Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 1 vote
Oct. 05, 2018India139 Min.
Andhadhun (2018) | අන්ධයෙකුගේ පුරසාරම…

දිග කතාවක් හොඳේ…
මෙහෙම පටන් ගන්නම්.. ආතල් එකට නම් ගන්න එපා ඔන්න..
චුට්ටක් ඇස් දෙක පියාගන්න බලන්න…
මොනවද ඇහෙන්නේ…?
මොනවහරි ඇහෙනවා නේද?
ඔව්…
ඇස් දෙක පියාගෙන ටිකක් අහගෙන ඉඳල බලන්න..
නානාප්‍රකාර ශබ්ධ ඇහෙනවා නේද..
හරියට අහන් ඉන්න..
අවධානයෙන් ඇහුවොත්.. ලෝකේ තියෙන හැම ශබ්ධයකින්ම සංගීතය කියන දේ දැනේවි..
හිනා යනවා නේද?
ඉන්න මං අඬවන්නම්..
හිතල බලන්න අන්ධ මනුස්සයෙක් ගැන..
මේක කියවන ඔයාට වගේ ඇස් දෙකක් නෑ ඒ අයට..
ඒක අවාසනාව වෙන්න පුළුවන්, නොලැබීම වෙන්න පුළුවන්, අත් වැරදීමක් වෙන්න පුළුවන්.
නමුත් ඒ මිනිස්සුන්ට ජීවිතය කියන එක තියෙනවා.
ඒ අය ලස්සනට ඒක ගත කරනවා..
කරන්න දෙයක් නෑ. ඒත් ඒක තමයි දෛවය..
මං දන්න තරමින් ඇස් දෙකක් නැති මනුස්සයෙක්
කවදාවත් පසුතැවෙන්නේ නෑ.. තමන්ගේ ඒ අඩුපාඩුව ගැන.
නමුත් හැමදේම තියෙන මේ ඔබ, මම..
මොනතරම් පසුතැවිලි වෙලා ඇත්ද? අරක නෑ මේක නෑ කියලා..
හිතට එකඟව කල්පනා කරලා බලන්න වෙනස…
අන්ධ මනුස්සයට උදයක් දහවලක් රැයක් නෑ..
හැමදාම තියෙන්නේ අඳුරක්..
ඒත් ඒ අයට අපිට නැති එක දෙයක් තියෙනවා..
ඒ තමයි සංගීතය…
ඒ අය ලෝකේ ඇසෙන හැම ශබ්ධයකටම ඇස් පෙනෙන කෙනෙකුට වඩා ඔවුන් අවධානයෙන් සවන් දෙනවා.
ඒ අයට ඒක තමයි සංගීතය.
අඩි සද්දයක්, කුරුල්ලෙක්ගේ හඬක්, මිනිස් කටහඬක්. ආදී මිලියන ගණනක් වූ සංගීත ඛණ්ඩ..
ඒ අයගේ මෙමරියේ තියෙනවා.
 
ඇස් පෙනෙන කෙනෙකුට එය විඳින්නට හැකිද?
බැරි කමක් නෑ..
උත්සයක් දරන්න පුළුවන්…
අත්හදාබැලීමක් කරන්න පුළුවන්..
හැබයි ඒකට ඇත්තටම අන්ධයෙක් වෙන්න වෙනවා..
 
