Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Bad Boys for Life (2020) Sinhala Subtitles

Bad Boys for Life (2020) Sinhala Subtitles

Your rating: 0
8.8 5 votes
Jan. 15, 2020United States124 Min.
Bad Boys for Life (2020) Sinhala Subtitles | එක්ව පැදයන්න, එක්ව මියයන්න

පැරණි චිත්‍රපට රසිකයෙක්නම්, එහෙමත් නැත්නම් Will Smith, Martin Lawrance ගෙ රසිකයෙක්නම් ඔයාල අනිවාරෙන්ම මීට කලින් නිකුත්වූ Bad Boys චිත්‍රපට ද්විත්වය නරඹලා ඇති. දෙවෙනි එක නිකුත්වෙලා අවුරුදු 17 කට පස්සේ උනත් තුන්වැන්නක් නිර්මානය කරන්න උත්සුක වෙලා තියෙන්නේ මේ ප්‍රධාන නලුවන් දෙදෙනාගේ ජනප්‍රියත්වය සහ මේ කතා තේමාවට ප්‍රේක්ශකයින්ගෙ තියෙන දැඩි ඇල්මයි. දෙවෙනි චිත්‍රපටිය අවසානයේ නීතිවිරෝදී මත්ද්‍රව්‍ය ජාවාරමක් අහවර කිසීමෙන් පසුව නැවතත් තුන්වෙනි කොටසක් ගැන කිසිදු කසුකුසුවක් තිබුනේ නෑ. නමුත් 2008 න් පසුව Will Smith කියලා තිබුනා තුන්වෙනි කොටසක් නිර්මානය කරන්න උවමනාවක් තියෙනවා, නමුත් එකල ඔහුට තිබූ දැඩි ඉල්ලීම මත ඔහුගේ ගනන් හිලව් ඉතාමත් ඉහල මට්ටමක තිබුනු නිසා වැඩේ ටිකක් කල් ගියා. පසුව ගැලපෙන පිටපතක් නොමැතිකමින් නිෂ්පාදන කටයුතු පස්සට ගිහින් තියෙන්නේ කියලා. අවසානයේ සියල්ලන්ගේම මැදිහත්වීම මගින් කාලයට තාලයට ගැලපෙන පිටපතක් නිර්මානය කරගන්න නිශ්පාදක වරුන්ට හැකිවුනා. මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කලේ ජනවාරි 17 ත් වෙනිදා. ඒ Dr.Dolittle කියන චිත්‍රපටියත් සමගමයි. අවුරුද්ද පටන්ගද්දිම මේ චිත්‍රපටි දෙක තිරගත උන නිසා හැමෝම හිතුවේ Dolittle හොඳ ආදායමක් ලබාගනියි කියලයි. නමුත් කවුරුවත් බලාපොරොත්තු නොවුනු ආකාරයෙන් Dolittle අසාර්ථක වෙද්දී Bad Boys හිතුවෙවත් නැති දුරකට ගියා…

ඉතින් සුපුරුදු පරිදි Bad Boysරසිකයින්ව කලකිරවන්නේ නැතිව සුපිරිම සුපිරි කොමඩි, ඇක්ශන් චිත්‍රපටියක් බලාගන්න අපිට පුලුවන් උනා. අපි හිතුවෙවත් නැති පැත්තකට චිත්‍රපටිය ගලාගෙන ගියා. ඒවගේම ආරම්භයේ සිටම පුරුදු පරිදි මාර්කස්ගේ ඉල ඇට ඇදෙන විහිලු වලින්නම් ඉවරයක් නැති වෙලා තියෙනවා. මිනිහගෙ කතාවිලාශය, හැසිරීම් පවා සිනාව දනවන සුලුයි. මියාමි නගරයේ පොලිස් නිලධාරින් දෙනෙනෙක් ලෙස එදා ඉඳන් මෙ දෙන්නට සිද්ධවෙන කරදර වලනම් නිමක් නෑ. ඉතින් මිලියන 90 ක නිශ්පාදන පිරිවැයක් ගත්තු මේ චිත්‍රපටය දැනට මිලියන 408 ක ආදායමක් ලබාගෙන තියෙනවා. Columbia Pictures මගින් නිකුත් කරපු Bad Boys පසුගිය ජනවාරි මාසයෙ වැඩිය ආදායම ලබාගත්තු චිත්‍රපටය බවට පත්වුනා. ඒවගේම IMDb දර්ශකයේ 7.2 ක අගයකුත් Rotten Tomatoes හි 77% ක මනාපයකුත් Google පරිශීලකයින්ගෙ 99% මනාපයකුත් ලබාගෙන ඉතා ඉහලින් වැජබෙමින් ඉන්නවා. කලින් කතාවලට ලොකු සම්බන්ධයක් නැතිව වගේ පෙනුනට සෑහෙන ලොකු සම්බන්ධය තියෙනවා කියලා මං කියන්නම්. එහෙනම් මං කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

