Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Oct. 09, 1992United Kingdom154 Min.
1492: Conquest of Paradise (1992) | පාරාදීසය විජයග්‍රහණය

නමේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් කෑල්ලක් නොතිබුනාට, මේ ෆිල්ම් එකේ තියෙන්නේ එයාගෙ කතන්දරේ තමා. 1492 දී තමා ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකන් මහාද්වීපයේ තියෙන බහමාස් දූපත් වලට පළමු ඓතිහාසික චාරිකාව යන්නෙ. හැබැයි බහමාස් කියන්නෙ උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප අතර තියෙන දූපත් ටිකක් මිසක් ප්‍රධාන ගොඩබිම නෙවෙයි. ඒ ප්‍රධාන ගොඩබිමට මුලින්ම යන්නෙ කොලොම්බස් නෙවෙයි. Amerigo Vespucci කියල වෙනත් ගවේෂකයක්. එයත් කොලොම්බස්ගෙ සමකාලීනයෙක්.

හැබැයි කොලොම්බස් කියන්නෙ තමන් හොයාගත්ත, ඒ කියන්නෙ යුරෝපයට නිරාවරණය කළ ඇමරිකන් මහාද්වීපයේ දූපත් වල ස්වදේශිකයන්ට ගොඩක් හිරිහැර කරපු දරඳඩු නපුරු මිනිහෙක් කියල තමා ඓතිහාසික සාක්ෂි බැලුවම එළි වෙන්නෙ. එයා හොයාගත්ත දූපත් වල යුරෝපීය කොලනි ඇති කරල ඒවා කළමනාකරණය කිරීමේ වගකීම ස්පාඤ්ඤයේ පළමු ඉසබෙලා රැජින විසින් කොලොම්බස්ටම භාර කළත්, කොලොම්බස්ගෙ කළමනාකරණ දුර්වලතා නිසා ඒ දූපත් වල පිහිටවපු යුරෝපීය කොලනි වල පසුකාලීනව විවිධ ගැටුම් ඇති වෙලා අන්තිමට ඉසබෙලා රැජිනට සිද්දවෙනවා කොලොම්බස්ව ආපහු මව් රටට ගෙන්නගෙන, වෙනත් නිලධාරියෙක්ව ඒ තනතුරට පත් කරන්න.

මේක බලල මේ ගැන කරුණු හොයද්දි තේරුම් ගත්ත තව දෙයක් තමා කොලොම්බස් ඇමරිකන් මහාද්වීපය හොයාගන්නෙ ඇත්තටම එයා “බොරුවක්” ඇත්ත කියල විස්වාස කරපු නිසයි කියන එක. ඒක මෙහෙමයි. ඉස්සර, ඒ කියන්නෙ ඔය පහලොස් වැනි සියවසේ වගේ යුරෝපීය ජාතිකයින් ලෝකය ගෝලාකාරයි කියල තේරුම් අරන් තිබ්බත්, එයාලගෙ ලෝක ගෝලෙ ඇමරිකාව කියන සම්පූර්ණ භූමි ප්‍රදේශයම තිබුන් නෑ. එතකොට, කොලොම්බස් හිටිය රටේ, ඒ කියන්නෙ ස්පාඤ්ඤයේ, කෙනෙකුට චීනයට හෝ චීනය හරහා ඉන්දියාවට යනව නම්, ඒක මැදපෙරදිග හරහා ගොඩබිමෙන් හෝ අප්‍රිකානු මහාද්වීපය වටේ ගිහින් තමා යන්න වෙන්නෙ.

ඔය කාලෙ වෙද්දි යුරෝපයේ දැනුමැති පුද්ගලයින් අතර පෘථිවියේ වටප්‍රමාණ ගැන මත වාද දෙකක් තිබ්බා. ඒ කියන්නෙ ලෝකයේ වටප්‍රමාණය ගැන ඉල්ක්කම් දෙකක් තිබ්බ. එයින් ප්‍රධාන මතය අනුව, ලෝකෙ වටප්‍රමාණය මයිල 22000ට වඩා වැඩි විය යුතුයි. ඒක ඇත්ත නම්, චීනයට හෝ ඉන්දියාවට වැනි පෙරදිග රටකට යුරෝපයේ සිට මුහුද හරහා යෑම, ඒ කියන්නෙ රුවල් නැවක නැගල බටහිර දෙසට ගමන් කරන නැවියෙකුට යන්න සිද්දවෙන දුර ප්‍රමාණය අති විශාලයි. ඒ වගේ දුර ගමනකට ගෙනියන්න සිද්දවෙන පානීය ජලය වගේ දේවල් සැලකුවාම ඒ ප්‍රමාණත් සෑහෙන විශාලයි. ඒ නිසා, බටහිර දෙසට මුහුද හරහා නැවකින් ගිහින් පෙරදිගට සේන්දු වීම කියන්නෙ “කළනොහැකි” දෙයක් කියල තමා පොදු පිළිගැනීම වුනේ.