මේ..
එහෙම කෙනෙකුගේ කතාවක්…
ඕනම කලාකරුවෙකුට රහසක් තියෙනවා කියල කතාවක් තියෙනවනේ. අනේ මන්දා ඕවා ඇත්තද නැත්තද කියලා. හැබැයි එහෙම එකක් තියෙනවා කියල වහරේ කතාවක් තියෙනවා. ඉතින් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ අන්න ඒ වගේ කලාකරුවෙක් ගැන ගෙතුණු කතාවකින් සපිරුණු චිත්‍රපටියක්. අපි බලමු කයිවාරුව පැත්තකින් තියලා එහෙනම්. Andhadhun එහෙමත් නැත්නම් අන්ධාධූන්. පහුගිය දවසේ අතිශය සාර්ථක ගමනක යෙදුනු සිනමා සිත්තමක්. අන්ධ පියානෝ වාදකයෙකුට මුහුණ දෙන්න වෙන අභිරහස් සිදුවීම් මාලාවක් වටා ගෙතුණු මේ කතන්දරය රිදී තිරයට නැගෙන්නේ පහුගිය ඔක්තෝම්බර් 05 වැනිදා ඉඳන්. දින 44 ක් ඇතුලත ඉන්දියාවේ පූනේහිදී රූගත කරන ලද මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 32 ක වියදමින් තැනුණු අතර මේ චිත්‍රපටය කිසිවෙකු නොසිතු අයුරින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නට සමත් වන්නේ ඉන්දියානු රු. කෝටි 110 ක ආදායමකට හිමිකම් කියමින්. තිරගතවීම ආරම්භයේ පටන් විචාරකයින්ගේ ධනාත්මක පැසසුමට ලක් වුනු මේ චිත්‍රපටය IMDB වර්ගකිරීම්හි මනාප 15000 කට ආසන්න මනාප සංඛ්‍යාවක උදව්වෙන් 9.0/10 ක රේටින් එකකට යන්නට සමත් වන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයට තවත් මංමාවත් විවර කරමින්.
Sriram Raghavan අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටය සඳහා රංගයෙන් දායක වෙන්නේ බොලිවුඩ් නව පරම්පරාවේ දක්ෂ රංගන ශිල්පියෙකු වන අයුශ්මාන් කුරානා එහෙමත් නැත්නම් ඔබ අපි කවුරුත් දන්න විකී ඩෝනර් විසින්. අයුශ්මාන් එක්කලා තවත් සුරූපිනියන් දෙන්නෙක් මේකට රංගනයෙන් තවත් එක වෙනවා. ඒ තාබු සහ රාධිකා ආප්තේ. ඉතින් විචාරකයින් පවසන ආකාරයට මේකේ සාර්ථකත්වයට අයුශ්මාන්ගේ අති දක්ෂ රංගනය, තාබුගේ අතිදක්ෂ රංගනයෙන් මුසුවුන සංවේදී නමුත් භයානක/අභිරහස් චරිතය, ශ්‍රීරාම් රාඝවන්ගේ සුවිශේෂී අධ්‍යක්ෂණය, දක්ෂ පසුබිම් සංගීතය සහ චිත්‍රපටියේ අදහාගත නොහැකි අවසානය බලපෑවා කියලා තමයි කියන්නේ. සංගීතය ගැන මතක් කරද්දී Amit Trivedi, Raftaar, Girish Nakod තුන් දෙනාගේ අතිදක්ෂ ස්වර මුසුවෙන් තැනුණු පසුබිම් සංගීතය සහ ගීත අතලොස්ස මේ චිත්‍රපටයේ රසය තවත් වැඩි කරනවා කියන්න පුළුවන්. චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා සංගීතයෙන් පිනවීමට ත්‍රිවේදි ඇතුළු කණ්ඩායමේ සප්ත ස්වර මුසුව සමත් වනවා.
ඉතින් මේ චිත්‍රපටිය වැඩි ප්‍රචාරණයකට භාජනය කරපු එකක් නෙවෙයි. නෝමල් එකෙ සද්ද නැතුව ඇවිත් තිරගතවෙලා මිනිස්සු අතරට ගියපු එකක්.