Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Player 01
  • Player 02
  • Player 03

Sherlock (TV Series 2010-2017) TV Series : Season 1-4 | Complete: 4x0

කස්ටියටම ෂර්ලොක් 2010  කතා මාලාව මතක ඇතිනේ… ඒකෙ එක කතා මාලාවට කොටස් තුන ගානේ කතාමාලා 3ට කොටස් 9යි ආවේ. හැබැයි මේ ඇවිත් තියෙන්නේ ඒකෙ හතරවෙනි  වෙළුම පළවෙනි කතාව නෙමේ. ඒත් මේක නම් කරලා තියෙන්නේ 04 E00 කියලා..මේ ඇවිත් තියෙන්නේ විශේෂ කොටසක්. ඇයි ඒ මේක විශේෂ  කියලා කතාව බැලුවම තේරෙයි.. මේක ගැන අමුතුවෙන් ඉතින් විස්තරයක් ඕනේ නෑනේ.. ෂර්ලොක් හෝම්ස් කිවුව ගමන් කස්ටිය අනිවා බලනවනේ… ඉතින් මේ කොටසට IMDB ලකුණු 8.7 ක ලැබිල තියෙනවා.ඒ වගේම වෙනදා රංගනයෙන් දායක උණු කස්ටිය සුපුරුදු විදියටම ඉන්නවා.

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. තුන්වෙනි වෙළුමේ අවසාන කොටස අවසන් වෙන්නේ චාල්ස් ඔගස්ටස් එහෙම නැත්නම් අවමන් රජා  කියන පුද්ගලයට ෂර්ලොක් විසින් වෙඩි තැබීම නිසා. මේ නිසා ෂර්ලොක් ව ටික කාලෙකට රටින් පිටට යවන්න තීරණය කරනවා.ඒත් ෂර්ලොක් ට රටින් පිටට යන්න ලැබෙන්නේ නෑ.. ඒකට හේතුව වෙන්නේ මොරියාටි විසින් රට පුරාම ප්‍රචාරණයක් දෙන ආපහු එයා එනවා කියලා.. අපි හැමෝම හිතුවේ මොරියාටි මැරිලා කියලනේ… තමන්ම වෙඩි තියාගෙන ඔලුව පිපිරුණාට පස්සේත් කොහොමද මොරියාටි ජිවත් වෙන්නේ.? ඒක නම් හැමෝටම ප්‍රශ්නයක් නේද? ඉතින් මේ ප්‍රශ්නයට උත්තර හොයාගන්න හෝම්ස් පාවිච්චි කරන්නේ අපුරු උපක්‍රමයක්.. ඒ ගැන නම් කියන්නේ නෑ.. ඒක ගැන තේරුම් ගන්න නම් කතාව බලන්නම වටිනවා. ඒ වගේම තමයි මේ කතාවේදී කාල අතර ගමන් කිරීමක් වගේ වෙනවා. ඒකෙන් කතාවේ රසය වැඩි වෙලා තියෙනව කියලයි මටනම් හිතෙන්නේ..ඒ වගේම තමයි අර “දොඩම් ඇට පහේ අභිරහස” කියන එකත් මේකට පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. හැබැයි මේ ඒ කතාව නෙමේ.. ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.. කතාව ආරම්භ වෙන්නේ ලෙස්ට්‍රඩ් විසින් ඇවිත් කියන කතාවකින්. එමිලියා රිකොලටි ඇගේ විවාහ සංවත්සර දවසේ මිනිස්සු ඉස්සරහ සියදිවි නසාගන්නවා.ඒත් ඒ කාන්තාවම ඊට පැය කීපයකට පස්සේ තමන්ගේ ස්වාමියාව මරලා දානවා. මැරුණු කාන්තාවක් කොහොමද එහෙම එන්නේ? හෝම්ස් කොහොමද මේ ගැටලුවට විසදුම් හොයන්නේ? ඒ වගේම් තමයි හෝම්ස් ඒ හරහා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?දැන් විස්තර කිවුව ඇතිනේ.. එහෙනම් කස්ටියටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා.. වොට්සන් මේ අභිරහස ගැන කියන කතාවකින් මම මේ විස්තරය අවසන් කරන්නම්….

“ අපේ වික්‍රම අතරින්, කිසිම සිද්ධියක් අසීමිත ලෙස මානසිකව සහ භෞතිකව පිඩා දුන්නේ නෑ අද්භූත  මනමාලිය තරම්..”

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published