මේ චිත්රපටය නිපදවා තිබෙන්නෙ 1986 වර්ෂයේදි. මෙය සුපක්රට ඇනිමේෂන් චිත්රපට අධ්යක්ෂකවරයෙකු වන ජපන් ජාතික Hayao Miyazaki විසින් අධ්යක්ෂණය කරන ලද්දක්. සංගීතය නිර්මාණය කර තිබෙන්නෙ Joe Hisaishi විසින්. මෙය නිෂ්පාදනය කර තිබෙන්නෙ සුප්රකට ජපන් ඇනිමේෂන් චිත්රපට සමාගමක් වන Studio Ghibli මගින්. ජපන් ඇනිමේෂන් චිත්රපට නරඹන අය නම් මේ නම් තුන හොඳට අහලා ඇති. මොකද මේ නම් තුන සඳහන් වන විශිෂ්ට ගණයේ ඇනිමේෂන් චිත්රපට රැසක්ම තිබෙනවා. මෙම චිත්රපටය 8.1 ක් වැනි ඉහල IMDB අගයක්ද ලබා තියෙනවා. දැනට ටික කාලෙකට කලින් මෙය IMDB හොඳම චිත්රපට 250 ලැයිස්තුවටත් අයිතිව තිබුනා. නමුත් මෑතකදි එය එම ලැයිස්තුවෙන් ඉවත්ව ගොසින්. ඔබ ඇනිමේෂන් චිත්රපට වලට ප්රිය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මෙය නරඹන්න. මොකද මේ වගේ ලස්සන රෑප රාමු, අලංකාර සංගීතය හා හොඳ කතන්දරයක් අන්තර්ගත මෙවැනි ඇනිමේෂන් චිත්රපට අපට දැක ගන්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. ඉතිං මෙවැනි චිත්රපටයක් කීයටවත් මග ඇරගන්න එපා.
මේ චිත්රපටයේ කතාව ගොඩනැගී තිබෙන්නෙ “ලපුටා” නැමැති මන:කල්පිත රාජධානියක් වටා. එය වසර ගණනාවකට පෙර ඉතා ඉහල තාක්ෂණයක් තිබු මිනිසුන් කොට්ටාශයක් වාසය කළ රාජධානියක්. ඔවුන්ට ඉතා ඉහල යුධ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ රාජධානියේ විශේෂත්වය තමා එය අහසේ පාවෙන දූපතක් වීම. මෙන්න මේ සැඟවුනු රාජධානිය සොයායන කුඩා ළමුන් දෙදෙනෙක් වටා තමයි මේ චිත්රපටය ගොඩනැගී තිබෙන්නෙ. මං මේකේ කතාව නම් ලොකුවට විස්තර කරන්න කැමති නැහැ. මොකද එය චිත්රපටයේ රසයට හානියක් වෙන නිසා.