සාකච්ඡාවකදී අයුශ්මාන්ගෙන් ඇහුවම ඇයි මේ චිත්‍රපටිය වෙනුවෙන් වැඩි ප්‍රචාරණයක් දුන්නේ නැත්තේ කියලා ඔහු පිළිතුරු දීලා තිබෙන්නේ. ඔහු සිතන ආකාරයට මේ චිත්‍රපටියේ ශෛලිය ගැන වැඩි යමක් කතා කිරීමට නොහැකි බවත්, මේ චිත්‍රපටිය අභිරහස් කතාවක් සම්බන්ධ එකක් නිසා හැමෝම ඔහුගෙන් තමන් ඇත්තටම අන්ධ කෙනෙක්ද නැද්ද යන ප්‍රශ්නය අසන බවත් නිසා මේ චිත්‍රපටය සුපුරුදු ආකාරයේ ප්‍රචාරණයක් නැතුව සාමන්‍ය විදිහට එළිදක්වන්න අපි කණ්ඩායම තීරණය කරා වගේම මේ චිත්‍රපටිය මිනිස්සු අතරට කටින් කට ගලාගෙන ගොස් ප්‍රේක්ෂකයින් චිත්‍රපටිය නරඹලාම මේ ගැන තේරුම් ගනීවි කියලා ඔහු එවිට ප්‍රකාශ කර තියෙනවා. ඉතින් ඒ විදිහටම මේ චිත්‍රපටිය නිකුත් වූ දිනයේ පටන් මේ සඳහා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රසාදය සහ විචාරක අගය කිරීම අති ඉමහත් එකක් වූවා. සමාජ ජාලා පුරාම මේ චිත්‍රපටිය පිලිබඳ දැඩි පැසසුම් දක්නට ලැබුණා.
ඒ වගේම මේ චිත්‍රපටිය ගැන තවත් වැදගත් කරුණු කීපයක් මං මේ විදිහට ඔබට ගෙනහැර දක්වන්නම්
  •  අයුශ්මාන් කුරානා මේ චිත්‍රපටියේ එන අන්ධ පියානෝ වාදකයාගේ චරිතය වෙනුවෙන් මාස දෙකක කාලයක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි අක්ශේ වර්මා නම් පියානෝ වාදකයෙකු යටතේ පුහුණුව ලබා තිබෙනවා.
  • මේ චිත්‍රපටිය IMDB ලැයිස්තුවේ විශිෂ්ඨතම ඉන්දියානු චිත්‍රපටි දහය අතරට එක්ව තිබෙනවා
  • රූගත කිරීම් ආරම්භයට පෙර මේ චිත්‍රපටියේ නම The Piano Player ලෙසින් නම් කරගෙන තිබුනත්, ඉංග්‍රීසි නමකට කිසිවෙකුගේ උනන්දුවක් නැති නිසා පසුව එය අන්ධාධුන් ලෙසන් වෙනස් කර තිබෙනවා.
  • මේ චිත්‍රපටිය සඳහා The Piano Tuner (2010) නම් කෙටි චිත්‍රපටියද පාදක කරගෙන තිබෙනවා.
  • මුලින් මේ චිත්‍රපටිය සඳහා අනිල් කපූර්ගේ පුත් හරිෂ්වර්ධන් කපූර් රඟපෑමට ගිවිසුම් ඇතිකරගෙන තිබුනත් යම් හේතුන් නිසා ඔහු මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • ඒ වගේම ප්‍රවීන නළු අනිල් ධවාන් මේ චිත්‍රපටය සඳහා වසර පහකට පසු නැවත පැමිණෙනවා.
  • චිත්‍රපටය ආරම්භයේඩි අයුශ්මාන් විසින් පියානෝවක් වාදනය කරනු ලබනවා.  ඒ සඳහා කවායි නම් ජපන් සමාගමකට අයිති පියානෝවක් තමයි යොදාගෙන තියෙන්නේ.
  • ඒ වගේම අධ්‍යක්ෂක රාඝවන් මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සඳහා කිසිදු විෂුවල් දර්ශනයක් යොදා නොගෙන කළු තිරයක දෙබස් වල ශබ්ධය ඇසෙන ආකාරයට පමණක් සකස් කරන්න තමයි මුලින් හිතාගෙන ඉඳල තියෙන්නේ. එයට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ මේ චිත්‍රපටිය අන්ධ පුද්ගලයෙක් ගැන චිත්‍රපටයක් නිසා ඒ හැඟීම ප්‍රේක්ෂකයින්ට දන්වන්නට ඔහුට වුවමනා බවත්, එමෙන්ම පූර්ව ප්‍රචාරක පටයට කිනම් හෝ වීඩියෝ දර්ශනයක් එක්කල හොත් මෙහි ඇති කුතුහලය පොඩ්ඩකින් හරි අඩුවන බවත්ය. කෙසේ හෝ තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුව එයට දර්ශන කීපයක් එක්කරන්නට අන්ධාධුන් කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. කෝම උනත් කිරුළු නොපැලඳුවත් අයුශ්මාන් කියන්නේ බොලිවුඩයේ සුපිරිම සහ දක්ෂම රංගන ශිල්පියෙක් කියලා  නැවතත් ඔප්පු කරන්නට ඔහු මේ චිත්‍රපටියෙන් සමත් වෙනවා. ඉස්සරහට තවත් චිත්‍රපටියක් එන්නට නියමිතව තියෙනවා අයුශ්මාන්ගේ බධායි හෝ කියලා. මේ වසරේ අවසන් කාර්තුව බොලිවුඩ් සිනමා රසිකයින්ට හොඳ චිත්‍රපටි වරුසාවක්ම ලැබෙන ලකුණුයි මේ වෙද්දී පෙනෙන්නට තිබෙන්නේ. අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් මේ වගේ චිත්‍රපටියක් මග ඇරගන්න එපා කියල තමයි. එහෙම උනොත් ලොකු පාඩුවක් වෙයි. මොකද මේ අවුරුද්දේ ආපු සුපිරිම චිත්‍රපටියක් වගේම බලල ඉවරවෙද්දි හික් ගෑවෙන්නම හදපු චිත්‍රපටියක් තමයි මේ චිත්‍රපටය.