හැබැයි තවත් මතයක් තිබ්බා, ලොකෙ වටප්‍රමාණය මයිල විසිදාස් ගාණක් නෑ ඊට බොහොම අඩුයි කියල. ඒ මතවාදයට අනුව ගණන් බැලුවම, ස්පාඤ්ඤය වගේ රටකින් නැව් නගින කෙනෙකුට මයිල තුන්දාහක් විතර මූද හරහා බටහිරට ගියොත් පෙරදිග ගොඩබිම් හමුවිය යුතුයි. දැන් අපේ කතානායක, කොලොම්බස් ස්තිරවම විස්වාස කළේ ඔය මයිල තුන්දාහෙ කතාව. ඒක ඇත්ත නම් සහ ඒ හරහා පෙරදිගට මින් පෙර කවුරුත් නොගිය මුහුදු මාවතකින් යන්න පුලුවන් නම්, ඒක වෙළෙඳාම් වලට ලොකු වාසියක්. අන්න ඒක හිතල තමා කොලොම්බස් ඒ අවධානම අරන්, ඉසබෙලා රැජිනගෙ අනුග්‍රහයත් ඇතුව නැව් නගින්නෙ. පෙරදිග නොහොත් ඉන්දියාව, චීනය/ජපානය වගේ රටක් හම්බෙයි කියල හිතාගෙන තමා එයා යන්නෙ. හැබැයි හම්බෙන්නෙ ඇමරිකාව. වැරදිලාවත් ඇමරිකාව කියල ගොඩබිමක් එතන පිහිටල තිබුන් නැත්තං, ඇත්තටම කොලොම්බස් ඇතුලු පිරිසට පෙරදිග රටවල් හම්බෙන්නෙ මයිල විසිදාහකට කිට්ටු දුරක් මූද හරහා ගියොත් තමා මොකද ඒක තමා හරි අගය. මයිල තුන්දාහෙ කතාව, පෘථිවියේ වටප්‍රමාණය වැරැදියට ගණනය කිරීමෙන් ආපු අගයක්. කොහොමෙන් කොහොම හරි , බොරුවක් ඇත්ත කියල හිතාගෙන, වෙළෙඳ වාසි ගන්න ගිය ගමනේ ප්‍රතිඵලය උනේ බහමාස් කියල දැන් හඳුන්වන දූපත් වලට කොලොම්බස් ගොඩබැසීම. එතනින් එහාට සිද්දවෙන දේවල් ටික තමා මේ ෆිල්ම් එකේ කතන්දරේ තියෙන්නේ.

මම මේ චිත්‍රපටය තෝරගන්න එකම හේතුව මේකෙ තියෙන සංගීත රසය. මේකෙ තියෙන සංගීත ඛන්ඩය මම සෑහෙන්න හෙව්වා.හොයන්න ඒකෙ නම වත් දැනන් හිටියෙ නෑ .පලවෙනි පාරට මට ඒ සංගීත ඛන්ඩය ඇහුනෙ 2011 ICC Cricket World Cup එකේ ඉන්දු පකිස්තාන මැච් එක දවසෙ ටීම් දෙක ග්‍රවුන්ඩ් එකට එද්දි පසුබිම් වාදනයක් හැටියට.එදා ඉදන් මම මේ සංගීත ඛන්ඩය හෙව්වා.ඇත්තම කිව්වොත් ඒක ඇහෙද්දි අමුතුම විදිහෙ හැගීමක් එන්නෙ කොටින්ම කිව්වොත් ඇගේ මයිල් කෙලින් වෙන විදිහෙ සංගීත ඛන්ඩයක්. අවාසනාව කියන්නෙ ඒ ශ්‍රේෂ්ඨ සංගීතඥයා දිවි ගමනට සමු දුන්නා පහුගිය මැයි මාසෙ.

