Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

අඳුරු බලවේගය පරාජය කළ හැකිවෙයිද?

හොල්මන් සහ අද්භූත සිනමාපට රසිකයන්ට මෙන්න සුපිරියක්. 2026 අවුරුද්දේ තිරගත වුණු, IMDb දර්ශකයේ 6.6 ක ලකුණු ප්‍රමාණයක් ලබාගත්ත Agadha තෙලුඟු අද්භූත සුපිරි හොල්මන් චිත්‍රපටය සිංහල උසිරැසි සමඟින් cinesubz.lk වෙතින් නරඹන්ට පුළුවන්. ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක සහ තිරකතා රචක එම්. එස්. රාජු තමයි මේ නිර්මාණය අරගෙන එන්නේ. මෙහි ප්‍රධාන චරිතවලින් කලින් දක්ෂ රංගනයන් ඉදිරිපත් කරපු කාමාක්ෂි භාස්කර්ලා, ශ්‍රවන් රෙඩ්ඩි සහ උල්කා ගුප්තා වගේ ජනප්‍රිය නළු නිළියන් රැසක් අපූරු රංගනයක නිරත වෙනවා. තාක්ෂණික පැත්තෙන් වගේම පසුබිම් සංගීතයෙන් පවා උපරිම භීතියක් සහ කුතුහලයක් මවන්න මේ දක්ෂ කණ්ඩායම සමත් වෙලා තියෙනවා.
කතාව පැත්තට හැරුණොත්, මහීමා සහ ඇගේ පවුලේ අය “අගධා” නමින් හඳුන්වන අද්භූත අඳුරු බලවේගයක දරුණු ගොදුරක් බවට පත් වෙනවා. එක පිට එක සිද්ධ වෙන මේ අද්භූත සිදුවීම් නිසා මුළු පවුලම ලොකු අනතුරක වැටෙද්දී, ඔවුන්ව බේරාගන්න පවුලේ ඥාතියෙක් වගේම ප්‍රසිද්ධ මන්ත්‍රකාරිනියක් වෙන මහාදේවී මේ නිවසට පැමිණෙනවා. මේ විනාශකාරී ආත්මයෙන් තමන්ගේ අයව බේරගන්න මහාදේවී උත්සාහ කරද්දී, වනාන්තරය මැද හැංගිලා තියෙන අද්භූත ගුහාවක් ඇතුලේ තව තව දේවල් සිද්ද වෙනවා. එසේනම් පවුලේ ශාපය බිඳලා, මේ අද්භූත බලවේගය පරද්දන්න ඇයට පුළුවන් වෙයිද?
සිංහල උපසිරැසි සමඟින් සකස්කර ඇති වීඩියෝව cinesubz.lk වෙබ් අඩවිය වෙතින් දැන්ම අරගෙන මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!

Comments