Evo Player දවස් දෙක තුනක් වැඩ කරන්නේ නෑ යාලුවනේ. එතකන්  CS Player එකෙන් බලන්න පුලුවන්.

Bhairathi Ranagal (2024) | “ජනතාව වෙනුවෙන්”

 

මෙම චිත්‍රපටය නමින් Bhairathi Ranagal , මේක ගැන කියන්න කලින් කියන්න ඕනේ ඔයාල හැමෝටම මතක ඇති 2017 වසරේ කණ්නඩ සිනමාවේ අමතක නොවන මතකයක් උන Mufti චිත්‍රපටය අන්න ඒ චිත්‍රපටයේ ප්‍රීක්වෙල් එක තමයි මේ. ගොඩක් අය ඒක බලලා තියෙනවා ඒත් බලලා නැති කෙනෙක් ඉන්නවා නම් මේක බලලා Mufti (2017) බලන්න කියලා නිර්දේශ කරනවා.

හරි අපි දැන් අපේ කතාවට එමු.

Action/Drama ශාරණයට අයත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන්නේ Dr.ශිවරාජ් කුමාර් විසින් වන අතර චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස රුක්මිනී වසන්ත් රංඟනයෙන් දායක වෙනවා. මේ වන විට IMDB මීටරය තුල 7.7/10 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.

කතාව ගැන බැලුවොත් ,

මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ භෛරති රණගල් කියන පුද්ගලයා ජනතාව වෙනුවෙන් නැගීසිටිමින් ඔහු නිර්මාණය කරගන්නා විශාල අධිරාජ්‍ය ගැනයි. ඉතින් චිත්‍රපටය තුල ආදරය , සෙනෙහස ඒ විතරක් නෙමේ සුපිරි ඇක්ෂන් සීන් ටිකකුත් තියෙනවා.

Comments

January 8, 2025

❤️👍