Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
8.7 47 votes
Dec. 20, 2023United States124 Min.
Aquaman and the Lost Kingdom (2023) | බිඳ වැටුණු රාජධානිය!

ඔන්න එහෙනම් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය තවත් මුවි එකක් අරගෙන ආව. මේ තමයි DCEU එකේ අවසාන සිනමාපටය. මෙතනින් එහාට ආපහු සැක් ස්නයිඩර් විසින් සුපිරියටම ආරම්භ කරපු DCEU එක දිගහැරෙන්නේ නැහැ. ෆිල්ම් එක බලපුවම අයියෝ අපරාදේ කියල හිතුනා මේ කාස්ට් එක 🙁 මොකද ආයේ මේ කාස්ට් එක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. DC කොමික් ඇසුරින් ආපහු එන්නේ ජේම්ස් ගන්ගේ DCU එක.

එහෙනම් සනුප මල්ලි සුපිරිම විස්තරයක් අඩංගු සාරවත් පිළියක් ලියලා දුන්න මට මේකට. ඒකත් කියවගෙනම සබ් එක අරගන්න. ආපහු සබ් එකකින් මුණගැහෙමු.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
සුපිරිවීර මාධ්‍ය, ඉංග්‍රීසියෙන්ම කිව්වොත් “superhero media” ලෝකයේ ටයිටන්ලා ඉන්නේ දෙන්නයි; එකක් Marvel, අනෙක DC. 1930 ගණන්වල ඉඳන් තියෙන මේ කොමික් සමාගම් දෙක විසින් අද pop-culture icons බවට පත්වෙලා තියෙන, කෙනෙකුට සුපිරිවීර රසිකයෙක් වුණත් නැතත් අඳුරගන්න පුළුවන් චරිත බොහොමයක් නිර්මාණය කරල තියෙනවා. Marvel පැත්තෙන් ගත්තොත් ඒ Spider-Man, Iron-Man, Hulk, Captain America ආදී චරිත. DC පැත්තෙන් ගත්තොත් ඒ Superman, Batman, Wonder Woman ආදී චරිත. මේ සමාගම් දෙක අතර තිබුණු තරඟය 1940 ගණන්වලින් පටන් ගත්තාම අද වෙනකනුත් නැවතිලා නෑ. සමාගම් දෙක විතරක් නම් මදෑ. වැඩියෙන්ම “කවුද වඩා හොඳ? DC ද Marvel ද?” ජාතියේ වාදවිවාදවල නියැලෙන්නේ ඒ ඒ සමාගම්වල රසිකයන්.

