Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
9.4 22 votes
Feb. 27, 2024United States167 Min.
Dune: Part Two (2024) | නිරුදක කතරින් පාරාදීසය වෙත රැගෙන යන ගැලවුම්කරුවා?

ඉතිං කොහොමහරි මෙහි මුල්ම සිනමපටයෙන් පසුව ඔහු අවුරුදු තුනක්ම අරගෙන එහි දෙවැන්න නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම සිනමා ලෝකය දෙදරුම් කැවීමට සමත් වෙනවා. මේ සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයා ඒ වෙත කෙතරම් ඇළුම් කරනවාද යන්න ඔප්පු වෙන්නේ imdb වෙබ් අඩවිය විසින් පවත්වාගෙන යන ලොව හොඳම සිනමාපට 250 ලයිස්තුවේ #15 වැනි ස්ථානය Dune දෙවැනි සිනමාපටය වෙනුවෙන් වෙන් වීමෙන්. මේ ඒ ලයිස්තුවේ මේ තරම් ඉහල රෑන්ක් එකකට එන්න අවසාන වතාවට සමත්කම් පෑවේ ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ Inception (2010) සිනමාපටය. ඒ එම ලැයිස්තුවේ #14වැනි ස්ථානය දිනාගනිමින්.

මේ සිනමාපටය මේ තරම් විශිෂ්ඨතත්වයට පත්වෙන්න තවත් එක හේතුවක් ප්‍රධාන වශයෙන් බලපෑම් කළා කියල මම විශ්වාස කරනවා. ඒ තමයි වත්මන් ලෝක සිනමාවේ පසුබිම් සංගීත නිර්මාණකරුවන් අතර විශිෂ්ඨයෙකු වෙන හාන්ස් සිමර් තමයි මේ සිනමාපටයේ සංගීතය නිර්මාණය කරන්නෙ. මම දන්නේ නැහැ ලැප් එකකින් හෝ රුපවහිනියකින් මේක නරඹනකොට ඔයාට මේ දේවල් කොහොම දැනේවිද කියලා, හැබැයි මම මේ සිනමාපටය සිනමා ශාලාවකින් නරඹන වෙලාවේ, ඔහුගේ සංගීතය මාව වෙනම තලයකට අරගෙන ගියා කියල කතා දෙකක් නැතුව කියන්න පුළුවන්. ඔන්න ඔය කාරණේ නිසාමයි මේ වගේ සිනමාපට නරඹන්න අපි සිනමාශාලාවන් වෙතම යා යුතු වන්නේ! හැබැයි ඉතිං අපේ රටේ ආර්ථික තත්වයත් එක්ක ඒ දේවල් විඳින්න තරම් හැකියාවක් අපි කාටවත් නැහැ මම හිතන්නෙ. මම උනත් මේ වගේ තෝරා බේරාගත් සිනමාපටයක් බලන්න යනවා ඇරෙන්න හැම එකම බලන්න යන්නේ නැහැ. ඒවා ඉතිං දුක්ඛිත කතන්දර… 🙁

ඒ වගේම මෙහි රංගනයේ යෙදෙන නළු-නිළි කැලත් හරිම අපුරුවට තමන්ගේ කාර්‍යයන් 100%ක් ඉටුකරනවා. එහෙම නොවෙන්න ලෝක සිනමාවේ මේ වගේ විශිෂ්ඨ සිනමා කෘතියක් බිහිවෙන්නේ නැහැනේ නේද? ඒ අතරින් ප්‍රධාන වශයෙන් Timothée Chalamet සහ Zendaya දෙදෙනාත්, ඊට අමතරව Rebecca Ferguson, Javier Bardem, Josh Brolin, Florence Pugh, Dave Bautista ඒ වගේම විශේෂයෙන්ම දෙවැනි සිනමාපටයේ සුපිරිම දුෂ්ඨ චරිතයක් සිදුකරන Austin Butler කියන සුවිශේෂී තරුණ නළුවව අපට අමතක කරන්නම බැහැ. විචාරක අගයන්, ප්‍රේක්ෂක අගයන් විතරක් නෙමෙයි මේ සිනමාපටය 2024 මාර්තු පළමුවැනිදා සහ 2024 අප්‍රේල් 07 වැනිදා අතර කාලය අතරතුර සිනමාශාලාවන්හි ප්‍රදර්ශනය කරමින් ලබාගත් ආදායම ඩොලර්ක් මිලියන 650කට ආසන්න වෙනවා. මේ සිනමාපටය ගැටුනේ ඉතාම ප්‍රසිද්ධ සිනමාපට ද්විත්වයක් වෙන Kung Fu Panda 4 සහ Godzilla x Kong: The New Empire යන සිනමාපට ද්විත්වයත් එක්ක.