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ එන්නේ නත්තල් මාසය. ඉතින් ඉස්සරහට ගොඩක් චිත්‍රපටි නිකුත් වෙනවා. ටෙලි කතා නිකුත් වෙනවා. නිවාඩු කාලේ නිසා ගොඩක් අය කැමතියි නිවාඩුව සතුටින් ගත කරන්න, පාඩුවේ විඳින්න. ඉතින් සිනමාවට වගේම ටෙලිකතා අවකාශයට නිකුත් වෙන හැම නිර්මාණයක්ම ඔබේ රසවින්දනය වෙනුවෙන් හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න බයිස්කෝප් කණ්ඩායම සැදී පැහැදී සිටිනවා. දිගටම රැඳී සිටින්න කියල ආරාධනා කරනවා. ඒ වගේම ඔබේ රසවින්දනය වෙනුවෙන් තමන්ගේ කාලය කැපකරන උපසිරැසිකරුවන් හැමෝවමත් මේ නත්තල් මාසේ එකදිගට පැමිණෙන චිත්‍රපටි ටෙලිකතා නොපමාව ඔබවෙත ගෙනත් දෙන්න සැදී පැහැදී ඇඟිලි තුඩු දහයම සූදානම් කරගෙන මග බලාගෙන ඉන්න උපසිරැසි කණ්ඩායමේ සහ ඇඩ්මින් මණ්ඩලයේ සහෘදයින් හැමෝමවත් හැකි අයුරින් වචනයකින් හෝ දිරිමත් කරන්න කියල ඉල්ලනවා. ඒ වගේම හදපිරි ස්තුතිය පුද කර සිටිනවා අප හා දිගටම රැඳී ඉන්න, අදහස් එක් කරන, අඩවියට පිවිසෙන ඔබ සැමටත්. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටත් උපසිරැසිකරුවන් සැමටත්. එහෙනම් ආයෙත් ඉක්මනට හමුවන බලාපොරොත්තුවෙන් මං අදට විසිවෙනවා. ඔබ සැමට ජයෙන් ජය..!!!

Subtiltes By

තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර
(Baiscopelk)
IMDb Rating 8.2 98,855 votes
Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Andhadhun (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Tabu isSimi Sinha
Simi Sinha
Anil Dhawan isPramod Sinha
Pramod Sinha
Zakir Hussain isDr. Swami
Dr. Swami
Ashwini Kalsekar isRasika Jawanda
Rasika Jawanda
Manav Vij isInspector Manohar Jawanda
Inspector Manohar Jawanda
Gopal Singh isSub-Inspector Paresh
Sub-Inspector Paresh

Similar titles

Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Shawshank Redemption (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
MAD (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Monk and the Gun (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vadakkupatti Ramasamy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ta Ra Rum Pum (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Meow (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ayalvaashi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Airplane! (1980) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Legend (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kotigobba 3 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published