Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
7.5 2 votes
Aug. 10, 2018United States89 Min.
Along Came the Devil (2018) AKA Tell Me Your Name Sinhala Subtitles | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත්, බිහිසුණු අමනුෂ්‍යය ආත්මය…!

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින් කොහොම හරි කාලය ගතවෙලා ඈෂ්ලි වගෙම ජෝර්ඩනුත් තරුණ වයසට පත්වෙනවා. අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා ජෝර්ඩන්ට ඈෂ්ලිගෙන් ඈත්වෙන්න සිද්දවෙනවා. ජෝර්ඩන් ඉගෙනීම් කටයුතු වලට දුර බැහැරකට ගිය නිසා ඈෂ්ලි ආපහු එයාල කලින් ජීවත් වුණු ගම් පළාතට ඇවිත් එයාලගෙ නැන්දා, ටානියාගෙ ගෙදර නතරවෙනවා.

ඈෂ්ලිගෙ ජීවිතේට කණකොකා අඬන්න පටන්ගන්නෙ ටානියාගෙ ගෙදරට ආවට පස්සෙ. ඈෂ්ලිට නොයෙක් විදිහෙ අමුතු ශබ්ද වගෙම කම්පන ඇහෙන්න, දැනෙන්න පටන්ගන්නවා. පාර්ටියකට ගිය වෙලාවක අමුතු කාන්තා රූපයකුත් ඈෂ්ලිට පේනවා. ඉතින් මේ සිද්දවෙන අමුතු දේවල් එක්ක ඈෂ්ලි හිතන්නෙ එයාගෙ මැරුණු අම්මා ආපහු ඇවිත් කියලයි. ඉතින් ඒ ගැන හරියටම දැනගන්න කියල ඈෂ්ලියි එයාගෙ යාළුවා හැනායි එකතුවෙලා පොඩි යාතුකර්මයක් වගේ වැඩක් කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ මේ දේවල් තවත් දරුණු වෙන එක විතරයි. හැනා දැනගන්නවා ඈෂ්ලිගේ ගෙදර ඉන්නෙ දරුණු අමනුෂ්‍ය ආත්මයක් බව. හැනා ඒ ගැන ඈෂ්ලිට කිව්වත් එයාට මේ සිද්දවෙන කිසිම දෙයක් ගැන තේරුම් ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ටිකෙන් ටික ඈෂ්ලිගේ හැසිරීම වගෙම ආසාවනුත් වෙනස් වෙන්න පටන්ගන්නවා. ඉතින් මෙතනින් එහාට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ… ඈෂ්ලිට මොකක්ද මේ සිද්දවෙන්න යන්නෙ කියල බලන ඔයාලට දැනගන්න ලැබෙයි…

සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගනිමින්, Drama | Horror | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 අගෝස්තු මස දහවැනිදා පටන් තිරගත වීම ඇරඹූ මෙම සලරුවේ අධ්‍යක්ෂණය Jason DeVan විසින් සිදුකර ඇති අතර තිර පිටපත නිමවා ඇත්තේ Jason DeVan, Heather DeVan හා Dylan Matlock විසිනුයි. The Handmaid’s Tale කතා මාලාවේ සහ Sharp Objects (2018) හා Under the Silver Lake (2018) යන චිත්‍රපට වලට රංගනයෙන් එක් වූ Sydney Sweeney විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබාදී තිබෙනවා. සෙසු චරිත සඳහා Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas තම රංගනයෙන් දායකවී තිබෙනවා. මිනිත්තු 89ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සලරුවට 4.3/10 IMDb අගයක් සහ Google පරිශීලකයින්ගේ 72%ක මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.

“මම කිසිම මනුස්සයෙක් නොදැකපු තරම් අමනුෂ්‍යයෝ දැකල තියෙනවා.”

                                                                                                  – මයිකල්

Along Came the Devil 2 (2019)
Link –  https://cinesubz.co/movies/along-came-the-devil-2-2019-sinhala-subtitles/

Subtiltes By

ඉසුරු සම්පත් සිරිසේන
(Baiscopelk)
IMDb Rating 4 1,640 votes
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along Came the Devil (2018) | Tell Me Your Name | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Jason DeVan
Director

Cast

Jessica Barth isTanya Winbourne
Tanya Winbourne
Matt Dallas isPastor John
Pastor John
Bruce Davison isReverend Michael
Reverend Michael
Heather DeVan isSarah Winbourne
Sarah Winbourne
Austin Filson isShane Stevens
Shane Stevens
Ahmed Lucan isDr. Carraz
Dr. Carraz

Similar titles

The The Lion King (1994) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Murder Mystery (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Nun: Deadly Vows (2020) With Sinhala Subtitles
The Witcher: Nightmare of the Wolf (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Girls Trip (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Baahubali 2: The Conclusion (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Suicide Squad (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Morbius (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Good Night (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Notebook (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Big George Foreman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published