ඉසබෙල් අරේටස් කියන කනවැන්දුම් කාන්තාව ආර්මන්ඩෝ කියන තමන්ගේ පුතාගේ උදවුවෙන් මෙක්සිකෝවේ හිරගෙදරකින් පැනලා යනව. පස්සේ ඔහුව මියාමි වලට යවනවා ඔවුන්ගේ පියාගේ උරුමයක් වන සඟවලා තියෙන මුදල් ප්‍රමාණයක් හොයාගන්න, ඒ වෙන මොකකටවත් නෙමෙයි, ඉසබෙල්ගේ ස්වාමියා වන බෙනීටෝව සිරගත කිරීම සහ ඒ අතරතුර මියයෑමේ වේදනාවට පළිගැනීම උදෙසා. ඒ අතරේ මියාමි වල මාර්කස්ගේ දියණියගේ පලමු දරු උපතේ සතුට සමරමින් සිටිනා අතරතුර යම් හඳුනානොගත් පුද්ගලයෙක් විසින් මයික්ට වෙඩි තබනවා. ඔහු ජිවිතයත් මරණයත් අතර විශාල සටනක නිරතවෙනවා. ඉතින් කොහොමහරි අවසානයේ ඔහුගේ ජිවීතය රැකුනත් මේ ගැන වැඩිදුර සොයන්න වෙහෙසෙනවා. නමුත් ඒක ඉතා ලේසිපහසු කාර්‍යයික් නෙමෙයි, මොකද මෙවර තමන්ට ලැබිලා තියෙන දුෂ්ඨයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. හසුරවන්න ඉතා අපහසුයි වගේම ඔහු මිනීමරන යන්ත්‍රයක් මෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයෙක්..

ඉතින් ඇඟ කිලිපොලා යන දර්ශන මෙන්ම ඉවරයක් නොවන වෙඩි වරුසා මැදින් ගලාගෙන යන මේ චිත්‍රපටියේ ආස්වාදය මං ඔයාලගෙන් උදුරගන්නේ නෑ. මීට වැඩිය කතාව ගැන කියන්න යන්නෙත් නෑ, පුරා පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රේක්ශකයින්ව ඇඳ බැඳ තබාගන්න තරම් විශිෂ්ට ලෙස නිර්මාණය කර ඇති මේ සිත්තම් නරඹන්න ඔයාලට ආරාධනා කරන ගමන් මං මේ ලිපිය අවසන් කරනවා. අවසානයේ කියන්න තියෙන්නේ, අපි හිතුවෙවත් නැති තරම් සාධාරණයක් සිදුකරමින් අවසන් උන Bad Boys කතාමාලාවා අවසානයක් නොලබා තවත් කොටසක් දක්වා දිගු කර ඇති බවයි. එහෙනම් ඒකත් මතකයේ තියාගෙනම ලබාගන්න

Subtiltes By

රඛිත රණතුංග
(Baiscopelk)
IMDb Rating 6.5 159,110 votes
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles
Bad Boys for Life (2020) Sinhala Subtitles

ඉහත සිනමාපටයේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර Click කර එම List එකට පිවිසෙන්න

 

Steve Danton
Director

Cast

Will Smith isDetective Mike Lowrey
Detective Mike Lowrey
Martin Lawrence isDetective Marcus Burnett
Detective Marcus Burnett
Nicky Jam isZway-Lo
Zway-Lo
Joe Pantoliano isCaptain Howard
Captain Howard
Theresa Randle isTheresa Burnett
Theresa Burnett

Similar titles

Blonde (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ant-Man (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Boon (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Current War  (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spyder (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Masquerade (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Beach Rats (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Silent Forest (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malignant (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sherlock Holmes: A Game of Shadows (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X2: X-Men United (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tom and Jerry: Cowboy Up! (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published