ඔහුගේ නම ඇහුව ගමන් ඔහු කවුද කියන එක ඔබට මතක් නොවෙන්න පුලුවන්. නමුත් ඔහු නිර්මාණය කළ සංගීත ඛණ්ඩ ඇහුවොත් නම් ඔහු කවුද කියන දේ ඔබට අනිවාර්යෙන්ම දැනේවි. Vangelis කියන්නෙ ග්‍රීක ජාතික සංගීතඥයෙක්. ඔහු චිත්‍රපට ගණනාවකටම සංගීතය සැපයුවා. 1981 වර්ෂයේ දි ඔහු Chariots of Fire චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් ඔස්කාර් සම්මානය පවා දිනාගන්නවා. මේ තියෙන්නෙ ඔහු සංගීතය සැපයූ චිත්‍රපට කිහිපයක්.

? Blade Runner
? 1492 : Conquest of Paradise
? Chariots of Fire
? Antarctica
? Alexander

මේ අතරින් Riddley Scott ගේ 1492 : Conquest of Paradise චිත්‍රපටයේ Conquest of Paradise සංගීත ඛණ්ඩය නම් ඔබ අනිවාර්යෙන් අසා ඇති. මොකද ඉස්සර යුද්ධෙ කාලෙ එහෙම ප්‍රවෘත්ති විකාශය අතරෙ මේ සංගීත ඛණ්ඩය අහන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේ ඉන්දියාවේ හා පාකිස්ථානයේ ජාතික ගී ගායනා කිරීමට පෙරත් මේ සංගීත ඛණ්ඩය වාදනය කරා. 2002 වර්ෂයේ FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතය සම්පාදනය කරෙත් Vangelis.

Vangelis ගෙ සංගීත ඛණ්ඩ අතරින් මං පෞද්ගලිකව වඩාත්ම ප්‍රිය කරන්නෙ Alexander චිත්‍රපටයේ Across The Mountains සංගීත ඛණ්ඩයට. එය බොහොම ලස්සන වගේම හැඟීම්බර සංගීත ඛණ්ඩයක්. චිත්‍රපටිය නැරඹුව අය නම් ඒකෙ හැඟීම හොඳටම දන්නවා ඇති. Vangelis අභාවප්‍රාප්ත වුණා කියන ආරංචියෙන් පස්සෙ Across The Mountains අහද්දි ඒක දැනෙන්නෙ හරිම වෙනස්ම විදියකට. මේ ගෙවෙන්නෙ අපේ ජීවිත නේද. අපේ පුංචි කාලෙ හැඩකරපු ශ්‍රේෂ්ඨ මිනිසුන් වයසට යන හැටි, සමහරු මිය යන හැටි අපිට බලන් ඉන්න වෙනවා නේද. අපි අමරණීය වුණොත් ඒක කොහොම දැනෙයිද ඉතින්, අමරණීයත්වය එක්තරා ආකාරයක සාපයක් නෙමෙයිද?

ශ්‍රේෂ්ඨ මිනිසුන් නම් අමරණීයයි. නමුත් ඒ ශරීරයෙන් නෙමෙයි. ශ්‍රේෂ්ඨ මිනිසුන් මිය ගියත් ඔවුන්ගේ මතකය ජීවත් වන්නන්ගේ සිත් තුළ සදා අමරණීය වනවා. Vangelis ගේ සංගීතය සමගින් අපේ කුඩා කාලයත් අපි මිය යන තෙක්ම අපේ මතකයන් තුළ රැඳිලා තියේවි. ඉතින් ඔබ නැවත Vangelis ගේ සංගීත ඛණ්ඩ අහනවා නම් අතීතයේ මතක නැවත සිහියට ගන්න. මතක තියාගන්න, මේ ගෙවෙන කිසිම මොහොතක් ආයි එන්නෙ නෑ. ඒ නිසා වර්තමානයේ දී කලාව විඳින්න.

Subtiltes By

‍ලක්ෂාන්
(Baiscopelk)
IMDb Rating 6.4 30,777 votes
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1492: Conquest of Paradise (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Ridley Scott
Director

Cast

Gérard Depardieu isChristopher Columbus
Christopher Columbus
Sigourney Weaver isQueen Isabella
Queen Isabella
Loren Dean isOlder Fernando
Older Fernando
Fernando Rey isMarchena
Marchena
Michael Wincott isAdrian de Moxica
Adrian de Moxica
Kevin Dunn isCaptain Mendez
Captain Mendez
Tchéky Karyo isMartín Alonso Pinzón
Martín Alonso Pinzón

Similar titles

Missing You (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unstoppable (2010) Sinhala Subtitles | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Criminal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Charlie’s Angels: Full Throttle (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Enemy at the Gates (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kisi Ka Bhai… Kisi Ki Jaan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Romeo (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Overdrive (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published