Please Wait, Page Is Loading...
පර්සි ජැක්සන් කියන්නේ වචන අන්ධතාවය සහ දෙයකට අවධානය දක්වන්න බැරි ආබාධය (ADHD) සහිත ළමයෙක්. (පස්සේ වෙලාවක රික් මාමා කියනවා එයා එහෙම කළේ එයාගේ පුතාටත් ඒ ආබාධය තිබුණ හින්දලු. පර්සි ජැක්සන් කියන්නේ එයාගේ පුතා නිදාගන්න වෙලාවට කියන්න රික් රියෝඩන් විසින් ලියපු කතාවක්).
පර්සිට අවුරුදු 12 වෙනකොට එයාගේ පස්සෙන් රාක්ෂයින් පන්නගෙන එන්න ගන්නවා. එතකොට තමයි එළිවෙන්නේ එයා උපදෙවියෙක් හෙවත් අර්ධ ලෝහිතයෙක් කියලා. ඒ කියන්නේ බාගයක් මිනිස්, බාගයක් දෙවි කෙනෙක්. මේ අතරේ සියුස්ගේ අකුණ අතුරුදහන් වෙනවා. මේකට වරද පැටවෙන්නේ පර්සිටයි. ඉතින් අවුරුදු 12 මේ පොඩි කොල්ලට පැවරෙනවා විශාල රාජකාරියක්. තමන්ගේ දිව්‍යමය මව / පියාගේ ගෞරවය ආරක්ෂා කරන්න, තමන්ගේ පණ බේරගන්න සහ දෙවියන් අතර ඇතිවෙන යුද්ධයක් වළක්වන්න සියුස්ගේ අකුණ හොයාගෙන එන්න කියලා. ඔන්න ඔය කතාව අපට මේකෙදී බලාගන්න පුළුවන්.