නා වලට තිබුනා. හිටිහැටියේම මේ ඖෂධය නිපදවපු ආචාර්ය ස්කිනර් අතුරුදහන් වෙනවා. හැබැයි කාලකෙට පස්සෙ අතුරුදහන් වුනු මේ ස්කිනර් ආයෙත් මතුවෙලා එක වීඩියෝ පටයක් සමාජයට මුදා හරිනවා. ඒ වීඩියෝ එකේ ස්කිනර් කරන ප්‍රකාශයක් නිසා මෙතෙක් කල් වේදනාවක් නැතුව විනෝදයෙන් හිටපු මුළු ලෝකයේම මිනිස්සුන්ගෙ මරණ බය ඇති වෙන්න පටන් ගන්නවා.

මේ පසුබිම යටතේ තමයි Lazarus (ලාසරස්) ආචාර්ය ස්කිනර්ව හොයන්න මෙහෙයුමක් දියත් කරන්නෙ. ඒකට දැනට සිරභාරයේ ඉන්න “ඇක්සෙල් ගිල්බර්ටො” වත් එකතු කරගන්න මේ ලාසරස් තීරණය කරනවා. ඒත් හිරේ ඉන්න කෙනෙක්ව කොහොමද එළියට ගන්නෙ? ඇක්සෙල් ගිල්බර්ටොගෙ විශේෂත්වය මොකක්ද? ලාසරස් කියන්නෙ මොකක්ද, කවුද? ආචාර්ය ස්කිනර්ගෙ වීඩියෝ පටයේ තිබුනෙ මොකක්ද? මිනිස්සු බය වුනේ ඇයි? මෙන්න මේ ප්‍රශ්න සමඟින් මේ කතාව ඇරඹෙනවා.

මුලින් සඳහන් කළා වගේ මේ කතාව Shinichiro Watanabe අතින් නිර්මාණය වූවක් නිසා Cowboy Bebop කතාවට සමාන දේවල් මේ කතාව තුළිනුත් දකින්න පුලුවන්. ඒ වගේම තමයි Action mixed Parkour මේ කතාවෙන් දකින්න පුලුවන්. ඉදිරි කොටස් තුළිනුත් කතාව ක්‍රියාදාමයන් පිරුනු කතාවක් වේවි කියල අපිට අනුමාන කරන්න පුලුවන්. ඒ වගේම Mappa studio හි ඇනිමේෂන් එක්ක කතාව තවත් රසවත් වේවි. මේ අධ්‍යක්ෂකගේම තවත් ත්‍රාසජනක කතාවක් වෙන, මම ඉහතදී සඳහන් කරපු Cowboy Bebop කතාවේ සිංහල උපසිරැසිත් ඔයාට බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම ගන්නත් පුලුවන්. එහෙනම් නරඹන්න මේ Lazarus ත්‍රාසජනක ක්‍රියාදාමය. ඉදිරි කොටස් තුළින් හමුවෙමු.

📌 Episode Info Season 01 (Incomplete) ❌
Episode 01-07 ✅
Episode 08-13 ❌

ඉතිරි Episode සඳහා උපසිරැසි නිකුත් වූ පසු ලබාදේ
📌 TMDb Rating 9.2 6 votes
First air date Apr. 06, 2025
Last air date Apr. 06, 2025
Episodes S01 EP01-07
Subtitles By :
Country :
Language :

📌 Seasons and Episodes

1Season 1 Apr. 06, 2025

Creator

Cast

Mamoru Miyano isAxel (voice)
Axel (voice)
Makoto Furukawa isDoug (voice)
Doug (voice)
Maaya Uchida isChristine (voice)
Christine (voice)
Yuma Uchida isLeland (voice)
Leland (voice)
Manaka Iwami isEleina (voice)
Eleina (voice)
Megumi Hayashibara isHersch (voice)
Hersch (voice)
Koichi Yamadera isSkinner (voice)
Skinner (voice)
Akio Otsuka isAbel (voice)
Abel (voice)

Video trailer

Similar titles

Squid Game (2021)  S01 & S02 Complete
Obi-Wan Kenobi (TV Series 2022) Complete Season 01
Asterix & Obelix: The Big Fight (2025) TV Series | S01 | Complete
Star Wars: Visions (2021) TV Series  Complete Season 01
The 100 (TV Series 2014-2020) Season 01 – 07 Complete
Marvel’s Daredevil (2015) TV Series | Season 01-03 | Complete
The Last of Us (2023) TV Series | S01 & S02 | EP 01-06 | incomplete
The Flash TV Series Complete S01 – S09 Complete With Sinhala Subtitles
War of the Worlds (2019-2022) TV S01 & S02 Complete
Study Group (2025) TV Season 01  Complete
The Terminal List TV Series (2022) Season 01 Complete With Sinhala Subtitles
Locke & Key (2022) TV Series Season 01 & 02  & 03 | Complete

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published