පඳුර වටේ තැලුවා ඔය මදැයි නේද? ෆිල්ම් එකේ ස්ටොරිය වෙත යොමු වෙමු අපි එහෙනම්. ඔයාලට මේ සිනමාපටයේ සිදුවෙන සිදුවීම් හරියටම තේරුම් ගන්න ඕන නම්, මෙහි මුල් සිනමාපටය අනිවාර්යෙන්ම නරඹන්න වෙනවා.

මුල් සිනමාපටයේදී අපිට දකින්න ලැබෙනව හදිසියේම අධිරාජ්‍යාගේ කීම අහලා අරාකීස් නමැති ග්‍රහලෝකයෙන් පිටවෙලා යන හාකොනෙන්වරුන්ව. හාකොනෙන්වරුන් ඉන් පිටවෙලා ගියාට පසුව අධිරාජ්‍යයා විසින් අරාකීස් ග්‍රහලෝකයේ භාරකාරීත්වය පවරන්නේ ඒ කාලය වෙනකොට ප්‍රභල වංශයක ප්‍රධානියා බවට පත්ව සිටි ඩියුක් ලේටෝ ඇට්‍රෙඩිස් වෙත. කැලඩන් නමැති ග්‍රහලෝකය පාලනය කලේ එම වංශය විසින්. අහ්හ් මේ කියන අධිරාජ්‍යයා තමයි මේ විශ්වයේ ඉහළතම පාලකයා වෙන්නෙ.

ඔහු යටතේ තමයි කැලඩන් සහ අරාකීස් වැනි ග්‍රහලෝක පවතින්නේ. මේ අතරින් විශ්වයේ වැදගත්ම සහ වටිනාම ග්‍රහලෝකය බවට පත්වෙලා තියෙන්නේ අරාකීස් ග්‍රහලෝකය. ඒකට හේතුව තමයි අන්තර් ග්‍රහලෝක සහ අනෙකුත් අභ්‍යවකාශ ගමනාගමනයන් සඳහා මොවුන් යොදාගන්න ඉන්ධනය වෙන ස්පයිස් නමැති මුලද්‍රව්‍යය පවතින එකම ග්‍රහලෝකය තමයි මේ අරාකීස් කියන්නෙ. ඉතිං හදිසියේම අධිරාජ්‍යයාගේ සුරතලා බවට පත්වෙලා හිටිය බැරොන් හාකොනෙන් හට ඉන් පිටවෙලා යන්න කියන්න හේතුවක් ඇතිනේ මොකක් හරි. අන්න ඒ හේතුව අපිට පලවෙනි සිනමපටයේදී දකින්න ලැබෙනවා. ඉන් පසුව සිදුවන සිදුවීම් දාමයේ ඉතුරු කොටස් ටික තමයි මේ සිනමාපටයේදී ඔයාලට දකින්න ලැබෙන්නෙ…

    Dune Complete Collection
  1. Dune Part 01 (2021)
  2. Dune Part Two (2024)

Subtiltes By

ශාන් විමුක්ති [විමා]
(Baiscopelk)
IMDb Rating 8.8 304,934 votes
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune: Part Two (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Cast

Timothée Chalamet isPaul Atreides
Paul Atreides
Zendaya isChani
Chani
Rebecca Ferguson isLady Jessica Atreides
Lady Jessica Atreides
Josh Brolin isGurney Halleck
Gurney Halleck
Austin Butler isFeyd-Rautha Harkonnen
Feyd-Rautha Harkonnen
Florence Pugh isPrincess Irulan Corrino
Princess Irulan Corrino
Dave Bautista isBeast Rabban Harkonnen
Beast Rabban Harkonnen
Christopher Walken isEmperor Shaddam Corrino IV
Emperor Shaddam Corrino IV
Léa Seydoux isLady Margot Fenring
Lady Margot Fenring

Similar titles

Jawan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kung Fu Panda 2 (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream (1996) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terrifier (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Monster (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Fault in Our Stars (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Some Like It Hot (1959) Sinhala Subtitles
Khuda Haafiz (2020) Sinhala Subtitles | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි | සිංහල උපසිරසි
Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades of Black (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Shivantha April 8, 2024 Reply

    they call me trinity 1970. Me film ekata sinhala sub one

  • Teeshan April 8, 2024 Reply

    2024 සුපිරිම film එක. No doubt that❤️

  • SAJANA DENUWAN MANCHANAYAKA April 8, 2024 Reply

    ammata hudu me film ekanam patta 10/10 oyalath balanna.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published