සුපිරිවීර රසිකයන් අතර කවදාවත් ඉවර නොවෙන මේ වාදය දිහා මධ්‍යස්ථව බැලුවොත් පේන දේ තමයි, දෙපැත්තම කියන දේ හරි. සමහර අතින් Marvel ඉදිරියෙන් ඉන්නවා වගේම සමහර අතින් DC ඉදිරියෙන් ඉන්නවා. තැනෝස්ගේ වචනෙන්ම කිව්වොත්, “Perfectly balanced, as all things should be.” ඒ ඒ fandoms වල මේ වගේ වාද තිබුණට, අපි වගේ සුපිරිවීර උණ නැති, හිට් වෙන සුපිරිවීර ෆිල්ම් එකක් විතරක් බලාගෙන ඉන්න සාමාන්‍ය ෆිල්ම් බලන කෙනෙක්ගෙන් ඇහුවොත් 95%කගෙම උත්තරේ තමයි “Marvel” කියන එක. පෞද්ගලිකව, ඔය ප්‍රශ්නෙට “DC” කියලා උත්තර දෙන (fans ලා නොවන) අය මට හමුවෙලා තියෙන්නේ අතේ ඇඟිලි ගාණටත් වඩා අඩු ප්‍රමාණයක්. කොමික් රසිකයින්ට මෙච්චර කල් ඉවර කරගන්න බැරි වුණු වාදයක්, සාමාන්‍ය ෆිල්ම් ලෝලීන් බහුතරයක් “Marvel” කියා එකඟ වෙන තැනට පත් වුණේ කොහොමද? ඒක 2008 න් පටන් ගන්න කතාවක්.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
1996 කියන්නේ Marvel ආයතනයට බොහොම දුෂ්කර වෙච්ච අවුරුද්දක්. එයාලගේ කොමික්ස් විකිණුනේ නැති නිසා ආයතනය බංකොලොත් වෙමින් තිබුණා. ඒ නිසා එයාලා, එයාලගේ චරිත බොහොමයකම අයිතීන් වෙන සමාගම්වලට විකුණලයි තිබුණේ. කොහොමහරි දන්න දහංගැට ඔක්කොම ගහලා, සෑහෙන මුදල් ප්‍රමාණයක් ණයට අරගෙන, දහසක් කම්කටොලු මැද්දේ Marvel ආයතනය ගොඩගැනීමේ අවසන් බලාපොරොත්තුව විදියට 2008 වසරෙදී නිකුත් කරනවා ෆිල්ම් එකක්: ඒ තමයි Iron Man (2008). Marvel ආයතනය හීනෙන්වත් හිතුවේ නැති තරම් සාර්ථක වුණු මේ චිත්‍රපටිය නිසා තමයි අද MCU එක පොඩි එකා පවා දන්න තැනකට ඇවිත් තියෙන්නේ. (Disney එක විසින් Marvel එක ගත්තට පස්සේ වෙච්ච කතා මෙතනට ගාවගන්නේ නැතුව ඉමු). ඒ දාපු ශක්තිමත් අඩිතාලමේ ගැම්මෙන් සිනමා වාර්තා සෑහෙන්න ප්‍රමාණයක් බිඳ දමා අලුත් කරමින්, අතිශය සාර්ථකත්වය පත්වෙච්ච Avengers චිත්‍රපටි පෙළ නිකුත් වෙනවා. RDJ කිව්ව විදියට, Marvel එකට “ඇවිදින්න පුළුවන් වෙන්න කලින් දුවන්න” සිද්ධ වුණා. ඒත් අන්තිමේදී, සාමාන්‍ය ජනතාව අතර පවා Marvel කියන එක අහල නැති කෙනෙක් හොයාගන්න බැරි වෙන තරමට හාස්කමක් වගේ ඒක සාර්ථකත්වයත් පත් වුණා.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
තමන් සතු චරිත යොදාගෙන සිනමා විශ්වයක් නිර්මාණය කිරීම සෑහෙන්න ආදායමක් උපයන්න පුළුවන් බිස්නස් එකක් බව 2012 වගේ MCU එකේ සාර්ථකත්වයත් එක්ක පැහැදිලි වෙමින් තිබුණා. අවුරුදු 70කට ආසන්න කාලයක් තිබුණ තරඟේ එච්චර ලේසියෙන් දිනන්න දෙන්න බෑනේ. ඉතින් DC ආයතනය Warner Bros. එක්ක එකතුවෙලා අසාර්ථක උත්සහයන් කීපයකින් පසුව, ලෝකේ පළවෙනි සුපිරිවීරයා පාදක කරගෙන එයාලගේ පළවෙනි ෆිල්ම් එක නිකුත් කරනවා: Man of Steel (2013). මේකෙන් establish වුණු අලුත් සිනමා විශ්වයට එයාලා නම තියනවා DCEU හෙවත් DC Extended Universe කියලා. 2013 ඉඳන් අද වෙනකන් DCEU එකට අයිති සිනමාපට 16 කුත්, රූපවාහිනී කතාමාලා 1කුත් නිකුත්වෙලා තියෙනවා.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
Man of Steel (2013)
Batman V. Superman: Dawn of Justice (2016)
Suicide Squad (2016)
Wonder Woman (2017)
Justice League (2017)
Aquaman (2018)
Shazam! (2019)
Birds of Prey (2020)
Wonder Woman 1984 (2020
Zack Snyder’s Justice League (2021)
The Suicide Squad (2021)
Peacemaker (2022) – TV show
Black Adam (2022)
Shazam! Fury of the Gods (2023)
The Flash (2023)
Blue Beetle (2023)
Aquaman and the Lost Kingdom (2023)
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
DC එකත් ඇවිදින්න කලින් දුවන්න ගියා කියල කියන්න පුළුවන්. හොඳට වෙලාව අරන් සැලසුම් කරලා චිත්‍රපටි එකිනෙක හා හොඳින් සම්බන්ධ වෙන සිනමා විශ්වයක් නිර්මාණය කරනවා වෙනුවට, පුළුවන් තරම් ඉක්මනට Marvel එක අත්කරගත්ත සාර්ථකත්වය අල්ලගන්න DCEU එකත් හැකි ඉක්මනින් චරිත ටික හඳුන්වාගෙන ගිහිල්ලා Justice League (2017) චිත්‍රපටිය නිකුත් කරනවා. නමුත් ඒක නම් සෑහෙන්න රසිකයින්ගේ සහ චිත්‍රපට විචාරකයන්ගේ ගැරහුමට ලක් වුණා. DCEU එක කවදාවත් MCU තරම් සාර්ථකත්වයක් අත් කරගත්තේවත්, රසික ආදරයට පත් වුණේවත් නැහැ. ඒක පහළින් තියෙන ලැයිස්තුවෙන් පැහැදිලියිනේ.

 

[MCU සහ DCEU අතර ඇමරිකාව ඇතුලත මුල්ම සති අන්තයේ ආදායම් වාර්ථා සැසදීම.]

