ඈන්ට් මෑන් පළමු චිත්රපයට නැරඹු අය වගේම මාවල් කොමික් රසිකයින් දන්නවා, ඈන්ට් මෑන් සතු ඇඳුම නිර්මාණය කළ හෑන්ක් පිම්ගේ බිරිඳ ජැනට් ක්වන්ටම් රාජධානියේ අතුරුදන් වී වසර 30 ක් පමණ ගත වී ඇති බව. නමුත් ඈන්ට් මෑන් පළමු චිත්රපටයේදී ස්කොට් ලෑන්ග්ට හැකියාව ලැබුනා ක්වන්ටම් රාජධානිය වෙත පිවිස නැවතත් පැමිණීමට. ඒ හේතුවෙන් හෑන්ක් පිම් විශ්වාස කරනවා තමන්ගේ බිරිඳ තවමත් ක්වන්ටම් රාජධානියේ ජීවත් ව සිටිය හැකි බව. ඉතින් ඔහු සහ දියණිය හෝප් වෑන් ඩයින් උත්සහ කරනවා, කැප්ටන් ඇමරිකා එක්ක එකතු වෙලා සිවිල් යුද්ධයේ යුධ වදින්න ගොස් දැන් අවුරුදු දෙකක් පුරාවට නිවාස අඩස්සියේ සිටින ස්කොට් ලෑන්ග් සමඟ එකතු වෙලා තමන්ගේ මව ආපහු මේ ලෝකෙට රැගෙන එන්න. ඒ අතරේ බිත්ති අතරින් යන්න පුළුවන් විදියේ අලුත් හොල්මනක් මේ වැඩේට බාධා කරන්නේ හෑන්ක් පිම් ව මරන්න හිතාගෙන. බලන්න එහෙනම් මොකක් වෙයිද කියලා. ඒ වගේම යන්න කලින් මතක් කරන්නම්. ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්රපටය බලපු අයට මතක ඇති ඒ චිත්රපටයේ ඈන්ට් මෑන් පේන්න හිටියේ නැති බව. ඒ ඇයි කියලා ඔයාලට බලන්න පුළුවන් වෙයි මේ චිත්රපටයේ අවසානය වෙනකන්ම හොඳින් නැරඹුවොත්.
Quantumania cam copy ak wath nadda