Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Elemental (2023) | “ගින්දර සහ ජලය”

මං ඔයාලට අරගෙන ආවේ ඊයේ අලුතින්ම නිකුත් වුණ ඇනිමේෂන් චිත්‍රපටියක්.. නිකන්ම ඇනිමේෂන් එකක් නෙවෙයි Disney හා Pixar ස්ටුඩියෝ එකකුවෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටියක්…Pixarලාගේ ඇනිමේෂන් ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. හැමදාමත් වෙනස් විදිහේ ලස්සන කතා තේමා යොදාගෙන ඉහළම ප්‍රමිතියක නිර්මාණය තමා එළියට එන්නේ..

හොඳයි මං ඔයාලට අරගෙන ආවේ ELEMENTAL චිත්‍රපටිය.

නමින්ම තේරෙනවා නේ මේකට සම්බන්ධවෙන්නේ ස්වාභාවික පරිසරය ගැන කතාවක්. මූලිකම  දේවල්. ජලය, ගින්න, සුළඟ සහ ශාක.මේ කතාවට මූලික වෙන්නේ ගින්දරින් නිර්මාණය වෙලා ඉන්න ඇම්බර් සහ ජලයෙන් නිර්මාණය වෙලා ඉන්න වේඩ් කියන චරිත දෙකේ ජීවිත කතාව. මීට අමතරව තවත් ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා. ඒවා මං පහළින් පෙන්වන්නම්.

ඇම්බර් ලූමන්

වේඩ් රිපල්

ගේල්

ක්ලෝඩ්

ඉතින් කතාව ලොකුවට කියන්න මගේ අදහසක් නෑ මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් කියලා තමා මං නම් හිතන්නේ. 

Comments