සාමාන්‍ය ජනතාව අතර සුපිරිවීරයින් ගැන තියෙන මතය 100%ක්ම වගේ හැදෙන්නේ චිත්‍රපටි සහ TV shows වලින්. ඒක තමයි තිත්ත ඇත්ත. තමන්ට විවේකයක් තියෙන වෙලාවට ෆිල්ම් එකක් බලන සාමාන්‍ය ෆිල්ම් ලෝලීන්, සුපිරිවීර රසිකයින් වගේ කොමික්ස් කියවලාවත්, ඇනිමේටඩ් මූවීස් බලලාවත් නැහැ. එයාලගෙන් බහුතරයක් බලලා තියෙන්නේ හොඳින් ආදායම් උපයන, හිට් වෙච්ච superhero movies විතරයි. ඉතින් එයාලා DC සහ Marvel මනින්නේ චිත්‍රපටිවල කොලිටිය අනුවයි. චිත්‍රපටිවල කොලිටිය අතින් ගත්තාම Marvel සෑහෙන්න ඉදිරියෙන් ඉන්න බව අවිවාදිතයි. ඉතින්, ඔන්න ඔහොම තමයි Marvel එක, සාමාන්‍ය ජනතාවයේ හිත් දිනාගත්තේ.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
MCU එක එක්ක හැප්පෙන්න තවදුරටත් DCEU එකට පණක් නැහැ. ඒත් ඒ කියන්නේ සටන අතාරින්න ඕන කියන එකද? කොහෙත්ම නෑ. DCEU එක සාර්ථක නොවෙන බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් දැන් වෙලාව හරි අලුතෙන්ම පටන් ගන්න. Justice League Dark: Apokolips War චිත්‍රපටිය අවසානයේ John Constantine කිව්වා වගේ, “Clear the board. Start again.”

Discovery Inc. මඟින් 2022දී Warner Bros. ආයතනය මිලදී ගත්තට පස්සේ, Warner Bros. Discovery ආයතනයේ CEO වන David Zaslav, DC විශ්වය රීබූට් කරන්න තීරණය කරනවා. ඒ සඳහා එයා James Gunn ගේ සහ Peter Safron ගේ ප්‍රධානත්වයෙන් DCU (DC Universe) එක නිර්මාණය කරනවා. James Gunn චිත්‍රපටිවල ස්ටෝරිලයින් ආදී කටයුතු අධ්‍යක්ෂණය කරන අතරේ Peter Safron, DCU එකේ ව්‍යාපාර පැත්ත බලාගන්නයි සැලසුම තියෙන්නේ. ඔයා මේ ලිපිය කියවන අතරේ පවා එයාලා ලහිලහියේ වැඩ කරනවා 2025 දී Superman: Legacy චිත්‍රපටිය හරහා නමෝවිත්තියෙන් නව DCU එක ආරම්භ කරන්න.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
ඉතින් බන්දුල අයියා අද උපසිරසි ගෙනැල්ලා තියෙන Aquaman and the Lost Kingdom චිත්‍රපටිය තමයි 2013 න් පටන් ගත්ත DC Extended Universe එකේ අවසාන චිත්‍රපටය. මේ තමයි 2018 වසරේ නිකුත්වුණු Aquaman චිත්‍රපටියේ දෙවෙනි දිගහැරුම. මේ වෙනකොට IMDb දර්ශකයේ ලකුණු 6ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 35%කුත් ලබාගෙන තියෙනවා. ඒත් මේවා තම තමන්ගේ personal taste එක අනුව වෙනස් වෙන්න හැකි බව මතක තියාගන්න ඕනේ.

Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles
DCEU එක ගැන තියෙන අදහස මොකක් වුණත්, “DCEU went out with a bang!” කියන්න පුළුවන් වෙයිද? ඒක හොයාගන්න චිත්‍රපටිය බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම්, මෙතැනින් DCEU එකට සුබගමන් කියලා 2025 දී අලුත් DCU එකට ආයුබෝවන් කියන්න ලෑස්ති වෙමු.

Subtiltes By

BANDULA K
(Baiscopelk)
IMDb Rating 5.9 34,036 votes
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

James Wan
Director

Cast

Jason Momoa isArthur Curry / Aquaman
Arthur Curry / Aquaman
Patrick Wilson isOrm Marius / Ocean Master
Orm Marius / Ocean Master
Yahya Abdul-Mateen II isDavid Kane / Black Manta
David Kane / Black Manta
Randall Park isDr. Stephen Shin
Dr. Stephen Shin
Dolph Lundgren isKing Nereus
King Nereus
Temuera Morrison isThomas Curry
Thomas Curry
Pilou Asbæk isKing Kordax
King Kordax

Similar titles

Fantastic 4: Rise of the Silver Surfer (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Venom 2 Let There Be Carnage (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ Original  Quality ❤️❤️❤️
Jaya Janaki Nayaka (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Merry Christmas (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
San Andreas (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Army of Thieves (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bharat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
John Wick 2 (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mummies (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gadar 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cats & Dogs 3: Paws Unite (2020) Sinhala Subtitles

(1) comment

  • Dasun Oshada Gamage January 25, 2024 Reply

    Wonk Movie plzzz

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published